Loading...
Snapdragon 888 processor එකකින් සහ HarmonyOS වලින් බල ගැන්වෙන Huawei P50 මාදිලියේ ජංගම දුරකතන එලිදක්වයි

Huawei සමාගම විසින් චීන වෙළඳපොළ සඳහා ඔවුන්ගේ නවතම Smart Phones වන P50 සහ P50 Pro මේ වෙද්දි ප්‍රකාශයට පත් කරලා අවසන්. ඔවුන්ගේම Operating System එක වන HarmonyOS සමඟ Launch කරන පළමු ප්‍රධානතම දුරකථන වෙන්නෙ මේ P50 සහ P50 Pro තමයි.

එම දුරකථන සඳහා Huawei විසින් සැකසූ Camera සහ Hardware Features සමඟ මනාව සම්බන්ධ වන අතර ඔවුන්ගේ සමහර Models වලට Qualcomm හි ප්‍රමුඛතම Snapdragon 888 ප්‍රොසෙසරය ද ඇතුළත් වේ.

P50 series එකට Google Apps ඇතුළත් නොවන බවට වාර්තා වේ.

වාර්තා වන ආකාරයට බොහෝමයක් Huawei P50 දුරකථන වලට Kirin Chip භාවිතා නොකරයි.  ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති Spec Sheets වලට අනුව, P50 සහ P50 Pro හි එක් Version එකක් Qualcomm හී Snapdragon 888 ප්‍රොසෙසරය භාවිතා කරයි. පසුගිය වසරේදී Huawei වෙත නැවත Chips විකිණීමට Qualcomm සමාගම වෙත අවසර ලබා දෙන ලදී.  Huawei Kirin 9000 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන P50 Pro Version එකක් ද නිකුත් වනු ඇත.  P50 Pro 8GB හෝ 12GB RAM සමඟ 512GB දක්වා Internal Storage එකකින් ලබා ගත හැකි අතර P50 දුරකථනය 8GB RAM සහ 256GB දක්වා Storages සමඟ ලබා ගත හැකිය.

Launching Event එකේදි අදහස් දක්වමින් Huaweiහී පාරිභෝගික ව්‍යාපාර ප්‍රධාන විධායක Richard Yu මහතා පැවසුවේ ඇමරිකානු සම්බාධක හේතුවෙන් එම දුරකථන වලට 5G පහසුකම නොලැබෙන බවයි.

P50 Pro දුරකථනයට අඟල් 6.6 ක 120Hz 1228p OLED Display එකක් ඇති අතර P50 දුරකථනයට තරමක් කුඩා අඟල් 6.5 ක 90Hz 1224p OLED Display එකක් ඇත.  P50 Pro වලට 4,360mAh Batteryක් ඇති අතර P50 සඳහා 4,100mAh Batteryක් ඇත. මෙම Battery දෙකම 66W Fast Charge කළ හැකි අතර P50 Pro දුරකථනය 50W Wireless Charge සඳහා Support කරයි.  Dust හා Water Resistance සඳහා IP68 ශ්‍රේණිගත කිරීමක් ද මේවාට ඇත.

Huawei හි  Flagship දුරකතන සඳහා අවධානය යොමු කිරීමේදී ඒවායේ Camera එක ප්‍රධානම අංගයක් වේ.  P50 series එකේද Cameraව වඩාත්ම ආකර්ශණීය විශේෂාංගය වනු ඇත.   P50 Pro සතුව පසුපස Camera හතරක් ඇත. ඒවා නම්, 50MP ක ප්‍රධාන Cameraව, 64MP Telephoto සමඟ 3.5x Optical Zoom, 40MPක Monochrome සහ 13MPක Ultra-Wide වේ.

P50 දුරකථනයට 50MP ප්‍රධාන Camera එකක්, 12MP ක Telephoto සමඟ 5x Optical Zoom සහ 13MP ක Ultra-Wide Camera එකක් එහි ඇත.  P50 Pro හා P50 දුරකතන වලට 13MP ක Selfie Camera ලබා දී ඇත.

Source: The Verge