Loading...
Files app එක සඳහා Trash folder පහසුකම එකතු කිරීමට Google සමාගම සූදානම් වේ

Google සමාගම විසින් ඔවුන්ගේ Files app එක සඳහා favorite folder එකක් හා PIN-encrypted ‘Safe Folder’ පහසුකම ලබා දිමට කටයුතු කල බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ වගේම දැන් Google සමාගම විසින් ඔවුන්ගේ මේ Files App එක වෙත Trash Folder පහසුකම හදුන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා.

Xda Developers වෙබ් අඩවියට අනුව අපිට Files App එකේ Menu එක තුල Trash Option එක දැක ගන්න පුළුවන්. ඔවුන්ගේ වාර්තාවට අනුව Delete කරන Files සියල්ල දින 30ක කාලයක් සදහා මේ Trash Folder එකේ ගබඩා වි පවතිනවා. Delete කරන ලද Files සියල්ල අදාල දිනයට අනුව Sort විම සිදු වෙනවා. ඒ වගේම මේ Section එක මගින් ඔබට Files Restore කිරිමට මෙන්ම Delete කර දැමිමටත් හැකියාව ලැබෙනවා.

ඒ වගේම මීට අමතරව ලබා දෙන නව File Grouping එක මගින් අනවශ්‍ය ScreenShots මකා දැමිමට අවස්ථාව ලබා දි තිබෙනවා. මෙහි අවශ්‍ය පරිදි එක් එක් Screenshot එක හෝ Screenshots සියල්ල එක වර මකා දැමිමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම මෙලෙස Old Screenshots Suggests විම Permanently Hide කිරිම හෝ දින 07ක් සදහා Temporarily Disable කිරිම සිදු කරන්න පුළුවන්.

මේ Trash Folder එක මගින් අපිට වෙනත් Recycle Bin App යොදා ගැනිම නවත්වා අපේ දත්ත ආරක්ෂා කර දිමට උපකාරි වෙනවා. තවමත් මේ Trash Folder Feature එක සියලුම Beta Versions සදහා ලබා දි නොමැති වෙනවා. ඉදිරි Beta Version එකක් මගින් මේ Feature එක සියලු Beta Usersලා සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන් පසුව ඔවුන් විසින් Stable Version එකක් ලබා දි සියලු Files App Usersලා වෙත මේ Trash Folder Feature එක ලබා දිමට කටයුතු කරනු ඇත.

Sources : Xda Developers, Beebom