Loading...
Google Pixel Buds වෙළඳපලට

පසුගිය ඔක්තෝම්බර් මාසයේ 15 වෙනිදා #MadeByGoogle event එකේදී Google එක විසින් ඔවුන්ගේ නවතම second-generation Pixel Buds ගැන නිවේදනය කරා Pixel 4 release එකේදී. ඉන් මාස 6කට පසුව අවසානයේදී නවතම Google Pixel Buds පාරිභෝගියන්ට මිලදී ගැනීමට නිකුත් කර තිබෙනවා. පළමු පරම්පරාවේ First-generation Pixel Buds මෙන් නොව Second-generation Pixel Buds වල කිසිදු ආකාරයක wire මගින් සම්බන්ධ වීමක් නොමැති අතර මෙය True Wireless ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

First-generation Pixel Buds පිලිබඳව ලෝකයේ විශාල කතා බහක් සිඳු නොවුයේ එහි ear buds දෙක එකිනෙකට cord එකකින් සම්බන්ධ වී තිබුනු අතර එම cord එක කැපීමෙන් එහි සම්බන්ධතාවය නැති වී යයි. නමුත් අලුත් Pixel Buds එකින් එකට වෙන් වෙන්ව ක්‍රියාත්මක වේ.

මේ අලුත්ම ear buds අනිත් TWS earbuds වගේම flip up කරන case එකක් ඇතුලේ තමයි එන්නේ. මේ case එක පැතලි බිත්තරයක් වගේ හැඩයක් ගන්නේ. Android devices වල තියෙන Fast pair කියන option එක හරහා device එකක් ලඟට ගෙන flip එක විවෘත කිරීමෙන් පසු පලමු වරට මෙම earbuds phone එකත් එක්ක pair කරගන්න පුලුවන්.

Google Pixel Buds are finally available

Google සමාගම විසින් ප්‍රකාශ කරල තියෙනවා තද සුලඟක් හෝ ශබ්දයක් පවතින අවස්ථාවකදී වුවද පැහැදිලිව දුරකථන ඇමතුම් වලට සවන්දීමට මෙම earbuds හරහා හැකියාව ලැබෙන බව. එමෙන්ම මෙම earbuds වලට adaptive sound ඇතුලත් වන නිසා පරිසරයේ ශබ්දයන්ට අනුකූලව එය ඉබේම volume adjusments සිදු කරගනී.

මෙහි තව විශේෂත්වයක් වන්නේ Find my device හරහා ඔබට මෙය තිබෙන ස්ථානය සොයා ගැනීමට හැකි වීමයි.

නවතම Pixel Buds මේ වන විට ඇමරිකානු ඩොලර් 179කට Google Store, Best Buy, Walmart සහ ඇමරිකාවේ ජංගම දුරකථන සේවා සපයන ආයතන වන AT&T, U.S. Cellular, T-Mobile සහ Verizon වෙතින් මිලදී ගත හැකියි.

Pixel Buds
Wireless Bluetooth Earbuds for Pixel

නමුත් මේ වන විට Pixel Buds Gen 2 වෙළඳපලට නිකුත් වී ඇත්තේ Clearly White (අනේ මන්දා සුදු පාටට තවත් ක්ලියර් කරන්නේ කොහොමද කියල) වර්ණයෙන් පමණයි. අනෙකුත් වර්ණ වන Oh So Orange, Quite Mint, සහ Almost Black ඉදිරි මාස කීපය තුල වෙලඳපලට නිකුත් වනු ඇත. Pixel Buds gen 2 කුමන වර්ණයන්ගෙන් නිපදවූවත් White charging case එකක් ඒ සියල්ලන් සමඟම ලබා දීමට Google  ආයතනය කටයුතු කර ඇත.

මෙතෙක් අප විසින් දුටු Google Pixel Buds Gen 2 පිළිබඳ එකම honest review එක ඔබට පහතින් බලා ගත හැක.

Source