Loading...
චිත්‍රපටි වල දුෂ්ඨයා, නැත්තම් Villainsලා iPhone පාවිච්චි නොකරන්​නේ මෙන්න මේ හේතුව නිසයි

ඔයා හොද movie fan කෙනෙක් නම් දැකල තියෙන්න පුළුවන් දෙයක් තමයි ඒ කිසිම movie එකක දුෂ්ඨ​යා එහෙමත් නැත්නම් villains හෝ නපුරු මිනිසුන් (bad guys) කිසිම වෙලාවක තිරය ඉස්සරහ iPhone භාවිතා කරන්නෙ නෑ කියන එක.

Can Villains in Movies Use Apple Products Such as an iPhone?

ඒ ඇයි?

Apple සමාගම ගත්තොත් අතීතයේ පටන්ම අදහාගන්නවත් බැරි තීරණ ගත්ත සමාගමක් කියන්න පුළුවන්. ඉතින් එහෙම ගත්ත තීරණයක් තමයි ඕනම Movie එකක Tv series එකක එහෙමත් නැත්නම් ඕනෑම Tv show එකක එහි දුෂ්ඨයා​ට iPhone හෝ Apple සමාගමේ වෙනයම් වූ නිෂ්පාදනයක් භාවිතා කරන්න නොදීම. එයට හේතුව අද අපි කතා කරමු.

මොකක්ද මේ Product Placement කියන්නෙ?

Apple ගත්ත මේ තීරණය ගැන කියන්න කලින් මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි Product Placement කියන්නෙ මොකක්ද කියන එක.

බොහෝ දුරට ඔබ මෙම නම අසා නොතිබුනාට Product Placement කියන දේ දැකල තියෙන්න ඕන. Product Placement කියන්නෙ සරලවම සමාගමක් තම නිෂ්පාදන හෝ තම logo එක media එක තුල මුදල් ගෙවා ප්‍රචාරණය කිරීමයි. එය ගොඩක් දුරට movie , Tv series වලත් භාවිතා කරනව. ඒ වගේම ඔයාල බොහෝ වෙලාවට Tv show එකක කිසියම් Brand එකක logo එකක් blur කරනව දැකල ඇති. එවැනි පියවරක් එම නිෂ්පාදකවරුන් ගන්නෙ එම logo එක එහි පළකිරීම සදහා එම සමාගමෙන් කිසිදු මුදලක් නොගෙවා තිබීම හේතුවෙනුයි.

ඒ වගේම  Bloomberg අනුව Apple සමාගම Product Placement සදහා කිසිදු මුදල් නොගෙවන අතර ඒ සදහා ඔවුන් තම නවතම උපාංග එම වැඩසටහන සදහා ලබා දීමට කටයුතු කරනව. එයට හොදම උදාහරණයක් තමයි ඔවුන්ගේ පළමු iPad එක දියත් කිරීමට දින දෙකකට පෙර Modern Family නම් American sitcom series එකක දැක බලා ගැනීමට හැකි වීම.

Modern Family - iPad - Product Placement - Outrage
Modern Family - I pad - Product placement

Apple හි Product Placement නීති

අපි මුලින්ම සදහන් කලා වගේ Apple සමාගම කිසිදු මුදලක් Product Placement සදහා නොගෙවන අතර ඔවුන් තම නිෂ්පාදන වැඩසටහන් සදහා නොමිලේ ලබා දෙන බව.

ඒ වගේම මුලින්ම සහ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ Product Placement නීතිය තමයි කිසිදු අවස්ථාවක නරක මිනිසුන්ට (Bad guys) Apple නිෂ්පාදන භාවිතා කිරීමට ඉඩ නොදීමයි. Director Rian Johnson මහතා Knives Out නම් චිත්‍රපටිය පිළිබද අදහස් දක්වමින් පවසා සිටියේ ඔබට Apple නිෂ්පාදන මගින් ඕනෑම චිත්‍රපටියක දුෂ්ඨයා​ව හෝ වීරයාව හදුනා ගත හැකි බවයි.

Apple, they let you use iPhones in movies, but—and this is very pivotal—if you're ever watching a mystery movie, bad guys cannot have iPhones on camera.

නමුත් Apple සමාගම නරක මිනිසුන්ට ඔවුන්ගේ නිෂ්පාදන භාවිතා නොකරන්න යැයි සෘජුව නොපවසන අතර නමුත් ඔවුන්ගේ මාර්ගෝපදේශය තුල සදහන් කරන්නේ Apple නිෂ්පාදන මගින් සැමවිට හොඳ දෑ පමණක් පෙන්විය යුතු බවයි. එසේම Apple සමාගම කිසිදු අවස්ථාවක අනුග්‍රහයක් පිළිබද හෝ එවැනි හැගීමක්වත් ඇති නොකරන ලෙස ද එහි ඇතුලත් කර තිබෙනවා.

The Virtuous Circle of Product Placement in Apple's TV+ Shows - MacRumors
The Virtuous Circle of Product Placement in Apple's TV+ Shows - MacRumors

අපට මෙයින් තේරුම් ගත හැක්කේ Apple සමාගම සැම විට උත්සහ ගන්නේ තම නිෂ්පාදන ස්වභාවික ලෙස පවත්වා ගෙන යෑම සහ එයින් සැම විට හොදක් වන බව සියල්ලන්ටම පෙන්වීමටයි.

ඉතින් ඔබත් ඊලග පාර Movie එකක් හෝ Tv series එකක් බලනකොට හොදින් මේ තොරතුරු පිළිබද විමසිල්ලෙන් සිටින්න.​‍

Source: www.apple.com www.howtogeek.com www.vanityfair.com