Loading...
ඉන්දියානු වෙළඳපලට අවශ්‍ය Nokia සහ Motorola ජංගම දුරකතන නිපදවීම සඳහා Lava Mobile සමාගම සූදානම් වේ

2009 දි ආරම්භ කරන ලද Lava Mobiles කියන්නේ ඉන්දියානු Mobile Phone Company එකක්. සමාගම ආරම්භ වු මුල් කාලයේදි ඉන්දියානු වෙළදපොල තුල හොද ස්ථානයක් අත් කරගෙන තිබුණත් චින සමාගම් ඉන්දියානු වෙළදපොල තුලට ඔවුන්ගේ නිෂ්පාදන එකතු කිරිමත් සමග මොවුන්ට තිබු වෙළදපොල අහිමි වුණා. දැන් මේ Lava සමාගම විසින් වෙනත් Brand සදහා Devices නිෂ්පාදනය සිදු කරනවා. ඒ අනුව ඔවුන් ඉන්දියානු වෙළදපොල සදහා අවශ්‍ය Nokia හා Moto Branded Devices නිපදවිම සිදු කරනු ලබනවා.

HMD Global’s Nokia හා Lenovo‘s Motorola Brands ඔවුන්ගේ Devices "Made in India" ශිර්ෂ පාඨය සහිතව ඉන්දියාව තුල අලෙවි කරනවා. මේවා ඉන්දියාව තුල නිපදවිම හා නිෂ්පාදන පිරිවැය අවම කිරිම හා අතරම උපාංග සැපයිමේ පහසුව මුල් කරගෙන Nokia හා Moto සමාගම් ඉන්දියානු සමාගමක් වෙන Lava Mobiles සමග ඔවුන්ගේ නිෂ්පාදන ඉන්දියාව තුල නිපදවිමට හවුල් වි තිබෙනවා.

මිට අමතරව Lava Mobiles සමාගම විසින් AT&T හා General Electric වැනි සමාගම් සදහා Low-Cost Phones නිපදවනවා. ඒ වගේම Lava Mobiles කියන්නේ ඉන්දියාවේ දෙවන විශාලතම Feature Mobile Phone Company එක වෙනවා. ඒ වගේම Nokia හා Moto Device නිෂ්පාදනය ආරම්භ කිරිමට සමගාමිව ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය මිලියන 30-45 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ සමග Lava Mobiles ඉන්දියාවේ ප්‍රමුඛතම Smartphone නිෂ්පාදකයා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina