Loading...
Google Podcasts app එක 2024දී විශ්‍රාම යැවීමට Google කටයුතු කර​යි

Google සමාගම ප්‍රකාශ කර තිබෙන්නේ Youtube music සදහා අවස්ථාව ලබා දෙමින් Google podcast හි  අවසානය සනිටුවන් කරමින් එය අත්හිටවීමට ඔවුන් මේ වන විට සූදානම් බවයි. මධ්‍යගත podcast ගමනාන්තය​ක අවශ්‍යතාවය මත ඔවුන් මෙම තීරණ ගෙන ඇති අතර Google podcast සේවාව අත්හිටවීම පිළිබද හරි හැටි දිනයක් ලබා දී නොතිබුන ද 2024 වසරේ දී එය ස්ථීරවම අත්හිටවන බව ප්‍රකාශ කර ඇත. ඒ වන තෙක් Poogle podcast සේවය යථා තත්ත්වයෙන් කිසිදු දෝෂයකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව දන්වා ඇත.

Google blog post හි ඔවුන් සටහන් කර තිබෙන්නේ මේ වන විට podcast සේවාවන් ලොව ජනප්‍රිය වෙමින් යන බවත් බොහෝ podcast නිෂ්පාදකවරුන් තම නිෂ්පාදන Audio පමණක් නොව video ආකාරයෙන්ද තම audience එක වෙත ලබා දෙන අතර ඔවුන් ඒ සදහා යොදාගන්නේ youtube වැනි video streaming platform වීම මෙම තීරණය ගැනීමේ ප්‍රධානම හේතුව බවයි.  බොහෝ නිෂ්පාදකවරුන් youtube යොදාගැනීම නිසාවෙන් Google podcast වලට අමතරව එම සේවාවම RSS feed හරහා youtube music සදහා ලබා දුන් අතර එම නිසාවෙන් google podcast සදහා තිබූ සියලුම අවස්ථාවන් අහිමි විය. එනිසාම එය 2024 වසරේ අත්හිටුවීමට තීරණය කර ඇත.

Google podcast අත්හිටුවීමට පෙර එහි ඇති සියලු නිෂ්පාදනයන් youtube music වෙත upload කිරීම සදහා google සමාගම විසින් නවතම tool එකක් හදුන්වා දීමට සූදානමින් සිටී. එම tool එක හදුන්වා දීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් google podcast සිට youtube music සදහා තම podcast නිෂ්පාදන transfer කල හැකි අතර ඉන් අනතුරුව youtube music හි ඇති podcast section එක මගින් ඒ සදහා පිවිසිය හැකිය. නමුත් එය හදුන්වා දීමට ප්‍රථමයෙන් youtube music podcast සේවාව සියලුම users ල වෙත ලබා දිය යුතු අතර තවමන් එය සමහර කලාපයන් සදහා සහය නොදක්වයි.

ඔබට youtube music සදහා මාරු වීමට අකමැත්තක් ඇත්නම් google podcast හි ඇති දත්ත OPML ආකාරයට download කිරීමට google සමාගම ඉඩ ලබා දෙන බව ද පවසා ඇත.

youtube music podcast සේවාව තුලින් users ලට podcast ඇසීමට සහ බාගත කිරීමට (Download) නොමිලේ අවස්ථාව ලබා දෙන අතර එහි ඇති ගැටලුව නම් youtube official සේවාව මෙන්ම youtube music තුල advertisement play වීමයි. නමුත් ඒ සදහා විසදුමක් ලෙස youtube music Premium ලබා ගැනීම මගින් podcast ඇසීමට මෙන්ම download කිරීමටද කිසිදු බාධාවක් ඇති නොවේ.

Google මෙම තීරණය ගැනීම පිළිබද ස්වාධීන පරීක්ෂක එඩිසන්ගේ මෙසේ අදහස් දක්වා ඇත.

"About 23% of weekly podcast users in the US say YouTube is their most frequently used service, versus just 4% for Google Podcasts."

නමුත් මෙහිදී එඩිසන් විසින් සදහන් කර ඇත්තේ "youtube" මිස "youtube music" නොවේ. නමුත් මෙහිදී ඔහු මෙම සේවා දෙකම අදහස් කරන්නට ඇති යැයි උපකල්පනය කිරීම වඩාත් ගුණදායක වේ.

ඉදිරි මාස කිහිපය තුලදී මෙම transform එක පිළිබදව පරිශීලක අදහස් ලබා ගැනීම සදහා feedback එකතු කිරීමට ඔවුන් සැරසෙන අතර google සමාගම තව දුරටත් පවසන්නේ

"Once we feel the migration tools are ready, we’ll release them along with clear guidelines on how they work." බවයි.

Google සමාගම තවමත් මෙම අත්හිටුවීම සිදු කිරීම සම්බන්ධව නිවැරදි දිනයක් ලබා දී නොමැති අතර ඉක්මණින්ම එය පිළිබද නිශ්චිත තොරතුරක් ලබා දේවි යැයි අප විශ්වාස කරමු.

Source: www.theverge.com techcrunch.com