Loading...
Smartphone එකේ ඡායාරූප සියල්ල පරික්ෂාවන නව AI විශේෂාංගයක් Facebook සඳහා නිකුත් කරයි

පසුගිය දිනක Meta සමාගම විසින් Facebook පරිශීලකයන් සඳහා නව AI විශේෂාංගයක් හඳුන්වා දුන්නා. මේ නව විශේෂාංගය මගින් ඔබේ දුරකථනයේ පවතින Photos මගින් Facebook තුළ පල කිරීමට සුදුසුම Photos, Videos තෝරා දෙනු ලබන අතර ඒවා Facebook තුළ පළ කිරීමට සුදුසු ලෙස Edit කිරීමත් සහ Collages, Recaps, AI Restyling ආදිය Automaticallyම සිදු කර දෙනු ලබනවා. කෙසේ වෙතත් මේ AI විශේෂාංගය සඳහා පරිශිලකයා විසින් තම Smartphone එකේ Photos සියල්ලම සඳහා ප්‍රවේශ විමේ හැකියාව ලබා දිය යුතුයි.

මෙහෙදි Photos සියල්ලම Meta Servers වෙත Upload වීම සිදු වන අතර ඉන් පසුව මෙම නව AI එක ඒවා Analysis කර වෙනස්කම් සිදු කර දෙනු ලබනවා. දැනට එක්සත් ජනපදයට සහ කැනඩාවට සඳහා පමණක් මෙම නව AI විශේෂාංගය ලබා දී තිබෙනවා.

Image Source-BGR

ඔබේ Smartphone එකේ පවතින Photos සඳහා ප්‍රවේශය ඉල්ලීම තුළින් ඔබේ සංවේදී දත්ත තියෙන Screenshot වගේ දේවල්ත් පරීක්ෂා වෙන්න පුළුවන්. එමෙන්ම Meta හි AI Model පුහුණුවට ඔබගේ Photos භාවිතා වෙන්න පුළුවන්. ඒක Professional Photographers ආදි අංශවල අයටත්, පුද්ගලික Photos ආදිය තියෙන අයට ගැටලුවක් වෙනවා.

Meta AI ඔබේ සියලුම Photos පරීක්ෂා කරනු ලබනවා. කෙසේ වෙතත් Meta සඳහන් කරන්නේ ඔවුන් ඔබේ දත්තවල ආරක්ෂාව තහවුරු කරන බවත්, මෙම AI Model එකේ පුහුණුව සඳහා පමණක් මේවා භාවිතා වෙන බවයි. එමෙන්ම ඒවා වෙළඳ දැන්වීම් (ads) සඳහා භාවිතා කරන්නේ නැති බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Source: Facebook techcrunch.com