ඔබට මතක ඇති අපි මිට පෙර Google ARCore සහ එය ආශ්රිතව නිර්මාණය කල Google 3D Objects භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ වෙත ලිපියක් ගෙන ආවා. ඒ ආකාරයටම Google සමාගම විසින් නව WebXR Apps කිහිපයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.
එනම් අපට මේ WebXR App ඔස්සේ ඔවුන්ගේ ඒ සදහා වු Website එක මගින් AR සහ VR Experiments අත්හදා බැලිමේ හැකියාව ලැබෙනවා. මේ WebXR Apps මගින් අපිට FLOOM, SODAR හා MEASURE UP කියන පහසුකම් තුන ලබා දි තිබෙනවා. ඒ වගේම මේ වෙන විට PICTURESCAPE නම් තවත් පහසුකමක් සංවර්ධන මට්ටමේ පවතිනවා.

01. FLOOM

Floom කියන්නේ WebXR හා Google Maps මගින් ලබා දෙන පෘථිවිය ගවේෂණය කිරිමට සහය වෙන WebXR App එකක්. මේ මගින් අපි සිටින ස්ථානයට යටින් පෘථිවි පෘෂ්ඨය මත පවතින රටවල්, සාගර ආදිය ගැන අදහසක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. මේ WebXR App එක ඔබට මෙතනින් Try කරන්න පුලුවන්.
02. SODAR

සරලව මෙය Social Distancing Radar එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. එනම් මේ මගින් අපි ඉදිරියේ මීටර් 2ක් දක්වා වු පරාසයක් හදුනා ගෙන එය අලිට පෙන්වනවා. ඒ මගින් අපිට පුද්ගලයින් සමග සමාජ දුරස්ථ බාවය තබා ගැනිමටත් හැකියාව ලැබෙනවා. මේ WebXR App එක ඔබට මෙතනින් Try කරන්න පුලුවන්.
03. MEASURE UP

මේ WebXR App එක මගින් අපිට එදිනෙදා භාවිත කරන, දක්නට ලැබෙන වස්තූන්ගේ දිග, වර්ගඵලය හා පරිමාව ඉතාමත් පහසුවෙන් ගණනය කර ගන්න පුලුවන්. මේ WebXR App එකත් ඔබට මෙතනින් Try කරන්න පුලුවන්.
ඔබට මේ සියල්ල Google WebXR Experiments වෙබ් පිටුව මගින් Try කරන්න පුලුවන් වෙන අතරම ඔබගේ Smart Phone එක ARcore සදහා සහය දැක්විය යුතු වෙනවා. ඔබගේ Smart Phone එක ARcore සදහා සහය දක්වනවාද යන්න ඔබට මෙතනින් බලන්න පුළුවන්.
Source : Google, Xda Developers