Loading...
Google වෙනුවට ආදේශකයක් තියෙනවද?

Google, අපි ගොඩක් දෙනෙක් පළමුවෙන්ම Web Search එකක්  කරපු Website එක වෙන්න ඇති. Web Search සේවයක් අවශ්‍ය වෙන්නේ කෙලින්ම web page එකක URL එක නිවැරදිව type කර ඒ වෙත පිවිසෙන්න අපි හැමෝටම බැරි නිසා. Google Search හි රාජකාරිය අපි දෙන සෙවුමට අදාළ webpage නාමාවලියක් අපිට ඉදිරිපත් කරන එක.  නමුත් මේ ලිපිය Search Engine තාක්ෂණය ගැන නම් නොවෙයි.

Google සමාගමේ රූකඩ වෙන්න අකමැති අයට, මේ මොන බහු ජාතික සමාගමකවත් විද්‍යාගාර මීයෙක් වෙන්න අකමැති අයට, තමන්ගේ සෙවුම ඔස්සේ ඔත්තු බලන්නේ නැති Search Engine එකක් ඕනේ අයට, තියන විකල්ප හා ඒවා ක්‍රියා කරන හැටි පැහැදිලි කරන්න.

Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ලෙස ලොව සුපතළ Facebook සමාජ මාධ්‍ය අඩවියේ අඳුරුපැතිකඩක් ඇති බව ඔබ නොදන්නවා විය හැක. ෆේස්බුක් අඩවිය නිර්මාණය කළේ ඔබ අප කවුරුත්දන්නා ප්‍රකෝටිපති මාක් සකර්බර්ග් බව ඔබ මා සියල්ල දන්නා කරුණකි. වර්ෂ 2004 දීපෙබරවාරි 04 වන දින TheFacebook නමින් ඇරඹි මුහුණුපොත නොදන්නා කිසිවෙකුත්…
Online Privacy නොහොත් අන්තර්ජාල පෞද්ගලිකත්වය
ඔයා ඔයාගේ පෞද්ගලිකත්වය ගැන කොච්චර සැලකිලිමත් ද?අපි මෙහෙම පටන්ගනිමු. ඔයාට තැපෑලෙන් ලියුමක් ලැබුණා කියලා හිතමු. ඔයාගෙ අතට ලියුමලැබෙනකොට ඔයා දකිනවා ඒ ලියුමේ අලවපු තැන් ඔයාට කලින් කවුරු හරි කඩලා කියවලා කියලා.පැහැදිලිවම ලියුම වෙන කෙනෙක් කඩලා ඔයාට කලින් කියවලා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා.ඔයා මොකක්ද හිත…
Google,Facebook වැනි සමාගම් ඔවුන්ගේ අරමුණු සඳහා ඔබව භාවිතා කරන අයුරු. 

ඇයි මේ Google විරෝධයක් ? ඉහත ලිපිය කියවූ ඔබට දැන් අවබෝධයක් ඇති මේ බහුජාතික සමාගම් අපිට ඔවුන්ගේ සේවා රැසක් නොමිලයේ දෙන්නේ අපට ආදරයකට නොවන බව. ඒ කියන්නේ එක Google ගිණුමකට දැන්වීම් පෙන්නා ඔවුන් ලබන ආදායම සමහර විට ඒ ගිණුම් හිමියා වත් භෞතිකව ලබන්නේ නැති ආදායමක් වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා.

Google හි මුල්ම Homepage එක. Image Source: Ladbible

Google ආරම්භ කල මුල් අවධියේ නම් එය IT Company එකක් වෙන්න ඇති. නමුත් දැන් නම් ඔවුන් වෙළඳ දැන්වීම් ආයතනයක් (Advertising Agency) වී හමාරයි. 2019 දී Google ආදායමෙන් 70.9% ක්ම ඔවුන්ට ලැබී ඇත්තේ මේ දැන්වීම් වෙළදාමෙන්.

කාලයත් සමඟ Google ආදායම ඉහල ගොස් ඇති අයුරු. Source: Statista

Google සමාගමට තිබෙන චෝදනාවක් තමයි දැන් දැන් මේ ads, ඇත්ත Search results අතර හංගනවා කියන එක. ඒ කියන්නේ නොදැනුවත්ම ඔබව ad එකක් මත click කරන්න පොළඹනවා කියන එක. 2013 හා 2019 දී ඔවුන් ad එකක් පෙන්නු ආකාරයෙන් එය ඔබම හිතා ගන්න.

Image Source: TechAltar

එහෙනම් Google ගෙන් මිදිලා අපි කාගේ ගාවටද යන්නේ? Yahoo හෝ Bing වගේ සේවා හොඳයි නේද? එහෙම හිතනවා නම් ඔබ එක් වෙළඳ දැන්වීම් ආයතනයකින් තවත් එකකට මාරු වූවා පමණයි. Google ගෙන් මිදිලා කාගේවත් ගාවට යන්න ඕනේ නෑ. ඔබට ස්වාධීනව, කාගේවත් ඔත්තු බැලීමකින් තොරව අන්තර්ජාලයේ web search කරන්න ආදේශක ඕනැ තරම් තියනවා.

• Duck Duck Go
• Ecosia
• Startpage
• Qwant

ආදිය මෙම ස්වාධින Search Engine අතරින් කිහිපයක්.

මේ සියල්ලෙම අරමුණ ඔවුන්ගෙන් සේවය ලබන්නාගේ පෞද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කිරීම. ඒ කියන්නේ මේ Search Engine භාවිතයෙන් කරන Search ඔස්සේ "ඔබව" track කරන්න බෑ.

මේ සේවා වලට තමන්ගේම කියල Search Engine නැහැ, ඒ අයත් යැපෙන්නේ Google, Bing වැනි මහා පරිමාණ Search Engines මත.

Google ට වඩා Bing හි ඇති නම්‍යශීලිභාවය නිසා බොහොමයක් සේවා ඒ වෙත යොමු වෙනවා. Image Source: TechAltar

වෙනස තමයි, අප කරන සෑම සෙවුමක් ම Google/Bing වෙත යවන්නේ ඔවුන්ගේම සර්වර් හරහා. එවිට අපව ආපසු track කරන්න මේ Google/Bing Engines වලට හැකි වෙන්නේ නෑ.

මෙහෙදී Startpage.com වෙබ් අඩවිය proxy එකක් ලෙස සේවය කරනවා. Image Source: TechAltar

මෙලෙස ගන්න Search Results, තව හොඳින් optimize කර අප වෙත ඉදිරිපත් කරනවා. නමුත් මොවුනුත් අදායම් ලබන්නේ වෙළඳ දැන්වීම් වලින්ම තමයි. ඒ සඳහාත් Google, Bing හෝ Amazon හි ad සේවා ලබාගන්නවා. නමුත් මේවා "ඔබ" ඉලක්ක කරගෙන එන ads නෙමෙයි. ඒ කරපු සෙවුමට අදාළ ads පමණයි.

ඉතින් මේ විදිහට තවත් සමාගමකින් Search results මිලදීගෙන ඊට වඩා අදායමක් Ads පෙන්වීමෙන් ලබා තමයි මොවුන් ලාභ උපයන්නේ.

මේ අතරින් ජනප්‍රිය සේවා දෙකක් තමයි DuckDuckGo සහ Ecosia.

Ecosia | ගෙදර ඉඳන් ලෝකේ වටේ පැල හිටවන්න
එන්න එන්නම රස්නය වැඩි වෙනවා, කාළගුණික වෙනස්කම් සිදුවෙනවා. පරිසරයෙහි සමතුලිතතාවයසීඝ්‍රයෙන් නැතිවී යනවා. මේකට අපිට කරන්න පුළුවන් දේවල් අපි හැමෝම දන්නවා, පැලකරන්න ඕනේ, දිරාපත් නොවන ද්‍රව්‍ය නිසිලෙස ප්‍රතිචක්‍රිකරණය කරන්න ඕනෙ. පරිසරයට අපි කරන විනාශයඔගොල්ලො විසික් කරන Recharge Card පතේ හූරලා විසික් ක…
Ecosia ගැන සම්පුර්ණ විස්තරයක් ඔබට මෙතනින් බලන්න පුළුවන්.

දැන් ඔබ දන්නවා ඇති Ecosia වැඩ කරන්නේ කොහොමද කියා. ඒ කියන්නේ එයින් Search එකක් කරන තරමට,  ඒ අතරින් ඔබ click කරන්නේ ad එකක් මත වන තරමට ඔවුන්ගේ වගා අරමුදලට මුදල් ලැබෙනවා.

Duckduckgo මේ ස්වාධින සෙවුම් අතරින් නැගී එන සේවයක්. ඔවුන්ගේ මුලික ම අරමුණ පෞද්ගලිකත්වය (Privacy). ඔවුන් සාමාන්‍යයෙන් සතියකට සෙවුම් මිලියන 14ක් පමණ හසුරවන බවයි සඳහන් කරන්නේ.

Image Source: SearchEngineJournal

එසේම ඇතැම් විශේෂ අවස්ථා වලදි මොවුන්ගේ පරිශීලකයින් ශීග්‍රයෙන් වැඩි වෙනවා. ලෝකය තුල ලැව්ගිනි තත්වයක් ඇති වූ විට Ecosia හි පරිශීලකයින් වැඩි වනවා. මොකද නැවත ගස් සිටවන්න සාමාන්‍ය ජනයාට කරන්න පුළුවන් ලොකු දායකත්වයක් එයින් සිදු වන නිසා. එසේම Edward Snowden සිදුවීම වැනි මහජනයා සම්බන්ධ ඔත්තු බැලීම් වාර්තා වන කාල වල Duck Duck Go හි පරිශීලකයින් වැඩි වනවා, එයින් අන්තර්ජාලය තුල තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකි නිසා.

මේ සියල්ල Google Search සමග සලකන විට ඉතා කුඩා අංශු තමයි. ඒත් මොවුන් මේ ව්‍යාපාරයෙන් හොඳ ලාභයක් ලබනවා.