Loading...
Google Maps සඳහා නව Vehicle Icons කිහිපයක් හඳුන්වා දෙයි

Google Maps කියන්නේ මේ වන ලොව ජනප්‍රියතම Navigation App එක ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. මෙය Android මෙන්ම Apple පරිශිලකයින් විසින් ද බහුලව භාවිත කරනු ලබනවා.

Google Maps භාවිත කරන ඔබ දැනටමත් දන්නවා ඇති හොද Map Experience එකක් ලබා ගැනීම සඳහා ඔවුන් විසින් විවිධ Features හඳුන්වා දී ඇති බව. ඉන් එකක් ලෙස Vehicle Icon එක දක්වන්න පුලුවන්. මේ වන විට අපට නිල් පැහැති ඊතලයට අමතරව වාහන තුනක් (Red Car, Yellow SUV සහ Green Pickup Truck) මේ Vehicle Icon එක සඳහා තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් මේ Vehicle Icons වෙනස් කිරීමට, නැතිනම් නව Icon කිහිපයක් එක් කිරීමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

ඒ අනුව තවත් නව Vehicle Icon 05ක් එකතු කිරීමට Google සමාගම විසින් සුදානමින් සිටිනවා. ඒ sedan, SUV, Jeep, hatchback සහ Tesla එකක් ලෙසිනුයි. තවද ඔවුන් මේ වාහනවල වර්ණයත් අපට අවශ්‍ය පරිදි ලබා දී ඇති වර්ණ 08ක් (Glacier White, Night Black, Aqua Green, Poppy red ආදි...) ඔස්සේ වෙනස් කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Image Source- Neowin

මේ වන විටත් මෙම Feature එක සමහර iPhone Usersලා සඳහා ලැබී තිබෙන අතරම Android Usersලා සඳහා නම් මේ Feature එක තවමත් ලැබී තිබෙන බව වාර්තා වෙන්නේ නැ. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුළ Apple සහ Android Usersලා සඳහා මෙය නිකුත් වනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

https://www.androidpolice.com/google-maps-testing-new-vehicle-icons/