Loading...
YouTube Account එක ආරක්ෂා කර ගමු!

මේ දින වල covid-19 virus එක හේතුවෙන් ලෝකයේ බොහො පිරිසක් නිවෙස් වලට සීමා වී ඉන්නවා. ඒ වගේම ඇමරිකාව වැනි රටවල් සදහා ද මෙම virus එකෙ විශාල බල බැම් එල්ල කරමින් සිටිනවා මේ වන විට. මේ හේතුවෙන් Google වැනි සමාගම් තුල සේවය කරන පිරිස් අඩු වි ඇත.

මෙය ප්‍රයෝජනයට ගෙන Hackers ලා මේ දින වල Google Account සහ අනෙකුත් social media account වැනි මිනිසුන් එදිනෙදා භාවිතා කරන Online account ‍බොහො ප්‍රමාණයක් මේ වන විටත් Hack කරමින් පවතින බවට වාර්ථා වේ. මෙවෙනි සිද්දි කිහිපයක්ම මේ දින ශ්‍රී ලංකාවේ ඉන්න පුද්ගලයන්ටද මුහුණ දිමට සිදුවි තිබුණා.

මිට සුළු මොහොකට පෙර "YouTube Creators"  YouTube Channel එක මගින් තමන්ගේ YouTube Account එක ආරක්ෂා කරගන්නා අන්දම පිළිබද Video වක් අන්තර්ජාලයට එකතු කරන ලදි.

Secure Your YouTube Account

Turn on 2-Step Verification

මුලින්ම ඔබගේ Google Account එක සදහා  2-Step Verification on කර තබා ගන්න, මෙම ගින් කිසියම් පුද්ගලයෙන් විසින් ඔබගේ Google Account එක සදහා Log වෙන්න උත්සහ දරන ඔබගේ දුරකථනය‍ට එන Code එක ඇතුල් කරන ‍තුරු ඔහුට ගිණුමට පිවිසිමට නොහැකි ‍වනු ඇත.

Create a Strong Password

ඔබගේ Password එක කිසිවෙකු‍ටවත් ලේසියෙන් සොයා ගත නොහැකි අන්දම‍ට දිගු Password එකක් භාවිතා කරන්න. එය අකුරු, අංක සහ සංකේත වැනි ඕනෑම දේ කින් සමත් විය හැකිය. ඔබට මෙවැනි දිගු Password එකක් යෙදුවොත් අමතක වේ ඇයි සිතනවා නම් ඒ සදහා lastpass වුවද භාවිතා කිරිමට හැකිය, lastpass පිළිබද වැඩි දුර තොරතුරු දැන ගැනිමට කැමති නම් පල්ලෙහා තියෙන ලිපිය කියවන්න.

Passwords අමතක නොවී ආරක්ෂා කරගමු (Online accounts ආරක්ෂාකරගමු - 02)
Password Manager - මුරපද කළමනාකරුඅපි කලින් පෝස්ට් එකෙන් කථා කළේ ශක්තිමත් මුරපදයක් යොදාගෙන අපේ අන්තර්ජාල ගිණුම්සුරක්ෂිත කරගන්න විදිය නෙ. ඒත් එතනදි අපිට පැන නැඟුණු විශාලම ගැටළුව තමයි අපිකොහොමද මේ විවිධ වෙබ් අඩවි වලට යොදපු විවිධ මුරපද මතක තියාගන්නෙ කියන එක. අනික අපියොදපු ශක්තිමත් මුරපද මතක තියා ගන්…

Set You Channel-level Permissions

ඔබගේ Google Account එකට Log විම සදහා අවසර ලබා නොදී ඔබගේ YouTube channel එකට ඔබට කළමනාකරණය කිරීමට වෙනත් පුද්ගලයන්ට Invite කිරිමට හැකියාව පවති. මේ සදහා ඔබ හොදින් හදුනන අය පමණක් යෙදිමට වග බලා ගන්න. මේ සදහා ඔබට YouTube Brand Account සදා ගතහොත් එය වඩා ආරක්ෂා කාරි වේ.

YouTube Brand Account එකක් හදාගන්නේ කොහොමද ?

Update Your Software

ඔබගේ web browser, operating system, සහ අනෙකුත් App නිතරම Update කර තබා ගන්න. එමෙන්ම youtube.com/account_sharing වත ගොස් එයට අනවශ්‍ය Connect වි ඇත්නම් ඒ වැනි දැ සොයා බලා අයින් කරන්න.

තවද crack software භාවිතා නොකරන්න. එවැනි දේවල් මගින් විවිධ වූ virus ඔබගේ devices වලට හානි ඇති විමට බලපායි. හැකි නම් licence virus guard එකක්ද භාවිතා කරන්න.