මෙවරත් WWDC event එක ජූනි 9 සිට ජූනි 13 දක්වා පැවැත් වෙනවා. ගොඩක් දෙනෙක්ගෙ මේ පාර අවධානය යොමු වෙලා තිබ්බ apple software rebranding එකට. 2026 වසර වෙනුවෙන් apple එයාලගෙ සියලුම OS 26 ලෙස නම් කරන්න ඔවුන් කටයුතු කළා.
- iOS 26
- watchOS 26
- tvOS 26
- macOS 26
- visionOS 26
- ipadOS 26
iOS 26

මෙවර apple wwdc event එකේ දි OS සියල්ලටම අලුතින් special 'Liquid glass' නම් design එකක් හදුන්වල දුන්නා. User දෙන inputs සහ real time බලන content අනුව transform වීමෙ හැකියාව තියෙනවා. සරලවම glass එකක් වචන මත ඇදගෙන ගියාම bump වෙලා එන style එක මේකෙන් බලාගන්න පුළුවන්. Lock screen එකේ ඉදල apps වලත් මේ design එක එකතු කරල තියෙනවා.
Lock screen එකේදී මේ Liquid glaas එක clock එකේ notification වලදි වගේම unlock කරද්දි බලාගන්න පුළුවන්. ඒ වගේම special feature එකක් විදියට lock screen clock එක background එකේ object අනුව automatically resize වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ vision technique සහ neural network වල සහයෙන් lock screen එකට දාන background එක 3D effect එකක් කිරීමේ හැකියාව තියෙනවා.
Camera: ගොඩක් වෙලාවට පාවිච්චි කරන photo & video mode අතර left & right swipe කරලා මාරු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හරහා අනිත් modes වලටත් යන්න පුළුවන්. Liquid glass හරහා camera settings වල ලස්සන effect එකක් බලාගන්න පුළුවන්.
Photos: Background එකේ වගේම photo app එකෙත් capture කරන photo වල 3D effect feature එක බලාගන්න පුළුවන්.
Safari: දැං web pages Liquid glass design එක නිසා full view කිරීමේ හැකියාව තියෙනවා. Normally පාවිච්චි කරන search & refresh icons web page එක මත බලාගන්න පුළුවන්. Scroll කිරීමත් එක්ක මේ icons minimise වෙනව බලාගන්න පුළුවන්.
Face time: මේකෙදිත් normally පාවිච්චි කරන icons bottom එකට දාල තියෙනවා පහසුව වෙනුවෙන්. ඒ වගේම personalize කරන්න පුළුවන් landing page එකක් බලාගන්න පුළුවන්.
Carplay: Liquid glass design එක iphone එක හරහා car display එකෙත් බලාගන්න පුළුවන්. ඒ වගේම widgets customize කිරීමේ හැකියාවත් තියෙනවා. Developers ල iphone එක වෙනුවෙන් develop කරපු widget carplay එකටත් වැඩ කරනවා.
Phone: unique layout එකක් දීල තියෙනවා. Favorite contact top එකෙත්. Recent calls & voicemail bottom එකේ බලාගන්න පුළුවන්. Apple intelligent හරහා වැදගත් calls & voice mails recents වල top එකට අරගෙන ඒමේ හැකියාව තියෙනවා.
Call screening පහසුකම හරහා unknown numbers වලින් එන calls automatically silently pick කරල නම දැන ගත්‍තට පස්සෙ summary එකත් එක්ක call එක ring වෙනවා. බොහෝ වෙලාවට මේක scam calls මග හැරීමට ලොකු උදව්වක් වෙයි.
Hold agent හරහා ඇතැම් වෙලාවට service agent සම්බන්ධ වෙනකම් hold music එක identity කරගෙන hold හරහා call එක silent mood එක්කට වගේ දාන්න පුළුවන්. Service agent සම්බන්ධ වුනාට ඒබව දැන්වීමේ හැකියාව තියෙනවා.
Message: Apple intelligent හරහා හෝ තමන්ගෙම photo එකක් background එකට යෙදීමේ හැකියාව තියෙනවා. Group chat හරහා polls යැවීමට, cash යැවීමට වගේම typing indicator එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම unknown numbers හරහා එන mesaages unknown list එකේ බලාගැනීමේ හැකියව තියෙනවා. මේ හරහා අත්‍යාවශ්‍ය message විතරක් බලාගැනීමෙ හැකියාව තියෙනවා.
Genmoji: මේ හරහා emoji දෙකක් combine කරලා AI හරහා තමන්ටම අලුතින් emoji යක් හදාගැනීමේ හැකියාව තියෙනවා. AI වලට දෙන text description එකක් හරහාද emoji දෙකක් combine කරල අලුත් emoji යක් නිර්මාණය කරගන්න පුළුවන්.
Image playground හරහා chatgpt යොදා ගෙන image generate කිරීමෙ හැකියාව තියෙනවා.ඒ වගේම මේකෙදී in build තියෙන එක එක style apply කරන්න පුළුවන් වගේම තමන්ගෙම style එක්කට image එකක් recreat කරගන්න පුළුවන්. Developer ලට iamge playground API හරහා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.
Translation: Apple intelligent හරහා live translate feature එක message, facetime & phone apps වල බලාගන්න පුළුවන්. Message වලදි යවන message එක receiver ට ඕන භාෂාවට හරවල යවන්නත් receiver ගෙන් ලැබෙන message එක user ගෙ භාෂාවට translate කිරීමේ හැකියාවත් තියෙනවා. Face time සහ phone වලදීත් call එක translate කරන්නත්. User ග voice එක translate කරල receiver ට යවන්නත් පුළුවන්. මේක ipone එකක් නැති කෙනෙක්ට වුනත් translate voice එක යවන්න පුළුවන්. Developer ලට මේක call translation API එක හරහා apps වලට පාවිච්චි කරන්න පුළුවන්.
Music: ප්‍රධාන වශයෙන්ම lyrics translation සහ lyrics pronunciation පහසුකම බලාගන්න පුළුවන්. ඒක music එක තෙරුම් ගන්න වගේම රසවිදින්න ලොකු උදව්වක් වෙන්න පුළුවන්. AudoMix හරහා සිංදු දෙකක් combine කිරීමේ හැකියාව ලබා දීල තියෙනවා. ඒ හරහා DJ එකක් වගේ හදාගන්න පුළුවන්. Music pins හරහා කැමතිම artist, album & playlist app එකේ top එකේ තියාගන්න පුළුවන්.
Map: user ගෙ daily routine එක අදුරගෙන ඒකට අනුගත වීමේ හැකියාව තියෙනවා. ඒක මාරු වුනොත් ඒකට හැඩ ගැහීමේ හැකියාවත් මේ update හරහා ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය routine එකේ මොකක් හරි බාධකයක් වගේ තියෙනව නම් ඒ වෙනුවට වෙන මාර්ගයක් suggest කිරීමේ හැකියාවත් තියෙනවා.
Wallets: car key පහසුකම expand කරමින් මේකට තව company 13 සහය දක්වන්න යනවා. මේ හරහා iphone එක හෝ apple watch එක හරහා car එක lock unlock කිරීමේ හැකියාව තියෙනවා.
ID add කරගැනීමේ පහසුකම හරහා තමන්ගේ passport එක මගින් digital ID එකක් සාදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙය දැනටමත් USA හි state 9 කට ලබා දීල තියෙනවා.
ඒ වගේම apple pay හරහා කරපු orders වල tracking details email වලින් අරගෙන පෙන්වීමේ feature එකක් මේ update හරහා ලබා දෙන්න යනවා.
Games: මේ අලුත් app එක හරහා user ට personalize කරපු games බලාගන්න පුළුවන්. ඒ වගේම games events ගැනත් බලාගන්න පුළුවන්. ඒ වගේම මේක ps5 controllers සදහාත් සහය දක්වනවා. ඒ වගේම මේ හරහා යාලුවන් සමග සම්බන්ධ වී games play කරන්න challenge කරන්න පුළුවන්. Developers ලට මේ features තමන්ගෙ app එකට game center leaderboard එකෙන් බලාගන්න පුළුවන්.
Visual intelligent: මේකත් event එකේදී එළි දක්වපු special feature එකක්. මේ හරහා screenshot එකකින් ගන්න image එක්ක detail බලාගන්න පුළුවන්. Chatgpt හරහා වගේම google හරහාත් respond එකක් ගන්න පුළුවන්. මේක google lens වලට ටිකක් සමානයි. ඒත් මේ හරහා ලබා ගන්න screenshot වල තියෙන events තමන්ගෙ calendar එකට add කරගැනීමේ හැකියාව වගේම. Shopping කිරීමේ හැකියාවත් තියෙනවා. Developers ලට App intents හරහා මේ features තමන්ගෙ app එකට යොදා ගන්න පුළුවන්.
තව විස්තර මේ ලිපිය හරහා ඔබට කියවන්න පුලුවන්.

watchOS 26

Apple watch වලටත් liquid glass කියන design එක apple ල ඇතුළත් කරල තියෙනවා.
workout: watchOS සදහා අලුතින්ම හදුන්වා දුන්න workout buddy කියන feature එක හරහා user ගෙ fitness history එක හරහා user ව workout සදහා inspire කිරීමේ හැකියාව තියෙනවා. පසුගිය workout සමග සැසැදීම, workout කාලය සහ දහනය කළ කැලරි ප්‍රමාණය දන්වමින් user ව motivate කිරීමක් සිදු කරනවා. ඒ සදහා user ට කැමති voice එකක් තෝරාගැනීමේ හැකියාවත් තියෙනවා. මේ feature එක running, cycling ඇතුළු popular workout type කිහිපයකටම සහය දක්වනවා.
Smart stack: මේකෙදි user ඉන්න location සහ time එක අනුව personalize වීමේ හකියව තියෙනවා.
Notification: user ඉන්න ස්තානය අදුර ගෙන ඒ අනුව automatically notification & call sound Adjust කිරිමේ හැකියාව පවතිනවා. වැදගත් නොවන massage අත් චලනයක් මගින් ignore කිරීමේ හැකියව තියෙනවා.
Notes: Notes app එක දැං apple watch වල බලා ගන්න පුළුවන්. Quick note එකක් තියාගන්න වගේම, already save note එකක් මේ හරහා බලාගන්න පුළුවන්.
tvOS 26

Liquid glass නිසා apple tvOS වලට ලස්සන look එකක් ලැබිල තියෙනවා බලාගන්න පුළුවන්. Big screen එකකදි transparent විදියට apps & setting display වීමෙදි හොද look එකක් බලාගන්න පුළුවන්.
Apple tv: cinematic poster එක්ක advance controlling එකක් එක්ක apple tv app එක බලාගන්න පුළුවන්. ඒ වගේම start up එකේදි profile තේරීමේ හැකියාව තියෙනවා. මේ හරහා පවුලේ එකිනෙකාට personalized වෙච්ච experience එකක් එකම device එකකින් ලබා ගන්න පුළුවන්. මේ සදහා Developer ලට automatic sign in API එකක් ලබා ගන්න පුළුවන්.
Music: අලුත් update එක හරහා iphone එක mic එක කරගනිමින් visual effect එක්ක karaoke කීමේ හැකියාව ලැබෙනවා.
macOS 26

මෙවර appel විසින් macOS 26 හදුන්වා දී තිබෙන්නෙ 'macOS Tahoe' ලෙසයි. Widget, Docks, apps icon, menu bar වගේ ඒවට.Liquid glass හරහා unique look එකක් ලැබිලා තියෙනවා. Menu bar එක transparent වීම නිසා screen එක විශාලයි වගේ පේනවා.
ඒ වගේම folder වල color chang කිරීමට වගේම emoji add කිරීමෙ පහසුකමක් ලබා දීල තියෙනවා. ඒ වගේම macOS එකේ theme එක තමන්ට ගැලපෙන පරිදි වෙනස් කිරීමේ හැකියාවත් තියෙනවා.
Continuity: Live activity හරහා iphone එකේ activity macOS එකේ බලාගැනීමේ හැකියාව ලැබෙනවා. iphone mirroring හරහා එය control කිරීමේ හැකියාවත් ලැබෙනවා.
Spotlight: Action පහසුකම හරහා spotlight භාවිතයෙන් දැං බොහෝ දේවල් කරන්න පුළුවන්. Event planing, send email & creat braodcast.
Quick key පහසුකම හරහා සරලව command දීමේ හැකියාව ලැබෙනවා. (Send message = sm). මේ හරහාම message යැවීම, reminder add කිරීම, email යැවීම සිදු කරන්න පුළුවන්.
Gaming: Game overlay කියන feature එක මගින් setting වෙනස් කිරීමටන්, යහලුවන් සමග chat කිරීමට පුළුවන්. Apple විසින් Developers ල සදහා Metal 4 හදුන්වා දුන්නා. ඒ advanced rendering technology එකක් සමගයි.
visionOS 26

Widget: VisionOS වල widget customize කිරීමට සහ නිවස තුල ම widget user ට කැමති ස්තානයක තැබීම සිදු කල හැකී.ඒ වගේම home screen එක තුළ apps user ට කමතිවිදියට place කරන්න පුළුවන්.
VisionOS හරහා web page වලින් අනවශ්‍ය තොරතුරු ඉවත් කරලා article එකක් සදා ගැනීමෙ පහසුකමක් ලැබීමට නියමිතයි. ඒ වගේම web page එකේ තියෙන photo වලට 3D effect එකක් බලාගන්න පුළුවන්.
Personas: කලින් beta මට්ටමේ තිබුන මේ feature එක දැං visionOS 26 සමග ඒමට නියමිතයි. ඒ හරහා තමන්ගේම අනුරුවක් very accurate avatar එකක් හදා ගන්න පුළුවන්.
ඒ වගේම තමන්ගෙ vision pro එකේ setting & data iphone එකේ save කරල ඒව වෙන vision pro එක්ක භාවිතා කිරීමේ පහසුමකත් ලැබීමට නියමිතයි.
Vision pro සදහාම Logitech muse නම් අලුත් smart pen එකක් හදුන්වා දුන්නා. ඒ හරහා 3D simulated world එකක ඇදීම සිදු කළ හැකී. ඒ වගේම playstation VR2 sense controller හරහා game paly කිරීමේ හැකියාවද ලැබෙනවා.
ipadOS 26

iOS 26 එකේ වගේම ipadOS 26 හි phone, message, gamea feathers ගොඩක් දුරට සමානයි. Multitasking, file customizetion & Audio and video update ගැන මේකෙදි දැනුවත් කරා. ipadOS 26 ගැන වැඩිදුර තොරතුර ඔයාලට මේ article එකෙන් බලාගන්න පුළුවන්.

මේ තමා WWDC 2025 දී announce කරපු update. App store එකේ real review වලින් හදපු song එක්කින් event එක අවසන් කළා.