Loading...
Google පැරදවීමට සමත් වන ආකාරයේ සෙවුම් පද්ධතියක් Microsoft සහ ChatGPT එකතුවෙන්?

අප විසින් පසුගිය දිනක පළ කරනු ලැබූ ලිපියක් මගින් ඔබ වෙත ගෙන ආවේ මේ දිනවල මහත් සේ ජනප්‍රියතාවයට පත්වී තිබෙන කෘතිම බුද්ධිය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති ChatGPT නම් යෙදවුම ඉදිරි වසර දෙක තුළ දී Google සෙවුම් පද්ධතිය වෙත ඇතිකරන බලපෑම පිළිබඳව ය. එම ලිපිය මෙම සබැඳිය ඔස්සේ ඔබට කියවිය හැකියි.

එම ලිපිය මගින් අප සඳහන් කරනු ලැබූවේ ChatGPT හි ක්‍රියාකාරීත්වය හේතුවෙන් සහ Google සෙවුම් පද්ධතියට වඩා ඉතාම කාර්යක්ෂමව සෙවීමට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආකාරයත් පිළිබඳව වුවත් මෙම ලිපිය ඔස්සේ එයට වඩා Google සමාගමේ Google සෙවුම් පද්ධතිය වෙත බලපෑමක් එල්ල කළ හැකිවන යෙදවුමක් පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. ඒ Microsoft සමාගම ChatGPT හා එක්වී අලුතෙන්ම හඳුන්වා දුන් Microsoft Edge සෙවුම් පද්ධතියේ නවතම යාවත්කාලීන කිරීමයි.

Source: bgr.com

Microsoft සමාගම OpenAI සමග කලක පටන් ඇතිකරගෙන තිබූ ගිවිසුම් පසුගිය දිනෙක දීර්ඝ කිරීම සිදුකළ අතර ඔවුන් සඳහන් කරනු ලැබූවේ OpenAI සමග ඉදිරියේදී Microsoft පාරිභෝගිකයන් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබාදීමට සූදානම් වන බවයි. එහි කූටප්‍රාප්තියක් වශයෙන් Microsoft Edge browser එක සඳහා නව විශේෂාංග කිහිපයක් එක කරමින් නව සංස්කරණයක් නිකුත් කිරීමට සමාගම කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

Source: theverge.com

මෙය ඔවුන් "New Bing" ලෙස හඳුන්වන අතර Microsoft සමාගම විසින් සඳහන් කරන්නේ පරිශීලකයන් හට Web Browse කිරීම සඳහා සංවාදාත්මක AI පහසුකමක් ඔවුන්ගේ Edge Browser එක හරහා ලබාදීමට අදහස් කළ බවයි. එමගින් පරිශීලකයන් හට ChatGPT තුළ ක්‍රියාකළ ආකාරයට සමානව Bing හරහාද සංවාදාත්මක විලාශයෙන් හා Natural Language භාවිතා කර කටයුතු කිරීමට අවස්ථාව උදාවන බවයි.

මෙම New Bing එළිදැක්වීමේදී සඳහන් වූ ප්‍රධානතම කරුණක් වන්නේ OpenAI සමාගම සිය නිර්මාණයක් වන ChatGPT සඳහා භාවිතා කරනු ලබන GPT නම් වූ භාෂා සැකසුම් ආකෘතිය මෙම Bing හි යාවත්කාලීන කිරීම සඳහා භාවිතා කර ඇති බවයි.

Source: theverge.com

මෙම AI තාක්ෂණය මගින් බලගැන්වෙන Search Engine හි භාවිතය ඉදිරියේදී තරමක ඉහළ භාවිතයකට නැඹුරු කිරීමට හේතුවන බව බොහෝ විචාරකයන් මත පළ කරමින් සඳහන් කර සිටී. එමෙන්ම බොහෝ පරිශීලකයන් මෙන් Google Chrome Download කිරීම සඳහා පමණක් Edge භාවිතා කිරීමේ රැල්ල ද මින් පසුව තරමක් දුරට හෝ බොහෝ සෙයින් පහව යනු ඇති බවට මාගේ අදහසයි.

මෙම Bing පහසුකම මේ වන විට සියලුම පරිඝණක සඳහා නිකුත් කර නොමැති වුවත් ඉතාම සීමිත ප්‍රමාණයකට ලබාදීමට Microsoft සමාගම කටයුතු කර ඇත. මෙහි සම්පූර්ණ සංස්කරණය ඉදිරි සති කිහිපය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරයි. එයට අමතරව මෙම සංස්කරණය ලබාගැනීමට බලාපොරොත්තු වන්නෙ නම් ඔබට එහි Waiting List එක වෙතට ඇතුලුවීම ද සිදුකළ හැකිවේ. එහිදී Microsoft ගිණුම් මගින් Sign in වන පරිශීලකයන් සඳහා වැඩි ප්‍රමුඛතාවය ලබාදෙන බවට සඳහන් වේ.

පහත සඳහන් වන්නේ මෙම Bing භාවිතයෙන් ඉදිරියේදී ඔබ වෙත අත්දැකීමට ලැබෙන ChatGPT වලට සමාන සේවාවන් කිහිපයකි.

The new “chat” feature in Edge will let users ask an AI chatbot questions about the document they’re looking at
“Compose” will offer writing assistance in Edge.

කෙසේ වෙතත් මෙලෙස ආරම්භ වී පවතින AI යුද්ධය මගින් ඉදිරි අනාගතයේදී දැවැන්ත පෙරළියක් අත්දැකීමට හා පරිශීලකයන් වන අප හට ඉතාම වැදගත් සහ ආරක්ෂාකාරී සේවාවන් රැසක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකිවේ.

Sources: blogs.microsoft.com www.bloomberg.com www.theverge.com bgr.com