Loading...
ඉන්දියානුවන් trend එකට TikTok app එකට දැමූ negative feedbacks Google විසින් ඉවත් කරයි

ByteDance සමාගමේ ලොව ඉතාමත් ජනප්‍රිය mobile app එකක් වන TikTok හි ඉන්දියාව පුරා මිලියන ගණනාවක් පරිශීලකයන් ඉන්නව. මේ නිසාම TikTok වල විශාලතම overseas market එක විදිහට ඉන්දියාව හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ වෙද්දි මේ platform එකට මුදා හැරුණු ආන්දෝලනාත්මක වීඩියො කීපයක් නිසා දැඩි පරිශීලක විරෝධයක් TikTok වෙත  එල්ල වෙනවා.

ඉතින් මේ ආන්දෝලනාත්මක වීඩියෝ සඳහා විශාල වශයෙන් එල්ල වෙන පරිශීලක විරෝධතා රැල්ල හේතුවෙන් BanTikTok, DeleteTikTok සහ BlockTikTok වගේ phrases කීපයක්ම twitter වල මේ වෙද්දි trending වෙන්න පටන් අරන් තියෙනවා.

TikTok පරිශීලකයන් විසින් එම වීඩියෝ පට කීපයක් Twitter වෙත මුදාහැරල තියෙනව. වීඩියෝ වල ගෘහස්ත හිංසනය, සත්ව හිංසනය, ජාතිවාදය, කාන්තා හා ළමා හිංසනය වගේ දේවල් ප්‍රවර්ධනය කෙරෙන අවස්ථා අන්තර්ගත වෙලා තියෙනවා.

ඉතින් මේ විරෝධතා රැල්ලෙ ප්‍රතිඵලයක් විදිහට Google play store හි TikTok ඇප් එකට ඉන්දියානුවන් විසින් මිලියන ගණනක් one star reviews ලබා දීලා තියෙනවා. ඉතින් මේක කොච්චර critical විදිහට බලපාලා තියෙනවද කියනව නම් මීට සති කීපයට කලින් 4.5 ක අගයක් හිමිව තිබුණ app ratings මේ වෙද්දි 1.2 දක්වා අඩු වෙලා තියෙනව.

ඉතින් මේ සිද්ධියට මේ වෙද්දි Google සමාගම මැදිහත් වෙලා තියෙනවා. Google සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරපු විදිහට ඔවුන් මේ වෙද්දි එය spam abuse එකක් විදිහට සලකලා එය නිවැරදි කිරීමේ ක්‍රියාවක් විදිහට app එකේ negative reviews මිලියන ගණනාවක් අයින් කරන්න කටයුතු කරල තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවෙ ප්‍රතිඵලයක් විදිහට global rating මේ වෙද්දි 1.6 දක්වා වැඩි වෙලා තියෙනවා. යුරෝපය තුල එය මේ වෙද්දි 1.4ක් විදිහට සඳහන් වෙනවා.

ඒ වගේම reviews මත base වෙලා තියෙන user satisfaction rate එක සීයට 86 ඉඳන් 39 දක්වා පහල ගිහින් තියෙනවා.

ඉතින් මේ විදිහට ඍණාත්මක ප්‍රතිචාරයක් app එකක් කෙරේ එල්ල වීම පලමු එනි අවස්තාව නෙමේ. මීට කලින් ඉන්දියාව තුලම එවැනි සිදුවීම් වෙලා තියෙනවා. එලෙස මෑතක උන සිදුවීමක් විදිහට Snapchat විරෝධී රැල්ලත් හඳුන්වන්න පුලුවන්.

ඉතින් මේ සිද්ධිය ගොඩක්ම ඇවිලිලා ලොකු රැල්ලක් බවට පත් උනේ ඉන්දීය social media influenzer  කෙනෙක් වන ෆයිසාල් සිද්දික් විසින් acid attack එකක් පිලිබිඹු වන spoof වීඩියෝ එකක් මුදා හැරීමෙන් පසුවයි. පසුව, ඔහු ඒ ගැන සඳහන් කරමින් සමාව ඉල්ලා තියෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය දේශපාලකයෙකු වන මනේකා ගාන්ධි මහත්මිය සදහන් කරල තියෙන්නෙ මේ ප්‍රතිචාර ගැන සලකා බලා TikTok සමාගමත් ඒ වගේම TikTok හි ඉන්දියාවෙ කටයුතු භාරව සිටින නිරධාරිනුත් මේ පිළිබඳව නිසි පියවරක් රැගෙන නොමැති බවයි.

එල්ල වෙන විරෝධයත් එක්ක ප්‍රකාශයක් නිකුත් කරමින් TikTok සමාගමේ ප්රකාශකයෙකු මෙලෙස සඳහන් කරනවා.

“TikTok වල පරිශීලකයන්ගේ ආරක්ශාව සහතික කිරීම ප්‍රමුඛ කාර්‍යයක් ලෙස අපි සලකනවා වගේම ඉදිරියටත් අපී ඒ වෙනුවෙන් බැඳී ඉන්නවා. අපේ terms of service සහ community guidelines වල TikTok platform එක තුල පිළිගන්නා හා පිළිනොගන්නා දේවල් ගැන අපි නිවැරදිව සඳහන් කරලා තියෙනවා. ගෘහස්ත හිංසනය, සත්ව හිංසනය, ජාතිවාදය, කාන්තා හා ළමා හිංසනය වගේ දේවල් කිසිම විටක අපි අනුමත කරන්නෙ නෑ. ඒ වගේම එවැනි වීඩියෝ මුදාහැරි පරිශීලක ගිණුම් අපි terminate කරලා තියෙනවා. තවදුරටත් අපි මේ පිලිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් සමග එකතු වෙලා කටයුතු කරනවා.”

එහෙත් ByteDance ආයතනය ඉන්දියාවේ ඔවුන් යටතේ සිටින content moderators ලා ගැන සහ විරෝධතාවයට තුඩු දුන් වීඩියෝ කල්තියාම ඉවත් කිරීම පිලිබඳව කිසිවක් ප්‍රකාශ කරල නෑ. ඒ වගේම ByteDance ලගෙ ක්‍රියාකලාපය ඉන්දියාවෙ සෝදිසියට ලක් වූ පලමුවෙනි අවස්ථාවත් මෙය නොවේ.

ගිය වසරේදී එරට මහාධිකරණය pornography සහ වෙනත් illegal content සම්බන්ධයෙන් TikTok app එක block කරන්න Google සහ Apple සමාගම් වලට නියෝග කරා. කෙසේවෙතත් ඒ තහනම ඊට සති කීපයකින් පස්සෙ ඉවත් කෙරුනා.