Loading...
iPhone හි Hide කළ ඡායාරූප බලන්නේ කෙසේද?

ඔබ ඔබගේ iPhone එකේ ඡායාරූප සඟවා ඇතත් එම ඡායාරූප කුමන ස්ථානයක ඇතිදැයි ඔබට අදහසක් නැද්ද? ඔබ සැඟවූ ඡායාරූප ඉතා පහසුවෙන් නැවතත් ඔබට බැලීමට පහත පියවර අනුගමනය කරන්න.


iOS 14 සිට ඔබට Photos App තුළ "Hidden" Albumය අක්‍රිය කළ හැක. එමෙන්ම එය නැවත සක්‍රිය කිරීම iPhone's Settings තුළට පිවිස සිදු කර ගත හැක.

  • පළමුව iPhone හි Hidden Photo Albumය සක්‍රිය කරන්න.
  • එසේ කිරීමට, ඔබගේ iPhone හි Settings App විවෘත කර "Photos" වෙත පිවිසෙන්න.
  • එහි ඇති "Show Hidden Album" සක්‍රිය කරන්න.දැන් ඔබගේ Album එක Photos App තුළ දිස්වෙන අතර ඔබට Hide කල ඡායාරූප වෙත පිවිසිය හැක.
  • දැන් ඔබ iPhone හි Photos App එක Open කර එහි ඇති Album Tab මත Click කරන්න.
  • Album List හි පහළටම Scroll කර Utilities යටතේ ඇති "Hidden" Album මත Touch කරන්න. (නමුත් පැරණි iOS Version එකක් නම් මෙම Hidden Album එක Others Albums යටතේ ඇත.)
  • "Hidden" Albumහි ඔබ සැඟවූ සියලු ඡායාරූප සහ වීඩියෝ පෙන්වයි. ඔබට Unhide කිරීමට අවශ්‍ය ඡායාරූපය හෝ වීඩියෝව මත Touch කරන්න.
  • දැන් එහි ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් තුන Touch කර "Unhide" මත Touch කරන්න.

මෙහිදී ඔබ Unhide කළ ඡායාරූපය හෝ වීඩියෝව Photos තුළ දැක ගත හැක.

Source: howtogeek.com