Loading...
Android 17 Update එක ලැබෙන Xiaomi සහ Redmi Devices ලැයිස්තුව මෙන්න

ලොව පුරා පරිශීලකයින් මහත් උනන්දුවෙන් බලා සිටි Android 17 (Cinnamon Bun) මෙහෙයුම් පද්ධතියේ ප්‍රථම Beta සංස්කරණය පසුගියදා Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරනු ලැබීය.

මෙම පුවතත් සමඟ ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින Xiaomi සහ Redmi පරිශීලකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ තමන් භාවිත කරන දුරකථනයට මෙම නවතම Android 17 Update එ​ක හිමිවේද යන්න පිළිබඳවයි.


Android 17 Beta 1 හි විශේෂත්වය

මෙම ප්‍රථම බීටා සංස්කරණය ප්‍රධාන වශයෙන්ම Developers​ලා ඉලක්ක කරගෙන නිකුත් කර ඇත. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව, මෙම සංස්කරණයේ පරිශීලකයින්ට සෘජුවම අත්විඳිය හැකි විශාල වෙනස්කම් හෝ නව විශේෂාංග අඩංගු නොවන අතර, එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉදිරි මෘදුකාංග සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමයි. කෙසේ වෙතත්, Tablets සහ Foldable දුරකථන සඳහා වැඩිදියුණු කළ පහසුකම් කිහිපයක් මෙහි අන්තර්ගත වන බව වාර්තා වේ.


Android 17 ලැබීමට නියමිත Xiaomi උපාංග ලැයිස්තුව

Xiaomi සමාගම සිය උපාංග සඳහා ලබා දෙන Update Policy සහ Xiaomi AER (Android Enterprise Recommended) තොරතුරු පදනම් කර ගනිමින්, Android 17 හිමිවන උපාංග ලැයිස්තුවක් මේ වන විට අනාවරණය වී ඇත. ඔබගේ දුරකථනයත් මේ අතර තිබේදැයි පරීක්ෂා කර බලන්න:

Xiaomi

  • Xiaomi 17 Series: Xiaomi 17 Ultra, Xiaomi 17 Ultra Leica & Leitzphone, Xiaomi 17, Xiaomi 17 Pro, Xiaomi 17 Pro Max
  • Xiaomi 15 Series: Xiaomi 15 Ultra, Xiaomi 15, Xiaomi 15 Pro, Xiaomi 15S Pro, Xiaomi 15T, Xiaomi 15T Pro
  • Xiaomi 14 Series: Xiaomi 14 Ultra, Xiaomi 14, Xiaomi 14 Pro, Xiaomi 14T, Xiaomi 14T Pro, Xiaomi 14 CIVI (Civi 4 Pro)
  • Xiaomi 13 Series: Xiaomi 13 Ultra, Xiaomi 13, Xiaomi 13 Pro, Xiaomi 13T, Xiaomi 13T Pro
  • Special Editions: Xiaomi MIX FLIP 2, Xiaomi MIX FLIP, Xiaomi MIX FOLD 4, Xiaomi Mix Fold 3, Xiaomi CIVI 5 Pro
  • Tablets: Xiaomi Pad 8, Xiaomi Pad 8 Pro, Xiaomi Pad 7 Ultra, Xiaomi Pad 7S Pro 12.5, Xiaomi Pad 7 Pro, Xiaomi Pad 7, Xiaomi Pad 6S Pro 12.4

Redmi

  • Redmi Note Series: Redmi Note 15 5G, Redmi Note 15 Pro+, Redmi Note 15 Pro 4G, Redmi Note 15, Redmi Note 14 Pro+ 5G, Redmi Note 14 Pro 4G, Redmi Note 14 4G, Redmi Note 14S
  • Redmi K Series: Redmi K90, Redmi K90 Pro Max, Redmi K80 Ultra, Redmi K80, Redmi K80 Pro, Redmi K70 Ultra, Redmi K70, Redmi K70e, Redmi K60 Ultra
  • Others: Redmi Turbo 5, Redmi Turbo 5 Max, Redmi Turbo 4 Pro, Redmi Turbo 4, Redmi Turbo 3, Redmi 15C 5G/4G, Redmi 15, Redmi 15 4G, Redmi 14R 5G, Redmi A5 4G
  • Tablets: Redmi K Pad, Redmi Pad Mini, Redmi Pad 2 Pro, Redmi Pad 2, Redmi Pad 2 4G

Redmi Note 14 5G පරිශීලකයින්ට අසුබ පුවතක්?

මෙම ලැයිස්තුව දෙස බැලීමේදී වඩාත් කැපී පෙනෙන කරුණක් වන්නේ මෑතකදී වෙළඳපොළට නිකුත් වූ Redmi Note 14 5G සඳහා Android 17 යාවත්කාලීනය හිමි නොවන බවට ඇති තොරතුරුයි.

Xiaomi සමාගම සිය වාර්තාවල සඳහන් කර ඇත්තේ, Redmi Note 14 5G මාදිලිය Android 14 මත පදනම් වූ HyperOS 1.0 සමඟ නිකුත් වූ බවත්, ඒ සඳහා ලැබෙන්නේ වසර 2ක Major Updates පමණක් බවත්ය. ඒ අනුව එම උපාංගයට ලැබෙන අවසාන Major Update එක Android 16 වනු ඇත. කෙසේ වෙතත්, තවත් වසර 4ක් යනතුරු Security Updates අඛණ්ඩව ලැබෙනු ඇත.


Update එක ලැබෙන්නේ කවදාද?

Android 17 හි Stable Version එ​ක 2026 වසරේ ජූනි හෝ ජූලි මාසය වන විට Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. Xiaomi සමාගම සාමාන්‍යයෙන් තම Flagship දුරකථන සඳහා එදිනම හෝ ඉතා කෙටි කලකින් මෙම Update එ​ක ලබා දීමට කටයුතු කරයි.

කෙසේ වෙතත්, Mid-range සහ Budget දුරකථන සඳහා මෙම Update එ​ක ලැබීමට තවත් මාස 5-6ක් පමණ ගත විය හැක. ඒ අනුව, ඉහත ලැයිස්තුවේ සඳහන් සියලුම උපාංග සඳහා 2027 වසර උදාවීමට පෙර Android 17 හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Source: xiaomitime.com