Loading...
Huawei සමාගම ඩොලර් 46,000ක් වටිනා නිෂ්පාදනයක් එලි දැක්වීමට සූදානම් වේ; මෝටර් රථයක් විය හැකියයි මත පලවේ

Huawei සමාගම 300,000 Yuan ක් එනම් ආසන්න වශයෙන් $46,000 ක නිෂ්පාදනයක් එලිදැක්වීමට වැඩකටයුතු සිදු කරමින් පවතින බව weibo blogger කෙනෙක් වන 看山的叔叔 විසින් weibo හි පළ කර තිබූ post එකක මේ පිළිබදව දක්වා තිබුනා. එම Post එක පහතින් දැක්වේ.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

මෙය බොහෝ දුරට Electric Car එකක් වීමටද පුලුවන්, මොකද මෙවැනි අදහාගත නොහැකි මිලකට වෙනත් smart product එකක් ගැන සිතාගත නොහැකි නිසාවෙන්. එය එසේ වුවහොත් සමහරවිට ඔවුන් වෙනත් හවුල්කාර මෝටර් රථ සමාගමක් සමග එක්ව මෙය නිෂ්පාදනය සිදුකිරීමටද ඉඩ ඇත.

මීට කලකට පෙර ඔවුන් පවසා තිබෙන්නෙ ඔවුන් මෝටර් ‍රථයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර නැති බවත්, ඔවුන් අවධානය යොමු කරනුයේ වාහන වල තොරතුරු තාක්ෂණික උපාංග හා අභ්‍යන්තර කොටස් නිෂ්පාදනයට බවයි. එයින් කියැවෙන්නේ ඔවුන් නිෂ්පාදකයෙකුට වඩා සැපයුම්කරුවෙකු බවයි.

නමුත් වෙනත් මෝටර් රථ නිෂ්පාදකයකු සමග හවුල්ව ඔවුන්ගේම මෝටර් රථයක් එලිදක්වාවි යැයි අපට සිතිය හැක. මෑතකදී ඔවුන් චීනය තුළ අලෙවි වන Mercedes Benz S Class Sedans සදහා ඔවුන්ගේ HMS Services ලබාදෙන බවටත් ප්‍රකාශ කොට තිබෙනවා.

කෙසේවෙතත් මෙම අධික වටිනාකමකින් යුත් නිෂ්පාදනය කුමක්ද යන වග Weibo blogger විසින් සදහන් කර නැත. නමුත් මෙම ලැබුණු තොරතුර සත්‍යක් නම් මෙය electric vehicle එකක් වීමට බොහෝ ඉඩකඩ ඇත. මක් නිසාද Tesla වැනි electric වාහනද මෙවැනි මිල යටතේ අලෙවිවන නිසාවෙන්.

Source: Gizmochina