Loading...
Google Photos සඳහා Nano Banana සහාය ලබා දෙයි

AI මගින් Photo Edit කිරීමේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, Google Photos සදහා නව AI විශේෂාංග කිහිපයක් හදුන්වා දී තිබෙනවා. මෙම නව විශේෂාංග අතරින් 'Nano Banana' නම් AI මාදිලියෙන් බල ගැන්වෙන 'Help Me Edit' පහසුකම සහ iPhone භාවිතා කරන්නන්ට පූර්ණ AI Edit හැකියාවන් ලබා දීම විශේෂයෙන් දක්වන්න පුලුවන්.

මෙමගින් iPhone සහ Android භාවිතා කරන්නන්ට, වෘත්තීය මට්ටමේ ඡායාරූප සංස්කරණයක් සඳහා කිසිදු මෘදුකාංග දැනුමක් නොමැතිවම, Natural Language එක භාවිතයෙන්ම සංකීර්ණ උපදෙස් ලබා දී Personalized Edits ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.


'Nano Banana' බලයෙන් ක්‍රියාත්මක වන 'Help Me Edit'

මෙම නව විශේෂාංග මාලාවේ ආකර්ෂණීයම විශේෂාංගය ලෙස 'Help Me Edit' පහසුකම දක්වන්න පුලුවන්, මෙය දැන් 'Nano Banana' AI මාදිලියෙන් බලගැන්වෙනවා.

Source - blog.google

'Help Me Edit' විශේෂාංගය දැන් වඩාත් Personal වී තිබෙනවා. පරිශීලකයින්ට ඡායාරූපයේ සිටින නිශ්චිත පුද්ගලයින්ගේ නම් සඳහන් කරමින් සංකීර්ණ උපදෙස් ලබා දිය හැකි මට්ටමට මෙය පත් කර තිබෙනවා.

Google විසින් ලබා දී ඇති නිදසුන මෙසේය;

"Remove Riley's sunglasses, open my eyes, make Engel smile and open her eyes."

මෙම අවස්ථාවේදී, AI විසින් ඔබගේ පුද්ගලික Face Groups වලින් එම පුද්ගලයින් හඳුනාගෙන, ඉල්ලා සිටින Personalized Edits ස්වයංක්‍රීයව සිදු කරනු ලබනවා.

'Ask Photos' හි දියුණුව

Google Photos හි දැනටමත් පවතින 'Ask Photos' විශේෂාංගය ද මෙම යාවත්කාලීන කිරීම් සමඟ වැඩිදියුණු වී තිබෙනවා. ඒ අනුව මේ විශේෂාංගය රටවල් 100කට අධික සංඛ්‍යාවකට සහ අමතර භාෂා 17කට සහය දක්වනවා. 'Ask' විශේෂාංගය මගින් දැන් පරිශීලකයින්ට තමන් නරඹන ඡායාරූපවල අන්තර්ගතය පිළිබඳව වැඩිදුර ප්‍රශ්න ඇසීමට හෝ සෘජුවම සංස්කරණ කටයුතු සිදු කිරීමට ඉඩ සලසනවා. මෙම AI හැකියාව මුලින්ම එක්සත් ජනපදයේ Android සහ iPhone පරිශීලකයින් වෙත නිකුත් වනු ඇත.

Generative AI

Google Photos වෙත හඳුන්වා දී ඇති තවත් නව අංගයක් වන්නේ, 'Create with AI' නමැති විශේෂාංගයයි.

Source - blog.google
  • AI Templates: Generative AI මෙවලම් භාවිත කිරීමට අපහසු වන අවස්ථාවලදී පවා අන්තර්ගත නිර්මාණය කිරීමට Templates යොදාගෙන අදහස් උත්තේජනය කිරීමට මෙම කොටස උදව් කරයි. මෙම Templates ද Nano Banana මාදිලිය මඟින් බලගැන්වේ.
  • Popular Edits: මෙම Templates, Google Photos හි ඇති Popular Edits මත පදනම් වී ඇත. Google සමාගම නිදසුන් ලෙස පහත සඳහන් Prompts දක්වා තිබෙනවා.
    • "put me in a high fashion photoshoot"
    • "create a professional headshot"
    • "put me in a winter holiday card"
  • Personalized Templates: ඉදිරි සති කිහිපය තුළදී, පරිශීලකයාගේ Hobbies සහ Experiences මත පදනම් වූ Personalized Templates පහසුකමද ලබා දෙනු ඇත. උදාහරණයක් ලෙස, "create a cartoon of me and my hobbies" වැනි විධානවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මේ මගින් ලැබෙනු ඇත.

මෙම 'Create with AI' විශේෂාංගය මුලින්ම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ Android භාවිතා කරන්නන් වෙත නිකුත් කිරීමට නියමිත අතර, එය ඉදිරි දින කිහිපය තුළදී ක්‍රියාත්මක වනු ඇත.


iPhone වලට පූර්ණ AI සංස්කරණ හැකියාවන් (AI Edits)

Google Photos යෙදුමේ AI විශේෂාංගයන් මීට පෙර Android උපාංගවලට සීමා වී තිබුණද, මෙම නවතම යාවත්කාලීන කිරීම් සමඟ iPhone භාවිතා කරන්නන් වෙත ද එහි සියලු විශේෂාංගය භාවිත කිරීමේ හැකියව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Source - blog.google

ඒ අනුව iPhone භාවිතා කරන්නන්ට දැන් Text හෝ Voice භාවිත කරමින්, තමන්ට අවශ්‍ය සංස්කරණය කුමක්දැයි AI වෙත උපදෙස් දිය හැකිය. මෙම පහසුකම මුලින්ම එක්සත් ජනපදයේ පරිශීලකයින් වෙත නිකුත් කිරීමට නියමිතයි.

Google හි මෙම පියවර, ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය සහ සංස්කරණය, වෘත්තීය මට්ටමේ දැනුමක් අවශ්‍ය නොවන, ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි ක්ෂේත්‍රයක් බවට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Source: blog.google