වසර ගණනාවක් තිස්සේ Smartphone ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූ Apple සහ Google සමාගම් සියලු දෙනා පුදුමයට පත් කරමින් සිය නවතම කෘත්‍රිම බුද්ධි (AI) හවුල්කාරිත්වය ඊයේ (2026 ජනවාරි 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා. මෙම ඓතිහාසික ගිවිසුමට අනුව Siri සහ Apple Intelligence හි මීළඟ පරම්පරාව බලගැන්වීම සඳහා Google Gemini තාක්ෂණය නිල වශයෙන් යොදා ගැනීමට නියමිත වනවා.
Joint Statement: Apple and Google have entered into a multi-year collaboration under which the next generation of Apple Foundation Models will be based on Google's Gemini models and cloud technology. These models will help power future Apple Intelligence features, including a…
— News from Google (@NewsFromGoogle) January 12, 2026
Apple සමාගම විසින් කලක් තිස්සේ පොරොන්දු වූ වඩාත් පෞද්ගලික සහ බුද්ධිමත් Siri සහායකයා Gemini 3 මාදිලිය සහ Google හි Cloud තාක්ෂණය මත පදනම් වනු ඇති අතර මෙය වසර කිහිපයක් පුරා දිවෙන දැවැන්ත ව්‍යාපෘතියක් වනවා. මූලික වාර්තාවලට අනුව Apple සමාගම මේ සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 1ක් පමණ Google වෙත ගෙවීමට නියමිත වන බව වාර්තා වනවා. Apple සමාගම සහතික වන්නේ මෙම සහයෝගීතාවය යටතේ වුවද පාරිභෝගික දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා වන අතරම සියලුම දත්ත සැකසීම Apple උපාංග තුළ හෝ Apple හි Private Cloud Compute පද්ධතිය හරහා සිදුවන අතර Google හි Servers වෙත කිසිදු දත්තයක් යොමු නොකරන බවයි.
මීට පෙර හඳුන්වා දුන් ChatGPT ඒකාබද්ධතාවය ද තවදුරටත් Siri තුළ පවතිනු ඇති අතර සංකීර්ණ පොදු ප්‍රශ්න සඳහා ChatGPT භාවිතා වන අතර, දුරකථනය තුළ සිදු කරන වඩාත් පෞද්ගලික කාර්යයන් සඳහා Gemini මත පදනම් වූ පද්ධතිය භාවිතා වනු ඇත.
මෙම නිවේදනයත් සමඟ Alphabet (Google) සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 සීමාව ඉක්මවා ගිය අතර වසර ගණනාවකට පසු ලොව දෙවන වටිනාම සමාගම ලෙස Apple අභිබවා යාමට ද Google සමත් වූවා. Apple සමාගම තමන්ගේම AI පද්ධතියක් නිපදවීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව විචාරකයෝ පවසන අතර මෙම නව Siri විශේෂාංගය 2026 මාර්තු හෝ අප්‍රේල් මාසයේදී නිකුත් වීමට නියමිත iOS 26.4 යාවත්කාලීන කිරීමත් සමඟ පාරිභෝගිකයින් වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
Source: blog.google www.cnet.com








