Loading...
Geekbench එකේට ආපු Xiaomi පවුලේ අළුත්ම සාමාජිකයා

කවුරුත් දන්න ප්‍රසිද්ධ benchmark portal එකක් වෙන Geekbench එකේ අලුත් smartphone එකක් appear වෙලා තියෙනවා. ඒ ලෝ ප්‍රකට Xiaomi සමාගමේ නිර්මාණයක් වන XIAOMI Mi 10 e නමින් හඳුන්වන smartphone එකක්. මේක Geekbench එකේ සඳහන් වෙනකල් කවුරුවත් නොදැන සිටීමද පුදුමයක්!

Geekbench එකෙන් confirm කරන විදිහට මේ smartphone එක single-chip Samsung Exynos 990 SoC processor එකකින් සමන්විත වෙනව වගේම මේකට 8 GB RAM එකක් equip වෙලා තියෙනව. ඒ වගේම මේක ක්‍රියාත්මක වෙන්නෙ Android 10 කියන මෙහෙයුම් පද්ධතියෙ වීමත් විශේෂත්වයක්.

Single threatened mode එකේදි මේ අලුත් smartphone එක points 913 ක් රැස් කරගන්නට සමත් වෙලා තියෙනව වගේම Samsung Exynos 990 Single-Chip system එකේ cores සියල්ලම utilize කරාම points 2755 ක් රැස් කරගන්නට සමත් වෙලා තියෙනව.

ඉතින් මේ smartphone එක මේ වෙද්දි ලෝකෙ ප්‍රසිද්ධ benchmark portal එකක test කරල අවසානයි. නමුත් Xiaomi ල මේකට අලුත්ම Exynos 990 එක පාවිච්චි කරේ ඇයි කියන ප්‍රශ්නය නම් ඉතුරු වෙනවා. මොකද Snapdragon 865 වගේම සමහර අවස්ථාවල MediaTek Helio G90T කියන platform එක එක්ක පවා සසඳන අවස්ථා වලදි මේකෙ efficiency එක අඩු නිසා.

Samsung ලා දිග කාලයක ඉඳන් ඒගොල්ලන්ගෙ flagships වලට use කරේ Exynos සහ Qualcomm Snapdragon platforms. මොකද අලුත් SoC Snapdragon නිකුත් කරද්දී ඇති උන ඉල්ලුම වැඩිවීමත් එක්ක market shortage එකක් ඇති වුන නිසා. නමුත් මේ වෙද්දි Snapdragon 865 රිලීස් වෙලා මාස ගානක් ගෙවී ගිහින් තියෙනව වගේම මේ platform එක විවිධාකාර smartphones රාශියක භාවිතා වෙනව.

ඒ වගේම මෑතකදි, Samsung ලගෙ අලුත්ම processor එකක් වෙන Exynos 1000 එකේ තොරතුරු ලීක් උනා. පෙර නොවූ ආකාරයකට මේ processor එක use කරන්නෙ RDNA GPU technology එක වීම විශේෂත්වයක්. Mali GPU එක replace කරන ගමන් මේක Samsung ලා authorize කරන්නෙ පසුගිය ජූනි මාසයේදී යි.

RDNA GPU technology එක use කරන නිසා මේකේ running score එක ගොඩක් ඉහල මට්ටමකයි තියෙන්නෙ.Manhattan 3.1 වල 181FPX විදිහට score කරන්න මේක සමත් වෙනව වගේම ඒක Snapdragon 865 තියෙනAdreno 650 GPU එකේඅගයට වඩා 50% ක වර්ධනයක් වීම විශේෂත්වයක්.

Aztec ruins (normal) test එකේදි Exynos 1000 processor එක FPS 138ක අගයක් ගන්නවා. ඒක Snapdragon 865 ට වඩා 2.5 ගුනයක අගයක්. ඒ වගේම Aztec ruins (high) test එකේදි මෙහි අගය FPS 58 ක් විදිහට සඳහන් වෙනවා. ඒක Snapdragon 865 ට වඩා 3 ගුනයක අගයක් වීම විශේෂත්වයක්.

සැ.යු. - කවරයේ ඇති ඉමේජ් එක සඳහා යොදාගෙන ඇත්තේ Mi 10 Pro ජංගම දුරකථනයක ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න.

Source - GizChina, Slashleak

ඉතින් මේ එක පාරටම මතු වුන අලුත් smartphone කතාව fake news එකක් ද මොකක්ද?

උත්තරේ ඔව්! මේක fake news එකක්. කොහොමද ෆේක් නිව්ස් එකක් කියල හරියටම කියන්නේ. එක හේතුවක් තමයි මේ නිව්ස් එක ගැන කොහේවත් වැඩිය කතා බහ වෙලා තිබ්බේ නැති එක සහ geekbench එකේ කිසිම සටහනක් මේක ගැන නොතිබීම. ඒ එකකම පල්ලෙහා තියෙන හේතුත් මේක fake news එකක් කියල හඳුනා ගන්න හේතු සාධක උනා.

මේක fake කියල කියන්නෙ ඇයි?

1. මේකේ දීලා තියෙන picture quality එක ගත්තම පහල මට්ටමකයි තියෙන්නෙ.

2. මේකෙ පල වෙලා තියෙන screenshot එකේ “Result Information” field එක එහෙමත් නැත්නම්, test එකට අදාල number of views, සහ මේක check කරපු දින කාල වකවානු ගැන සඳහනක් නෑ.

මේ test එකට සාක්ෂි විදිහට ලැබෙන්නෙ ඒ screenshot එක විතරයි. GeekBench website එකේ වත් මේ ගැන කිසිම තොරතුරක් නෑ. ඒ වගේම මේ device එක අඩුම තරමෙ “Pseudo-device” එකක් වත් නෙමේ. සාමාන්‍යයෙන් parameters improve කරපු device එකක් ටෙස්ට් කරාම ඒකෙ result එකට link එකක් අපිට site එකේදි දැක බලාගන්න පුලුවන්. ඒත් මේ අවස්ථාවේදී එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.

3. මේ ගැන විස්තර පල කරල තියෙන්නෙ විශ්වාසදායී තොරතුරු සපයන්නෙක් විසින් නෙවේ.

4. ඊලඟ හේතුව තමා මේකට කිසිම source field එකක් නෑ. වෙනත් විදිහකට කියනව නම් මේ test එක ගැන GeekBench එකේ කිසිම link එකක් නෑ. මොකද මේක තනිකරම schoolboy කෙනෙක් හදපු fake news එකක් නිසා.

ඉතින් අපිට කිසිම විදිහකට නිගමනයකට එන්න බෑ ඒ වගේ processor එකක් තියෙන ඩිවයිස් එකක් Xiaomi ල නිකුත් කරයිද කියන එක ගැන!

කොහොමද පාසල් ශිෂ්‍යයෙක් මේ වගේ fake news එකක් හදන්නෙ?

උත්තරය සරලයි. ඒ තමා “Quarantine”, මේ කාලේ හැමෝම ඉගෙන ගන්න එකටම ඇලිල ඉන්නෙ නෑනේ. ඉතින් ඔය වගේ මෝඩ වැඩ කරන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො, Exynos 990 processor එක තියෙන device එකක් ගන්නව, ඉතින් ඒක ගැන සර්ච් කරාම Samsung GalaxyS20 Ultra වගේ ඩිවයිස් එකක් ගැන GeekBench එකේ test results බලලා Developer mode එක on කරගෙන fake news එක හදාගන්නවා. Bingo! වැඩේ ලේසියී, පහසුයි.

ඔය පල්ලෙහයින් තියෙන්නේ Redmi 10E කියන ඩිවයිස් එකේ විදිහට හදපු ෆේක් Geekbench එකක්. ඒකේ තියෙන්නෙත් Exynos 990ම තමා.

නිගමනය

ඉතින් අපි ඉස්සරහ මේ තියෙන්නෙ geekBenchcheck එකක fake result එකක්. ඉතින් මෙක ගැන වද නොවී අපිට කරන්න තියෙන්නෙ අවධානයක් නොදී තවත් එක් fake news එකක් විදිහට මේක සලකල බැහැර කරන එකයි.

ඒත් ඇයි Android වැඩකාරයෝ මේ වගේ fake news එකක් අරගෙන ඒක දාල ඒ news එක යටින්ම ඒක fake news එකක් විදිහට සඳහන් කරේ?

ඒකට ලොකු හේතුවක් තියෙනවා. Android වැඩකාරයෝ කියන්නේ ලංකාවේ සිංහල කතා කරන ටෙක් ගැන ඇම්මක් තියෙන සහ ඒ ගැන නිතරම හොයන අයට ලෝකයේ සිදු වෙන තාක්ෂණික වෙනස්කම් අලුත් ටෙක් නිව්ස් වගේ ගොඩක් දේවල් නිවැරදි තොරතුරු නිවැරදි විදිහට, පිලිගත හැකි සාධකත් අරගෙන ඉතාමත් ඉක්මනින් සිංහල භාෂාවට පරිවර්තනය කරලා ඔයාලට අරං එන ලංකාවේ හොඳම තාක්ෂණික වෙබ් අඩවිය විදිහට කිරුළු පැලදි වෙබ් අඩවියක්.

අපිට ඕන උනා අපි කොහොමද නිව්ස් එකක් අරං එන්නේ, කොහොමද ඒකේ සත්‍යතාවය තහවුරු කරගන්නේ, කොයිතරම් ප්‍රවේසමක් දරණවද අහන දකින ලැබෙන තොරතුරක් නිවැරදිව ඔයාලට අරං එන්න කියන එක විස්තරාත්මකව ප්‍රායෝගිකව පැහැදිලි කරන්න.

මේ තියෙන්නේ Twitter එකේ Thimira Madhusanka Thenuwara අයියගේ මිතුරෙක් ඔය ගැන එයාගේ වෙබ් සයිට් එකේ කරපු සටහනක්. මේ ගැන තිමිර අයියා ඒ ගෲප් චැට් එකේ කතා කරනකොට තමයි එයාල කියල තියෙන්නෙ මේක fake news එකක්, මෙන්න බලන්න කියලා එයාගේ S20 Ultra එකෙනුත් ඒ විදිහට කරල පෙන්නලා තියෙන්නේ එයා ලියපු blog post එකත් එක්කම.

මං හිතන්නේ ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද අපි ඔයාලට නිව්ස් අරං එන්නේ කියල. ඉතිං හැමදාමත් fake නොවන real news බලන්න Android වැඩකාරයෝ එක්ක රැඳී සිටින්න.