Loading...
Google Chrome වැඩ කෑලි

Google Chrome; Android Smartphone එකක් මිලදී ගනිද්දී අපට බලෙන්ම වගේ දෙන Web Browser එක. මීට වඩා හොඳ  Web Browsers තිබුනත් තවමත් වැඩි දෙනා භාවිතා කරන්නේ Google Chrome ම තමයි.

Desktop version එක තරම් ම Android version එක බලසම්පන්න නැති වුනත්, තිරය පිටුපස තියන ඇතැම් features activate කරගැනීමෙන් ඔබට ඔබේ Web Browsing අත්දැකීම වඩාත් කාර්යක්ෂම හා වේගවත් කරගන්න පුළුවන්. මේ එවැනි විශේෂාංග කීපයක්.

Dark Mode

Android 10 Smartphone එකක නම්, System Theme එකට අනුව Chrome හි Theme එක සැකසෙනවා. මේ, ඊට පහළ Version තියෙන අයට Dark Mode Active කරගන්න ක්‍රමයයි.

ඒ වගේම Web Sites වලටත් Dark Mode එක Apply කරන්න පුළුවන්.

New Tab එකක් open කර chrome://flags ලෙස search කර, එහි search box එකේ darken websites ලෙස type කරන්න. 'Darken websites checkbox in themes setting' යටතේ ඇති Menu එකෙන් එය Enable කරන්න.

Facebook, Twitter Notifications ලබාගන්න.

Facebook App එකේ ඉතිහාසය ගැන බලන විට කොච්චර අවශ්‍ය වුනත් ඒක phone එකේ install කරන එක නම් නුවනට හුරු දෙයක් නෙමෙයි. පහත ලිපි කියෙව්වොත් ඔබ දැන්ම App එක Uninstall කරයි, තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් නම්.

Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ලෙස ලොව සුපතළ Facebook සමාජ මාධ්‍ය අඩවියේ අඳුරුපැතිකඩක් ඇති බව ඔබ නොදන්නවා විය හැක. ෆේස්බුක් අඩවිය නිර්මාණය කළේ ඔබ අප කවුරුත්දන්නා ප්‍රකෝටිපති මාක් සකර්බර්ග් බව ඔබ මා සියල්ල දන්නා කරුණකි. වර්ෂ 2004 දීපෙබරවාරි 04 වන දින TheFacebook නමින් ඇරඹි මුහුණුපොත නොදන්නා කිසිවෙකුත්…
Online Privacy නොහොත් අන්තර්ජාල පෞද්ගලිකත්වය
ඔයා ඔයාගේ පෞද්ගලිකත්වය ගැන කොච්චර සැලකිලිමත් ද?අපි මෙහෙම පටන්ගනිමු. ඔයාට තැපෑලෙන් ලියුමක් ලැබුණා කියලා හිතමු. ඔයාගෙ අතට ලියුමලැබෙනකොට ඔයා දකිනවා ඒ ලියුමේ අලවපු තැන් ඔයාට කලින් කවුරු හරි කඩලා කියවලා කියලා.පැහැදිලිවම ලියුම වෙන කෙනෙක් කඩලා ඔයාට කලින් කියවලා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා.ඔයා මොකක්ද හිත…

නමුත් වැඩි වෙනසක් නැතුව Broswer එකෙනුත් Facebook යන්න පුළුවන්. ඒ වගේම phone එකේත් ඉඩ ඉතුරු වෙනවා. එත් Birthday/Event Reminders, Share කරපු meme එකට Like කළ ගවයා ගැන වගේ Notifications ලබාගන්න ඕනේ නම්, Facebook Settings > Notifications මගින් App එකේදී මෙන්ම Notifications ලබාගන්න පුළුවන්.

Twitter (mobile.twitter.com) හිද Notifications > Settings (icon) > Push Notifications On කිරීමෙන් ඔබේ Browser එකට Notifications ලබාගන්න පුළුවන්.

බොහෝ විට Browser එකෙන් Facebook/Twitter Log වුන විටම Notifications Allow කරන්න අවස්ථාව දෙනවා

Tab අතර ඉක්මනින් මාරු වෙන්න.

Tab Button එක මගින් Tab අතර මාරු වනවාට වඩා ලේසියෙන් ඔබට Address Bar එක මත දෙපසට  Swipe කිරීමෙන් Tabs අතර මාරු වීමට හැකියි.

Chrome Duet

එන්න එන්නම Phone Screens විශාල වන නිසා Screen එකේ ඉහල කොටසේ දේවල් වලට ඉක්මනින් ලඟා වෙන්න අමාරුයි. ඒකට විසඳුමක් ලෙස Chrome Duet feature එක හඳුන්වන්න පුළුවන්.

පෙර වගේ  Flags section එකෙහි Search box එකේ Chrome Duet ලෙස search කර, මේ Option එක Enable කරගන්න පුළුවන්. මෙහෙදී ඔබට Screen එකේ Icons පිහිටිය යුතු ආකාරය ක්‍රම 4කට අනුව වෙනස් කරගන්න පුළුවන්. එයින් ඔබට වඩාත් පහසු ක්‍රමය තෝරාගන්න.

ඉක්මනින් Tab Open/Close කරන්න.

මේ සඳහා Tab icon එක press කරගෙන සිටීමෙන් ලැබෙන Menu එකෙන් ඔබට අවශ්‍ය Option එක select කරන්න.

වෙබ් පිටු PDF ලෙස save කරන්න.

Chrome Menu > Share මගින් එන Apps list එකේ Print Option එක මගින් ඔබට Web පිටු PDF ලෙස save කරගත හැකියි.

ඒ 'Select a printer' යන option එක click කර එය 'Save as PDF' ලෙස වෙනස් කිරීමෙන්.

ඕනෑම වෙබ් පිටුවක් Zoom කරන්න

Settings > Accesibility හි ඇති Force Enable Zoom On කරන්න. දැන් ඔබට ඕනෑම වෙබ් පිටුවක් Zoom කල හැකියි.

එසේම මෙහි Text Scaling මගින් වෙබ් පිටුවේ Font Size එකද, Simplified view for web pages මගින් වෙබ් පිටුවක article mode එක On කර ගැනීමේ පහසුකමද සක්‍රිය කරගන්න පුළුවන්.

Search Engine එක වෙනස් කරන්න

අප කලින් ලිපි පෙළක සඳහන් කළා Google මගින් ඔබේ අන්තර්ජාල හැසිරීම නිරීක්ෂණය කර මුදල් උපයන ආකාරයත් එය වලක්වගන්න භාවිත කල හැකි වෙනත් Search Engines ගැනත්.

Google වෙනුවට ආදේශකයක් තියෙනවද?
Google, අපි ගොඩක් දෙනෙක් පළමුවෙන්ම Web Search එකක් කරපු Website එක වෙන්න ඇති.Web Search සේවයක් අවශ්‍ය වෙන්නේ කෙලින්ම web page එකක URL එක නිවැරදිව type කර ඒවෙත පිවිසෙන්න අපි හැමෝටම බැරි නිසා. Google Search හි රාජකාරිය අපි දෙන සෙවුමටඅදාළ webpage නාමාවලියක් අපිට ඉදිරිපත් කරන එක. නමුත් මේ ලිපිය Sea…
Ecosia | ගෙදර ඉඳන් ලෝකේ වටේ පැල හිටවන්න
එන්න එන්නම රස්නය වැඩි වෙනවා, කාළගුණික වෙනස්කම් සිදුවෙනවා. පරිසරයෙහි සමතුලිතතාවයසීඝ්‍රයෙන් නැතිවී යනවා. මේකට අපිට කරන්න පුළුවන් දේවල් අපි හැමෝම දන්නවා, පැලකරන්න ඕනේ, දිරාපත් නොවන ද්‍රව්‍ය නිසිලෙස ප්‍රතිචක්‍රිකරණය කරන්න ඕනෙ. පරිසරයට අපි කරන විනාශයඔගොල්ලො විසික් කරන Recharge Card පතේ හූරලා විසික් ක…
අපිට වඩා අපි ගැන දන්න Google සහ අපිව නොදන්න DuckDuckGo
මුලින්ම කියන්න ඕන, මේ කතාව ලියන්න පටන්ගන්නවද, නැද්ද කියන තැන තමයි මුලින් මමහිටියෙ, මොකද Online Privacy ගැන කතා කරන්න උත්සාහ කරන හැම වෙලාවකම වගේ ගොඩක් අයකියන ”අනේ අපිට හංගන්න මුකුත් නෑ”, ”ගන්නවා නම් ඔන්නොහේ ගත්තාවෙ”, ”උන් ඔය සර්විස්දෙන්නෙ නොමිලේ, ඉතින් ඒ නිසා උඹ උන්ට උඹේ ප්‍රයිවට් ඩේටා කලෙක්ට් කරන…

Settings > Search Engine මගින් ඔබට කැමති website එකක් තෝරාගන්න පුළුවන්. මෙහි දක්වා නැති Search Engine එකක් Enable කරගන්න නම්, ඒ Search Engine එකේ Homepage එකට එක් වරක් ගිය විට මෙම list එකේ එය ඇතුලත් වී තිබෙයි.

අනවශ්‍ය Notifications Off කරන්න.

බොහෝ විට අත්වැරදීමෙන් අනවශ්‍ය Web Sites වල Notifications අප අතින් Allow වෙනවා. ඒවා Off කරන්න Settings > Notifications මගින් පුළුවන්.

Notification off කරන්න අවශ්‍ය Site එකේ Switch එක off කිරීමෙන් Notifications off වෙනවා.

එසේම නැවත Sites වලින් Notifications Allow/Block කිරීම ගැන ඔබෙන් විමසන්න අවශ්‍ය නැත්නම් එහි පහල ඇති In app notification settings තුලඇති Notificatios Switch එක Off කල හැකියි.

Notification Prompt එක තමන්ට අවහිර නොවෙන ලෙස display වෙන්න නම් Use Quieter Messaging Option එක On කරන්න.

Sounds Autoplay වන එක Off කරන්න

බොහෝ අවස්ථාවලදී Chrome මගින් Audio/Video autoplay වන එක වැලක්වුවත්, සමහර sites මෙය මගහැර යාමට ක්‍රම සකසාගෙන තිබෙනවා.

එවිට සම්පුර්ණයෙන්ම Sounds off කිරීමට, Settings > Site Settings > Sound මගින් හැකියාව තිබෙනවා. එසේම Sound play වෙන්න අවශ්‍ය Websites තිබේ නම් Add Site Exception මගින් ඒ site එක add කරගන්න පුළුවන්.

මේ සඳහන් කරේ ඔබ භාවිතා කරන Chrome Browser හි  ඇතැම් සැකසුම් ඔබට අවශ්‍ය ලෙසට වෙනස් කරගත හැකි ක්‍රම කීපයක්.

Chrome://flags මගින් ඔබට තවත් සැකසුම් ගණනාවක් වෙනස් කරගන්න පුළුවන්. නමුත්  Flags යනු තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති, අනාගතයේ එන්න නියමිත features සමුහයක්. ඒ නිසා නිවැරදිව සැකසුම දැනගෙන ඒවා භාවිතා කරන්න.

ඔබ දන්න තව Customization features මොනවද ? මෙහි සඳහන් Features ඒ අයුරින් Active කරගන්න බැරි වුනාද ? Comment කරන්න.

තව අයට දැනගන්න share කරන්න.