මේ වන විට තාක්ෂණය පිළිබඳව වඩා උනන්දුවෙන් පසුවන පාඨක ඔබ සඳහා ඇති ප්‍රධානතම උනන්දුවක් වන්නේ මේ වන විට ලොව පුරා නැගී එන AI තාක්ෂණය හා සම්බන්ධ යෙදවුම් වල ක්‍රියාකාරීත්වය වේ. කාර්මික විප්ලවය ඇතිවූ කාලයේ දී මතුවූ ප්‍රධානතම ගැටලුවක් බවට පත්වූයේ ඒ වන විට කාර්මික විප්ලවය ආරම්භ වන රටවල් තුළ කාලයක් තිස්සේ ගමන් කළ රැකියා සහ ජන ජීවිතය අහිමි වීම සම්බන්ධවයි. එය ජනතාව තුළ තරමක මිත්‍යා මතයන් නිර්මාණය කිරීමට හැකිවූවා සේම ඇතැමුන් ගේ "හිස් ගෙඩි" වලට වැරදි ආකල්පයන් ඇතුලත් කිරීමට පවා හැකිවිය.
නමුත් ලෝකයේ යථා ස්වාභාවය අනුව සෑම කාලයම අපට එකම ආකාරයට ගතකළ නොහැක. එම කාලය තුළ නව තාක්ෂණික පුනරුදයන් වෙත දෝෂදර්ශණයන් එල්ල කළ ජනතාවට පසුකාලීනව එහි වැදගත්කම පසක් වූවා සේම මේ වන විට ආරම්භ වී ඇති "කෘතිම බුද්ධියේ පුනරුදය" පිළිබඳව ද අප තුළ අනිසි බියක් ඇතිකරගත යුතු නොමැත.

පාඨක ඔබ සඳහා අප විසින් මීට දින කිහිපයකට පෙර ගෙන ආ ලිපියක් ඔස්සේ සඳහන් කරනු ලැබූවේ Google Search Engine එක සඳහා අභියෝගයක් වශයෙන් Microsoft සමාගම විසින් OpenAI හි GPT තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර එළි දක්වන ලද New Bing ලෙස නම් කළ නව සංස්කරණය පිළිබඳවයි. ඒ පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් නොවන්නේ නම් හෝ ඒ පිළිබඳව නැවතත් කියවා දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් මෙම සබැඳිය ඔස්සේ එම ලිපිය පරිශීලනය කරන්න.
කෙසේ වෙතත් මේ වන විට Google සමාගම හා ChatGPT වැනි AI ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද යෙදුම් සමග ඇතිවී තිබෙන සීතල යුද්ධය අතරේ Google සමාගම විසින් සිය බර අවියක් නිදහස් කිරීමට සැරසෙන බවක් අප වෙත පෙනී ගියේ පසුගිය දිනෙක ඔවුන් විසින් පළ කර තිබූ පුවතක් හේතුවෙනි. ඒ පිළිබඳව විස්තර ඔබට මෙම ලිපිය ඔස්සේ දැනගත හැකිවේ.
Google වෙතින් එන Bard

Google සමාගම මීට වසර කිහිපයකට පෙර සිටම AI හි නැඟී ඒමක් පිළිබඳව පුරොකථනයන් සිදුකළ අතරම ඒ සඳහා ආයෝජනයන් ද සිදුකිරීම කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් Google සමාගම මීට වසර දෙකකට පමණ ඉහතදී LaMDA (Language Model for Dialogue Applications) නැතහොත් සංවාද යෙදුම් සඳහා භාෂා ආකෘතියක් (Language Model) එකක් එළිදක්වන ලදී.
එලෙස එළිදක්වන ලද LaMDA ආශ්‍රය කරගනිමින් Google සමාගම විසින් සංවාදාත්මක AI සේවාවක් (Conversational Ai Service) නිකුත් කිරීම සඳහා අඩිතාලම තබන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ නවතම AI යෙදවුම වන Bard පසුගිය දිනෙක එළිදක්වන ලදී.

මේ වන විට ලොව පුරා පවතින ජනප්‍රියතම යෙදවුම බවට පත් වූ ChatGPT හට අභියෝගයක් විය හැකි මෙම යෙදවුම බොහෝ විචාරකයන් නම් කරනු ලබන්නේ "ChatGPT Killer" වශයෙන් වේ. මන්දයත් මෙම යෙදවුම් දෙකම සංවාදාත්මක AI සේවාවන් දෙකක් වන නිසාවෙනුත් Google හට තරඟකාරීව පවතින Microsoft Bing වෙතට GPT තාක්ෂණය සම්බන්ධ කරමින් නව සංස්කරණයක් එළිදැක්වූ නිසාවෙනුත් ය.
මෙම Bard AI හි එළිදැක්වීම පිළිබඳව Sundar Pichai විසින් පළ කර තිබූ Twitter සටහනක් පහත සඳහන් වේ.
2/ Bard seeks to combine the breadth of the world's knowledge with the power, intelligence, and creativity of our large language models. It draws on information from the web to provide fresh, high-quality responses. Today we're opening Bard up to trusted external testers. pic.twitter.com/QPy5BcERd6
— Sundar Pichai (@sundarpichai) February 6, 2023
Google සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම Bard හරහා පරිශීලක ඔබ සඳහා විශාල පහසුකම් ප්‍රමාණයක් අත්විඳිය හැකි අතර එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ එම සමාගම විසින් මේ වන විට නිර්මාණය කර ඇති Language Models විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් විවිධ මූලාශ්‍ර වල පවතින තොරතුරු ඉතාම කාර්යක්ෂමව සහ නිරවද්‍යව ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
Bard is an experimental conversational AI service, powered by LaMDA. Built using our large language models and drawing on information from the web, it’s a launchpad for curiosity and can help simplify complex topics → https://t.co/fSp531xKy3 pic.twitter.com/JecHXVmt8l
— Google (@Google) February 6, 2023
මේ සඳහා ඔවුන් කදිම නිදසුනක් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම සේවාව හරහා ඔබට NASA ආයතනය මගින් සිදුකරන මෙහෙයුමක් වන James Webb දුරේක්ෂය හරහා සිදුකරන පර්යේෂණයක් ඔබගේ අවුරුදු 9ක් පමණ කුඩා දරුවාට පවා වැටහෙන අන්දමින් පැහැදිලි කිරීමට මෙම AI යෙදවුමට හැකියාව පවතින බවයි. එමෙන්ම ඔබට Football ක්‍රීඩාවේ මේ වන විට සිටින ප්‍රධානතම ක්‍රීඩකයන් පිළිබඳව අධ්‍යනය කිරීමටත් එයින් පසුව ඔබට ඒ ආකාරයෙන් ඔබගේ දක්ෂතා නංවාගැනීම සඳහා අවශ්‍ය පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍යය තොරතුරු ලබාගැනීමටද හැකියාව අති බව සඳහන් කරනු ලබයි.
Bard භාවිතා කරන්නේ කෙසේද?
Google Bard සලකන විට එය ChatGPT හි ක්‍රියාකාරීත්වයට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කරන්නේ නැත. එහි පවතින ආකාරයටම Text area එකක් තුළ අපට අවශ්‍ය වන Keywords ලබාදීමෙන් අනතුරුව අප හට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ අවස්ථාව පවතී. පහත සඳහන් වන්නේ Google Bard භාවිතා කර ලබාගත් ප්‍රතිඵලය ඡායාරූපයක් වේ.

Bard නිකුත් වීම පිළිබඳව.
මේ වන විට Bard හි එළිදැක්වීම සිදුකළ ඇති නමුත් සියලුම පරිශීලකයින් සඳහා මෙම යෙදවුම භාවිතා කිරීම සඳහා අවස්ථාව දැනට නොමැත. නමුත් Google සමාගම සඳහන් කරනු ලබන ආකාරයට නුදුරේදීම මෙම Bard භාවිතා කිරීම සඳහා පරිශීලකයන් හට අවස්ථාව උදාවනු ඇත.
Sources: dataconomy.com aljazeera.com blog.google.com searchenginejournal.com