පසුගිය පෙබරවාරි 28, Apple සමාගම විසින් තමන්ගේ iPhone 16 පවුලේ නවතම සහ ‘ලාභදායී’ සාමාජිකයා ලෝකයට හඳුන්වා දුන්නා. ඔවුන් විසින් මෙය හඳුන්වන්නේ “Latest iPhone, Greatest price.” යනුවෙනුයි. නමුත් මෙය හඳුන්වා දුන් ඩොලර් 599 කියන්නේ නම් ලංකාවේ අපිට තරමක් ඉහළ මිලක් ලෙස දක්වන්න පුලුවන්. ඒ අනුව මේක ඇත්තටම ‘ලාභදායී’ද කියලා ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා.
iPhone 16e කියන්නේ iPhone SE පවුලේ ඊළඟ පියවරක් විදිහට, SE කියන නම අතහැරලා හඳුන්වා දුන් දුරකථනයක්. මෙය A18 Chipset එක, අඟල් 6.1 OLED Display එක, 48MP Main Camera එක සහ Apple සමාගමේ පළමු in-house C1 5G Modem එක ආදී ඔවුන්ගේ නවතම Premium iPhone සතු විශේෂාංග කිහිපයකින් ද සමන්විත වනවා.
iPhone SE පවුලේ ඉතිහාසය: ආරම්භයේ සිට අවසානය දක්වා
iPhone SE (Special Edition) කියන්නේ Apple හි ලාභදායී iPhone පවුලක් විදිහට 2016දී ආරම්භ වුණු නව Edition එකක්. මේකෙ මූලික ඉලක්කය වුණේ iOS පරිශීලකයන්ට premium iPhone වලට වඩා අඩු මිලකට දුරකථනයක් ලබා දෙන එක. ඒත් ඒ iPhone එකටත් ඔවුන්ගේ බලවත්ම Chipset එකක් ලබා දීම සිදු වුණා.
- iPhone SE (1st Generation)
2016 මාර්තු 31දී එළිදැක්වුණු පළමු SE එකේ තිබුණේ iPhone 5S හි design එක, අඟල් 4 LCD තිරයක්, A9 චිපය (iPhone 6S එකේ තිබුණ එකම), 12MP කැමරාවක්, සහ Touch ID. ඩොලර් 399ක ආරම්භක මිලකින් එළිදැක්වුණු මේක ලෝකයේ බොහෝ දෙනෙකුට ආකර්ෂණීය වුණා. විශේෂයෙන්ම කුඩා දුරකථන ලෝලීන්ට. ඒ වගේම මෙහි ඒකක මිලියන 30කට වඩා විකිණි තිබෙනවා. - iPhone SE (2nd Generation)
2020 අප්‍රේල් 24දී එළිදක්වපු දෙවන SE එක සඳහා iPhone 8 හි design එක භාවිතා කළා. අඟල් 4.7 LCD තිරය, A13 Bionic චිපය (iPhone 11 එකේ තිබුණ එකම), 12MP කැමරාව, සහ Touch ID. $399ක ආරම්භක මිලත් එක්ක, මේකත් ඉතා ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම COVID-19 වසංගතයෙන් පස්සේ අඩු වියදම් iPhone එකක් හොයපු අයට මෙය හොද Smartphone එකක් වුණා. - iPhone SE (3rd Generation)
2022 මාර්තු 18දී එළිදක්වපු තුන්වන SE එකත් iPhone 8 design එකම භාවිතා කළා. අඟල් 4.7 LCD තිරය, A15 Bionic චිපය (iPhone 13 එකේ තිබුණ එක), 12MP කැමරාව, සහ 5G සහය. $429ක ආරම්භක මිලකින් එළිදක්වුණු මේකටත් ලොකු ඉල්ලුමක් තිබුණා. ඒත් Touch ID එකත් කුඩා තිරයත් එක්ක, නවීන iPhone ලෝලීන්ට ඒක ටිකක් පරණ ගතියක් දැනුණා.
SE පවුල ලෝකයේ බොහෝ දෙනෙකුට අඩු මිලකට iOS අත්දැකීමක් ලබා දුන්නත්, එය Apple හි premium brand image එකට ගැලපෙන්නේ නැති බවත්, SE design එක පරණ වෙන බවත් බොහෝ පුද්ගලයින් සාමාජ මාධ්‍යයන් ඔස්සේ පෙන්වා දුන්නා. ඒ වගේම iPhone mini (iPhone 12/13) වගේ අත්හදා බැලීම් අසාර්ථක වුණාම, Apple SE පවුලෙන් ඉවත් වෙලා iPhone 16e වගේ mainstream ලාභදායී මාදිලියකට යොමු වීම වඩා සාර්ථක වනු ඇතැයි Apple සමාගම සිතා ඇති බව අපට මේ අනුව හිතන්න පුලුවන්.
iPhone 16e එක මීට පෙර SE පවුලේ නිකුත් වුණ iPhonesවලට වඩා විශාල upgrade එකක් සමඟින් නිකුත් වුණා.

- අඟල් 6.1 OLED තිරය (60Hz). SE මාදිලිවල පැවති LCD තිරවලට වඩා ගුණාත්මක නමුත් 60Hz refresh rate එක premium iPhone 16 මාදිලිවල 120Hz එකට වඩා අඩුයි.
- Apple Intelligence සහය එක්ක නවතම A18 Chipset එක ලබා දී තිබෙනවා. මෙය SE මාදිලිවල Chipsetවලට වඩා ඉතා බලවත්.
- 48MP Main Camera එක 2x optical zoom පහසුකම සමඟින් Portrait ඡායාරුප සඳහාත් සහාය දක්වන අතර Premium iPhone සඳහා ලබා දී ඇති Camera Features රැසක් ද මේ සමඟ ලබා දී තිබෙනවා.
- Apple හි පළමු in-house Modem එක වෙන මේ C1 5G Modem එක, Qualcomm Modem එකට සමාන වේගයක් ලබා දෙනවා.
- ඔවුන් ප්‍රකාශ කරන විදිහට, මේ size එකේ හොඳම Battery Life එක ලබා ගත හැකි වනවා. ඒ අනුව එය පැය 26 පමණ වීඩියෝ playback එකක් පමණ වනවා.
- iPhone 14 වගේම notch එකක්, Face ID (Touch ID නොමැත), සහ USB-C port එකක්.
- නමුත් MagSafe නැති එක (Apple කියන විදිහට target audience එක wireless charging භාවිතා කරන්නේ නැති නිසා), ultra-wide කැමරාවක් නැති එක, සහ UWB (smart tags සඳහා) නැති එක වගේ දේවල් අඩුපාඩු විදිහට හඳුන්වා දෙන්න පුලුවන්.
iPhone SE හි අවසානයද?
iPhone 16e එකත් එක්ක SE නම අතහැරලා Apple “e” (economical?) කියන suffix එක mainstream iPhone පවුලට එකතු කරලා. SE එක ලාභදායී iPhone එකක් විදිහට හැම 2-3 වසරකට වතාවක් එළිදැක්වුණත්, iPhone 16e එකෙන් පස්සේ “e” මාදිලි හැම වසරකම එයි කියලා බලාපොරොත්තු වන්න පුලුවන්.
කෙසේ නමුත් SE හි කුඩා design එකට ආදරය කළ අයට මේක ලොකු පාඩුවක්. මොකද iPhone 16e එක iPhone 16 (146.7 x 71.5 x 7.8mm, 167g) එකට සමාන size එකක් වන නිසා. එනම් මෙය SE (2022) එකට (138.4 x 67.3 x 7.3mm, 144g) වඩා ලොකුයි.
iPhone 16e සඳහා ඇති විකල්ප ?
iPhone 16e එක SE පරිශීලකයන්ට නවීන iOS අත්දැකීමක් අඩු මුදලට ලබා ගන්න අවස්ථාව උදා කරනවා. Face ID, Apple Intelligence, වඩා හොඳ කැමරාවක් සමඟ බලපොරොත්තු වුවාට වඩා මිල ඉහළ යාමත්, Touch ID නැති වීමත්, 60Hz තිරයත් එක්ක ඇතැමුන්ට මේක එම මිලට වටින්නේ නැති වෙන්න පුළුවන්.
$599කට iPhone 15 ($699) හෝ refurbished iPhone 14 Pro ගන්නත් පුළුවන්. ඒවායේ ultra-wide කැමරා, MagSafe වගේ Features තියෙනවා. Android ලෝලීන්ට Samsung Galaxy S24 ($600) වගේ විකල්ප තියෙනවා, 120Hz තිරයක් එක්කම.
iPhone 16e කියන්නේ Apple හි SE පවුලේ ඉතිහාසයේ අවසානය සහ නව යුගයක ආරම්භයක්. SE හි ලාභදායී, කුඩා iPhone අත්දැකීම අවසන් වෙලා, iPhone 16e එක mainstream iPhone පවුලේ ‘ලාභදායී’ සාමාජිකයෙක් විදිහට එනවා. A18 චිපය, C1 මොඩමය, 48MP කැමරාව එක්ක එය බලවත් වුණත්, $599ක මිලත් 60Hz තිරයත් එක්ක SE ලෝලීන්ට මේක ටිකක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඔබත් ඉදිරියේදී මේ iPhone 16e Smartphone එකක් මිලදී ගන්න බලපොරොත්තු වෙනවා නම් ඔබේ අදහසත් මේ ගැන සඳහන් කරන්න අමතක කරන්න එපා.
Source: www.apple.com www.gsmarena.com www.cnet.com www.engadget.com