Loading...
Smartphone එක සහ පරිගණකය එකිනෙකට සම්බන්ධ කිරීමට නව මෘදුකාංගයක් Intel වෙති​න්

Intel සමාගම විසින් මේ වෙන විට ඔවුන්ගේ නවතම 13th Gen Processors එළිදැක්වීමට කටයුතු කළ බව ඔව දැනටමත් දන්නවා. මීට අමතරව Intel සමාගම විසින් තවත් විශේෂ App එකක් පිළිබඳව මේ සමග තොරතු​රු නිකුත් කරනු ලැබුවා.

Unison නමින් එළිදක්වන ලද මේ App එක Windows Platform එක සහ Smartphone එක Integration කළ හැකි Tool එකක් වනවා. මෙය VPN, firewall සහ IT සදහාත් සහය දක්වනු ලබන බව දක්වා තිබෙනවා. WiFi, Bluetooth හෝ Cellular Networks සමගින් මේ App එක ඔස්සේ Smart Phone එක සහ Pc එක Wireless Connect කිරිමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව පරිශීලකයන්ට ඉතා පහසුවෙන් Files, Photos, Videos සහ තවත් බොහෝ දෑ හුවමාරු කර ගැනිමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ App එක ඔස්සේ Data Share කර ගැනිමේදී බලපැවැත්වෙන Data Transfer Speed එක පිළිබඳ නම් තවමත් සමාගම විසින් තොරතුරු දක්වා නැත. එමෙන්ම දැනට මේ App එක සදහා සහය දක්වනු ලබන්නේ HP 12th Gen Evo PC කිහිපයක් පමණක් වන අතර ඉදිරියේදි මෙය අනෙක් ඒවා සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Apple Eco System එක තුළ කටයුතු කරන ඔබ නම් දැනටමත් මේහා සමාන Features ඔබගේ iPhone එක සහ Apple Mac අතර අත්විඳ ඇති බව නිසකයි. එමෙන්ම මේ App එක ඔස්සේ calls, Texts සහ File sharing ආදි Basic Features මෙන්ම Reworked Network Connections ආදි Features ද ලබා ගැනිමට හැකි වනු ඇත. එමෙන්ම දැනට Windows සහ Smart Phones සදහා භාවිත වන Microsoft Phone Links App එකට වඩා නම් හොද වනු ඇති බව නිසකයි.

Sources: Intel Gizmochina