Loading...
Facebook විසින් නැවත වතාවක් Instagram Lite app එක නිකුත් කිරීමට කටයුතු කරයි, size එක 2MB

ජනප්‍රිය සමාජ මාධ්‍ය සේවාවන් බොහෝමයක් සදහා මේ වන විට Lite App Versions හදුන්වා දි තිබෙනවා. එලෙස හදුන්වා දි ඇති Lite Versions විදිහට Facebook Lite, Messenger Lite හා Twitter Lite වැනි සමාජ මාධ්‍ය Apps හදුන්වා දෙන්න පුළුවන්.

මෙලෙස හදුන්වා දෙන Lite App Versions අඩු ධාරිතාවයක් හා අඩු සැකසුම් බලයක් ඇති Entry-level, low-powered Android Smartphone සදහා හොදින් ගැලපෙනවා. Facebook සමාගම විසින් මේ වන විට Instagram සමාජ මාධ්‍ය සදහා ද Lite App Version එකක් හදුන්වා දි තිබෙනවා. මෙය Instagram Lite app නමින් ඉන්දියාව සදහා මේ වන විට හදුන්වා දි තිබෙනවා.

කෙසේ වෙතත් මිට පෙර Instagram සමාජ මාධ්‍ය සේවාව සදහා Lite App Version එකක් හදුන්වා දිම පිළිබඳව කටයුතු සිදු වුවත් එය අතර මග නවතා දමා තිබුණා. මේ නව Instagram Lite app එක පසුගිය දිනක ඉන්දියාවේ පැවති Facebook Event එකකදි හදුන්වා දුන් අතර එය "Facebook Fuel for India” නමින් ඉන්දියාව සදහා හදුන්වා දුන්නා. මේ Instagram Lite app එක 2MB ක ප්‍රමාණයේ වන අතර Main Instagram App එකේ තිබෙන Features බොහෝමයක් මේ Lite Version එක සදහාත් ලබා දෙන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ 2MB පමණ වෙන Instagram Lite Version App එකේ Reels, Shopping හා IGTV කියන Features ඉවත් කර තිබෙනවා. මේ මගින් Faster & Even Cleaner Experience එකක් Instagram Lite App එක මගින් ලබා ගැනිමට හැකි වෙනවා.

දැනට ඉන්දියාව සදහා පමණක් හදුන්වා දි ඇති අතර ඉදිරියේදි මේ App එක ගෝලිය වශයෙන් හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන්දියාව සදහා දැනට හදුන්වා දි ඇති මේ Instagram Lite App එකට බෙංගාලි, ගුජරාටි, හින්දි, කන්නඩ, මලයාලම්, මරාති, පන්ජාබි, දෙමළ සහ තෙළිඟු ඇතුළු දේශීය භාෂා ගණනක් ඇතුලත් කර තිබෙනවා.

Sources : Gizmochina, Beebom