Loading...
Google සමාගම විසින් Files app එක සඳහා favorite folder එකක් හඳුන්වා දීමට සැලසුම් කරයි

ඔබට මතක ඇති මිට පෙර අප Google Files වෙත Safe Folder Feature එක ලබා දිමට සුදානම් බවට ලිපියක් ගෙනා ආවා.

දැන් ඔවුන් කටයුතු කරමින් ඉන්නේ අපිට වැදගත් වෙන එදිනෙදා නිතරම භාවිත වෙන Files අපිට ලෙසියෙන් හොයා ගන්න පුළුවන් තැනක අඩංගු කිරිමටයි, ඒ Favorite Folder එකක් විදිහට.

Favorite Folder වෙත Add to favorite මගින් ඔබට අවශය Files එකතු කර ගැනිමේ හැකියාව තිබෙනවා.

අනිවාර්යයෙන්ම මේ Favorite Folder Option එක අපිට ගොඩක් වැදගත් වේවි. මේ තුලින් අපිට එදිනෙදා අවශ්‍ය වන Files ඉතා ඉක්මනින් සොයා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙහිදි වෙනම ඒ Files Copy කර තබා ගැනිමක් අවශය නොවන නිසා ඔබගේ Storage එක පිරියාමක්ද සිදු වන්නේ නැ.

තවමත් මේ Favorite Folder Feature එකත් නිල වශයෙන් ලබා දිලා නැති වුනත් මේ Feature එක Google Files Beta Update එක මගින් ඉක්මනින්ම ලබා දෙනු ඇත.

SOURCES : Beebom, XDA Developers