Loading...
Zoom ට එරෙහිව Messenger - එක්වර 50ක්!

Messenger Rooms, Facebook සමාගමේ Zoom ආදේශකය දැන් Mobile සහ Desktop දෙකටම  release වෙලා තියෙනවා. Facebook Messenger එකේම වැඩි දියුණු කළ version එකක් විදිහටයි මේක එළිදැක්වෙන්නේ.

Image: Facebook

එකවර 50කට video chat කිරීමේ පහසුකම ලබා දෙන Messenger Rooms වෙත ඔබට Facebook app එකෙන් හෝ Messenger මගින් ද  සම්බන්ධ වෙන්න පුළුවන්. මේ "Room" එකක් News Feed එකෙන්, Group එකකින් හෝ Event එකකින් පටන් ගන්න පුළුවන්. ඒ වගේම Facebook account එකක් නැති කෙනෙක්ට වුනත් මේකට join වෙන්න හැකියාව තියෙනවා.

Image: Facebook

Messenger app එකේ People කොටසෙන් Room එකක් හදන්න පුළුවන්. මේකට නමක් දීලා, join වෙන්න පුළුවන් කාටද ආදී ලෙස සීමා පනවන්නත් ඔබට හැකියාව තියෙනවා. Chat link එක මගින් join වෙන්න, නැති නම් Publlic ලෙස, ඒ කියන්නේ friend list එකේ ඕනෑම කෙනෙක්ට join වෙන්න පහසුකම දෙන්නත් පුළුවන්.

Rooms තුළ හොඳ video quality එකක් තියෙනවා වගේම සුපුරුදු messenger features වන AR Filters, Virtual Backgrounds ඔබට Rooms තුළදීත් භාවිතා කරන්න අවස්ථාව තියෙනවා.

හැබැයි මේ calls, end-to-end encrypt වෙන්නේ නම් නෑ. Messenger වලදී කොහොමත් මේ encryption එක තිබුනෙත් නෑ. හැබැයි ඔබට Rooms report කරන්න හැකියාව තියෙනවා.

මේ Rooms feature එක දැන් Facebook ට අයිති WhatsApp වල beta version එකේ ඉන්න සමහර අයට enable වෙලා තියෙන බව කියනවා. නමුත් WhatsApp වලට මේ feature එක එන්න නම් තව ටික කලක් ගත වෙයි.

Facebook හරහා එකවර 50කට Video calls කිරීමට හැකියාව
Facebook සමාගම විසින් මේ දිනවල ඔවුන්ගේ සියලුම සේවාවන්වල Video call පහසුකම පුළුල්කිරීම වගේම අලුතින් විශේෂාංග හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන බවක්පෙනේ. පසුගියදා ඔවුන්, බිලියන 2ක් පමණ ප්‍රමාණයක් භාවිතා කරන, ලොව ප්‍රමුඛතමMessaging සේවාවක් වන Whatsapp සඳහාද වීඩියෝ ඇමතුමක් සඳහා එක් වරකද…
මීට පෙර අප විසින් මේ පිළිබඳ ගෙන ආ වාර්තාව