Loading...
Google Pixel 4a නිකුත් වේ, අගෝස්තු 20 සිට වෙළඳ පලට

Google සමාගමේ අලුත්ම වගේම ගොඩක් අවධානය දිනා ගන්න Device එකක් වෙන Pixel Device series එකේ අලුත්ම සාමාජිකයා වෙන Google Pixel 4a දුරකථනය මේ වන විට එළි දක්වා අවසන්.

‌Mid-Range Device එකක් වෙන මේ Pixel 4a දුරකථනය මීට පෙර අප විසින් ගෙන ආ ලිපියක සඳහන් වූ ආකාරයට අපිට මිලදි ගන්න පුලුවන් වෙන්නේ නම් හැබැයි Black Color එකෙන් විතරයි.

Google Pixel 4a දුරකථනයේ Official Introduction Video එක

දැන් ඉතින් අපි බලමු මේ Pixel 4a දුරකථනයේ විස්තර,

BODY

143g ක බරකින් යුතු මේ Device එක අගල් 5.7ක දිගකින්, අගල් 2.7ක පළලකින් හා අගල් 0.3ක ඝණකමකින් බලා ගන්න පුලුවන්.

‌ Ports විදිහට USB Type-C® 3.1 Gen 1 Charging Port එකත් 3.5 mm Audio Jack Port එකත් ලබා දිලා තියෙනවා. Buttons විදිහට අපිට Power Button එක හා Volume controls Buttons බලා ගන්න පුලුවන්.

ඒ වගේම මේ Device එක Polycarbonate Unibody එකකින් සමන්විත වනවා.

DISPLAY

‌මේ Device එකේ අගල් 5.81ක Transmissive Hole එකකින් යුතු Display එකක් බලා ගන්න පුලුවන්.

ඒ වගේම FHD+ (1080 x 2340) OLED Display එකක් වෙනවා. මේක 443ppi එකක් හා 19.5:9 Aspect Ratio එකකින් යුතු HDR Support , True black Display එකක් වෙනවා. Corning Gorilla Glass 3 Protection එක Display එක සදහා ලබා දිමට මොවුන් කටයුතු කරලා තියෙනවා.

PLATFORM

OS එක වෙන්නේ නවතම Android 10 සංසරණය මත පදනම් වු පද්ධතියක්.

Qualcomm® Snapdragon™ 730G‌‌2x Cortex-A76 Processorඑක මගින් බල ගැන්වෙන අතර Adreno 618 GPU එකෙන් සමන්විත වෙනවා.

ඒ වගේම මේ Pixel 4a දුරකථනය සදහා ඔවුන් අවම වසර 03ක් දක්වා OS and Security Update ලබා දෙන්න කටයුතු කරන බව සදහන් කරල තියෙනවා.

MEMORY

මේ දුරකථනයේ ලබා ගන්න පුලුවන් වෙන්නේ 128 GB Internal Storage එකක් එක්ක එන 6 GB RAM එකක් සහිත Version එක විතරයි.

MAIN CAMERA

‌මේ Camera Setup එකෙන් හොද Performance එකක් දෙන්න පුලුවන් බව මොවුන් දක්වලා තියෙනවා. මේ Device එකේ Main Camera එක 12.2 MP Dual-pixel Camera එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම මේ Lens එකේ ƒ/1.7 Aperture එකක් එක්ක 77° Field of view එකක් ලබා දෙන්න මොවුන් කටයුතු කරල තියෙනවා.

Auto-focus with Dual-pixel phase detection හා Optical + Electronic image stabilisation යන Features සමගින් මේ Camera setup එක පැමිණෙනවා.

Main Camera එකේ Video Recoding ගැන බලද්දි අපිට 1080p @ 30 FPS, 60 FPS, 120 FPS වගේම 720p @ 30 FPS, 60 FPS, 240 FPS කියන Formatවලින් Video Record කරන්න පුලුවන්. ඒ වගේම 4K @ 30 FPS Frame Rate එකෙන් Video Recoding පහසුකමත් මේ සමග හිමි වෙනවා.

SELFIE CAMERA

‌‌ඉදිරිපස Cameraව ගැන බලද්දි මේකේ 8 MP ƒ/2.0 Aperture යුතු 84° Field of view සමන්විත lens එකක් අඩංගු කරලා තියෙනවා.

Video Recodingවලදි අපිට1080p @ 30 FPS, 720p @ 30 FBS, 480p @ 30 FBS කියන Formatවලින් Record කිරිමේ හැකියාව තියෙනවා.

SOUND

Speakers සියල්ල Stereo Speakers වන අතර Noise suppression Feature එකෙන් සමන්විත වෙනවා. ඒ වගේම Microphones දෙකකින් යුතු වෙනවා.

BATTERY

3140 mAh Non Removable Battery එකකින් යුතු වන මේ සමග 18 W fast charging පහසුකම ලබා දිලා තියෙනවා.

FEATURES

Single Nano SIM දුරකථනයක් වෙන මේ Pixel 4a eSIM පහසුකමින්ද යුතු වෙනවා. ඒ හරහා අපිට Dual Sim පහසුකම භාවිතා කරන්න පුලුවන්.

Fingerprint එක Backside එකේ ලබා දිලා තියෙන අතර ඔවුන් මේක හදුන්වන්නේ Pixel Imprint™ – back-mounted fingerprint එකක් විදිහටයි. Sensors විදිහට Proximity/Ambient light sensor, Accelerometer, Gyrometer, Magnetometer, sensor for fast unlocking, Barometer, Android Sensor Hub අඩංගු කරල තියෙනවා.

ඒ වගේම NFC පහසුකමින්ද යුතු වෙනවා.

මිල ගණන් ගැන සදහන් කරනව නම් Google Storeහි දක්වා ඇති අකාරයට 349$ ක මිලකට මෙය අලෙවි වනු ඇත.

Source - Google Store