Loading...
Android අත්හැර HarmonyOS එක යොදා පළමු දුරකථනය මෙම වසරේ අගදී එලිදැක්වීමට Huawei සමාගම සූදානම් වේ

Huawei සමාගම තම chipset, දුරකථන නිෂ්පාදනය සහ තමන්ගේම දුරකථන මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වෙනුවෙන් වසර 10ක පමණ සිට කටයුතු කරමින් සිටින බව Huawei සමාගම විසින්ම වරෙක ප්‍රකාශ කරන ලදී. මේ වන විට Huawei සමාගම වෙත දමා ඇති ඇමරිකානු වෙලඳ සම්බාධක හමුවේ Huawei සමාගමේ තාක්ෂණික අංශයට විශාල පහරක් එල්ල වී ඇති අතර මෑතකදී ඔවුන් වෙත ලබා දී තිබූ තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමත් සමඟ Google සමාගමට Huawei ආයතනය හා වෙළඳ කටයුතු කිරීමට ඇති ඉඩ කඩ ඇහිරී ගිය ආකාරය අප විසින් පෙර ඔබට වාර්තා කලෙමු.

මෙම තත්වය යටතේ Huawei සමාගම විසින් නිර්මාණය කල ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS භාවිතා කරමින් ජංගම දුරකථනයක් මේ වසරේ අග භාගයේදී නිකුත් කිරීමට සූදානම් වන බව Huawei Central විසින් වාර්තා කරනවා.

Huawei සමාගම හා ඉතාමත් ලඟින් කටයුතු කරන තාක්ෂණික විශ්ලේෂකයෙකු වන Ma Jihua විසින් Global Times වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ Huawei සමාගම විසින් මේ වසර අගදී HarmonyOS එක භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රථම HarmonyOS අඩංගු ජංගම දුරකථනය නිකුත් කරන බවයි

"Huawei has been developing its own version of an operating system (EMUI) based on the Android system since the launch of Mate 20, with its basic structures evolving to be drastically different from those of Google. As the system is not dependent on Android, it is not a big deal whether Huawei devices receive updates or not," Ma Jihua via Global Times

මෙම වර්ෂයේ සැප්තැම්බර් 10 සිට 12 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිත Huawei Developer Conference 2020හිදී මේ පිළිබඳව Huawei සමාගම විසින් නිලවශයෙන් නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. කෙසේ වෙතත් මේ ගැන Huawei සමාගමෙන් නිල ප්‍රකාශයක් නිකුත් වී නෑ.

මේ දිනවල Huawei සමාගම විසින් ඔවුන් විසින් නිර්මාණය කරන EMUI 11 නම් අතුරුමුහුණත Android 11 සමඟ නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට සමගාමීව HarmonyOS 2.0ද නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. HarmonyOS 2.0හි විශේෂත්වය වන්නේ එය smartwatch, PSs සහ ටැබ්ලට් උපාංග වලට පවා සහය දැක්වීමයි. මේ වන විට HarmonyOS එක SmartTV වල භාවිතා වනවා.

මේ වන විටත් Huawei සමාගම විසින් තම Kirin chipset නිර්මාණය නැවැත්වීමට තීරණය කර ඇති අතර, ඇමරිකාව විසින් ඇමරිකානු තාක්ෂණය භාවිතා කරමින් chipset නිපදවන ආයතන වලට Huawei සමාගමට chipset සැපයීම නොකරන ලෙස බලපෑම් කරන කාලයක් අතරතුරේ HarmonyOS සමඟ Huawei සමාගමේ යලි පිබිදීම කෙසේ නම් සිදුවේද?

Source: Huawei Central