Loading...
ශ්‍රී ලංකාවේ පළමු Electric SuperBike එක වන Genesis Ark 1 හඳුන්වා දීමට Genesis සමාගම සූදානම් වේ

ලොව පළමු AI Powered Electric Super Bike එක මෙන්ම අග්නිදිග ආසියාවේ පළමු Electric Super Bike එක හා ශ්‍රී ලංකාවේ පළමු AI Powered Electric Super Bike එක වෙන Genesis Ark 1 Super Bike එක පිළිබඳව තොරතුරු පසුගිය දිනක Genesis සමාගම විසින් අනාවරණය කරනු ලැබුවා.

Genesis Core Technologies සමාගම විසින් නිපදවිම බලාපොරොත්තු වෙන මේ Super Bike එක නවිනතම තාක්ෂණයෙන් යුතු E-Bike එකක් වෙනවා.

මෙය 82KW බලයක් ලබා ගත හැකි Electrical Motor එකකින් සමන්විත වන යුතු අතර ඒ මගින් පැයට කිලෝමීටර් 120ක (120kmph) දක්වා වු වේගයක් ලබා ගැනිමට හැකි වෙනවා. මේ Electric Super Bike එක 14.4KW Battery Pack එකකින් බලගැන්වෙන අතර ඒ මගින් සැතපුම් 180කට ආසන්න දුරක් ධාවනයේ යෙදිය හැකි වෙනවා. ඔවුන් දක්වන ආකාරයට නාගරික මෙන්ම විවෘත මාර්ගයක වුද මීට ආසන්න දුරක් ධාවනයේ යෙදිය හැකියි.

Thermal imaging හා HD A.I vision Featuresවලින් සමන්විත වෙන අතර මේ Features මගින් ධාවකයාගේ ආරක්ෂාව මෙන්ම හැසිරවිමේ පහසුකමත් වැඩි කිරිමට සමත් වෙන බවට ඔවුන් පවසා තිබෙනවා. මේ Super Bike එක සදහා driver-pedestrian safety accident avoidance system එකක් හදුන්වාදි තිබෙන අතරම vibration indicators වලින් ධාවකයාට ඒ ඒ අවස්ථාවට අදාල සංඥා ලබා දෙනවා.

මේ E-Superbike එක 14.4KW Li-Ion හා Li-Polymer hybrid battery pack වලින් සමන්විත වෙනවා. මෙහි Li-Polymer swap-able battery pack එකක් ද අඩංගු වෙනවා. මේ Battery Packs Rapid charging පහසුකමෙන් යුතු අතර Battery සදහා Liquid Cooling තාක්ෂණය හදුන්වා දි තිබෙනවා.

ඒ වගේම මේ Genesis Ark 1 Super Bike එකේ බඳ, එනම් ටැංකිය මත අගල් 10ක පමණ Smart Touch Screen එකක් ලබා දි තිබෙනවා. මේ මගින් අපේ Smartphone එක සමග Bike එක සම්බන්ධ කල හැකි වෙන අතරම ඒ මගින් Navigation, GPS සහය ලබා ගත හැකි වෙනවා. මේ System එකට Android Ready සහය ලබා දි තිබෙනවා.

මේ Bike එක Keyless වෙන අතරම Fingerprint ඔස්සේ පණ ගැන්විමට හැකියාව ලබා දි තිබෙනවා. ඒ වගේම Clutch less Direct drive transmission එකක් මේ Super Bike එකට ලබා දි තිබෙනවා.

මීට අමතරව Android Ready, Fingerprint Access, Auto stand, Voice enable, Regenerative declaration, AC induction motor, Rapid charging ආදි නවීන සුපිරි තාක්ෂණයෙන් යුතු Electric Super Bike එකක විදිහට මේ Genesis Ark 1 Super Bike එක හඳුන්වා දෙන්න පුළුවන්.

-A proud Made In Sri Lanka product by Genesis Core Technologies-

Sources : Evshift, Genesis Core Technologies