Loading...
වසර දෙකකට වඩා භාවිත නොකරන ලද Google Accounts ඉවත් කිරීමට Google සමාගම සුදානම් වේ

වර්තමානය වන විට අප සියලු දෙනාම අවම වශයෙන් එක Google Account එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අපගේ එදිනෙදා කටයුතුවලට භාවිත කරනවා. බොහෝ විට ඒ Google e Mail පහසුකම ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතා සඳහායි. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් භාවිත වන Google Account එකට අමතරව අප සතුව තිබෙන අනෙක් Google Account බොහෝ විට දිනපතා භාවිත වීමක් සිදු වන්නේ නැ.

කෙසේ වෙතත් Google සමාගම විසින් ඔවුන්ගේ Inactivity Policy එක Update කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන අතර ඒ අනුව ඔබගේ Google Account එක වසර දෙකක පමණ කාලයක් තුළ කිසිදු භාවිතයක් නොවි පවති නම් එලෙස අක්‍රීයව පවතින Google Account Delete කර, ඉවත් කර දැමීමට තිරණය කර තිබෙනවා.

එනම් මේ නව Inactivity Policy එක ඊයේ (මැයි 16) දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ වන අතර මෙලෙස වසර දෙකක පමණ කාලයක් තිස්සේ භාවිත නොවන Google Account ඉවත් කිරීම / මකා දැමීම මේ වසර දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටත් නියමිත වනවා. මෙලෙස Google Account එක Delete විමෙන් පසු Gmail, Docs, Drive, Meet, Calendar, YouTube සහ Google Photos ආදියේ ඇති ඔබගේ සියලුම දත්ත මැකි යාම සිදු වනවා. කෙසේ වෙතත් ඔබට ඔබගේ ආයතනය හෝ විශ්ව විද්‍යාලය මගින් සපයා ඇති email එකක් පවතී නම් එය සඳහා මේ නව Inactivity Policy එකේ බලපෑමක් සිදු නොවන බවත් සදහන් වනවා.

ඒ වගේම ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙලස එම ගිණුම මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් සිදු කරන බවයි. ඒ සඳහා ද ඔබ නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ඔබගේ ගිණුම මකා දැමෙනු ඇත.


ඔබ සතුවත් මෙවැනි එතරම් භාවිතයක් නොවන Google Account පවතී නම්, ඒවා සක්‍රීය ආකාරයෙන් පවත්වා ගන්නේ කෙසේද ?

මෙලෙස භාවිත නොවන ඔබගේ Google ගිණුම සක්‍රීය ආකාරයෙන් පවත්වා ගැනිමට ඔබට කළ හැකි සරලතම දෙය වසර දෙකකට වතාවක් හෝ අවම ඒ Google Account එක සඳහා Sign වීමයි.

මීට අමතරව email යැවීම / කියවීම, Google Drive භාවිතය, Youtube භාවිතය, Google Play Store භාවිතය, Google Search භාවිතය, තෙවන පාර්ශවිය App හෝ Service සඳහා Google Account එක භාවිතයෙන් Sign in වීම වැනි දේවල් තුළින් ඔබට සරලව ඔබගේ Google Account එකේ සක්‍රීය භාවය පවත්වා ගත හැකි වනවා.

ඒ වගේම ඔබ Google Subscription එකක් ඔස්සේ Google One, News Publication හෝ වෙනත් Google Service එකක් හෝ App එකක් භාවිත කරනවා නම් ද ඔබගේ Google Account එක සක්‍රීය තත්වයේ පවතින බව සළකනු ලබනවා.

Sources: Google Bgr