Loading...
iPhone 12 and iOS 14 Leaks

දැනට තියෙන අලුත්ම ආරංචි අනුව මේ තමයි iPhone 12 Pro එකේ Camera Setup එක මේක iPhone 11 Pro එකේ වගේ Telephoto / Wide / Ultra Wide කියන sensors තුනත් new iPad Pro 2020 වල ආව LiDAR sensor එකත් එන්න නියමිතයි. හැබැයි මේ camera setup එක ප්‍රමාණයෙන් ලොකුයි ඒ කියන්නේ විශාල sensor size වල camera sensor එනවා කියන්න පුලුවන්.

දැනට තියෙන ආරංචි අනුව 52MP main sensor එකක් හරි 64MP main sensor එකක් එයි කියලයි හිතන්නේ. ඒ වගේම මේ sensor එකෙන් ගන්න පුලුවන් binded 12MP images ඒ කියන්නේ Quality එක improvement එකක් බලාගන්න පුලුවන් වෙයි

ඒත් මේ Design එකයි LiDAR එකයි විතරයි conformed වෙලා තියෙන්නේ තාම sensors ගැන solid leak එකක් නෑ.

ඔය අතරේ Appleලම iOS 14 Code එකේ iPhone 12 Pro Back Design එක Leak කරානේ. මේ ඒ Details අරගෙන හදපු renders වගයක්. දැන් iPhone 12 Pro Back Design එක 100% conformed.

iOS 14 ගැන තවත් ආරංචියක් මේ හැබැයි මෙක අර wallpaper section එක වගේ rock solid leak එකක් නම් නෙවේ. එත් එන්න පුලුවන් Appleලා test කරන එකක් මේ වෙද්දි

මේ කියන්න යන්නේ home screen එක ගැන මෙච්චර කල් අපිට පුලුවන් උනේ apps එහෙ මෙහෙ කරන්නයි folders හදන්නයි විතරනේ ඒත් දැන් widget add කරන්නත් පුලුවන් වෙන්න යන්නේ ඒත් ඔයාලා හිතනවා වගේ නම් නෙවේ.

දැනට අපේ home screen එකේ side එකේ widget panel එකක් තියෙනවානේ අන්න එක replace වෙනවා ඒ වෙනුවට එකේ දැනටත් තියන siri app suggestion එක්කම list app view එකක් එන්න යන්නේ මෙක apple watch එකක් තියන කෙනෙක්ට නම් හුරුයි නේ. ඒ වගේ හැබැයි intelligent , iphone එකට පුලුවන් වෙනවා සතියක් දෙකක් මාසයක් යද්දි අපේ app usage patterns අදුරගන්න අන්න ඒවා අදුරගෙන අපිට ඒ වෙලාවට ඔනේ apps මේ ලිස්ටි එකේ උඩින් වැටෙනවා.

ඒ කියන්නේ හිතන්න ඔයා හැමදාම හවස හරි උදේ හරි taxi app එකක් use කරනවා කියලා අන්න ඒ වෙලාවට මේ app එක උඩින්ම පෙන්නනවා. ඉතිං folders අස්සේ page පුරා apps හොයන්න ඔනේ නෑ හැබැයි ඔයාට ඔනේම නම් alphabetical order එකට මෙක view වෙන්න දෙන්නත් පුලුවන්.

දැන් බලමූ අර අයින් උන widgets වලට මොකද උනේ කියලා. iPadOS 13  වල අපිට මේ side widget panel එක home එකේම තියෙන්න දෙන්න පුලුවන් උනානේ අන්න ඒ වගේ ඒත් ඊට වඩා වෙනස් දෙයක්. දැනටත් අපි app එකක් haptic touch නැත්තන් 3D touch කරාම එකට අදාල widget එක පෙන්නනවානේ. ඒ වගේ අපිට app icon එක expand කරන්න පුලුවන් වෙනවා iOS 14 වල ඒ කියන්නේ app එකකට apps 4 ක් නැත්තන් 6ක් ගන්න ඉඩ අරගෙන home screen එකේම widget එකක් විදියට වැඩ කරන්න පුලුවන් හරියට ලොකූ app icon එකක් වගේ.

හැබැයි මේ icon එක clock එක calendar  icon එක වගේ live එකක් ඒ කියන්නේ ඒ app එකට අදාල details පෙන්නන්න පුලුවන්. එතකොට මෙක වෙනම widget එකක් නෙවේ ලොකු app icon එකක් widget එකක් වගේ ඒ වගේම එක ඔබලා අපිට ඒ app එක open කරන්නත් පුලුවන්. නැත්තන් short cut තියෙනවා නම් ඒ ලොකු icon එකේ app එකට අදාල එවා press කරන්නත් පුලුවන් සාමාන්‍ය widget එකක් වගේ. පල්ලෙහා concept එක මේ කියන දේට හොද උදාහරණයක්.

ඒ වගේම non intrusive Siri interface එකක් caller interface එකකුත් එනවා ඒ කියන්නේ mac os එකේ Siri active කරාම වගේ පොඩි කොටසක් විතරයි ඉඩ යන්නේ ඒ වගේම ඒ වෙලාවේ තියන app එක උඩින් වැඩ මේ වගේමයි android වල වගේ popup caller window එකකුත් එනවා. (මේක ඇත්තටම apple software design section head ට අනුව iOS 13 වලට එන්න තිබ්බ ඒත් අඩු පාඩු නිසා පස්සට දාපු දෙයක් ලූ.)

මේ ලීක් එකේ solid conformed ඒවා තුනයි.

  1. මොකක් හරි list view එකක් එනවා interface එකට ?
  2. Pop up caller windows එනවා
  3. මොකාක්ම හරි widget වල ජරමරයක් එනවා.

ඉස්සරහට තව දැනගන්න හම්බෙයි එතකොට වැඩි විස්තර කියන්නම්.

ඒ වගේම මේ වෙනකොට iPhone 12 series FaceID එකයි අලුත් battery එක A14 5nm chip එක වගේම අලුත් sizes වල displays mass production stage එකට ඇතුල් වෙලා තියෙනවා. දැන් ඉතිං වෙනස් වෙන්න පුලුවන් design changes පොඩ්ඩයි තියෙන්නේ.