Loading...
ඉතාමත් හොඳ battery life එකක් ලබා දෙන බැටරියක් නිර්මාණය කිරීම සඳහා ජපාන ආයතනයක් සමත් වේ

වර්තමානයේ සැම Smartphone නිෂ්පාදකයෙකු මෙන්ම ඔවුන්ගේ Smartphones වල Battery Life එක පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ අනුව ඔවුන් විසින් මේ වෙන විට වැඩි Capacity සහිත Battery, Fast Charging Technology මෙන්ම වෙනත් විවිධ විවිධ Technologies හදුන්වා දෙමින් සිටිනවා.

සමාන්‍යයෙන් Smartphone එකක Battery Capacity එක කාලය ගත විමත් සමග ඒවාගේ මුල් Battery Capacity එකෙන් යම් ප්‍රමාණයක් අඩු වෙන බවත් සමාන්‍යයෙන් බොහෝ Smartphone වල පළමු වසර තුලදි ඒවාගේ Battery Capacity එකෙන් 1/5ක පමණ ප්‍රමාණයක් අහිමි වි යනු ලබනවා. ඔබ iPhone User කෙනෙක් නම් ඔබට ඔබගේ Battery Capacity එක Battery Health ආකාරයෙන් දැන ගැනිමට Apple ආයතනය විසින් හැකියාව ලබා දි තිබෙනවා.

මෙලෙස කාලය ගත විමත් සමග Battery Capacity එක අඩු විම පිළිබඳව පර්යේෂණ කරමින් සිටින ජපාන උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (JAIST) පර්යේෂකයන් පිරිසක් විසින් වසර පහක් දක්වා Battery Capacity එක මුල් තත්වයේම (95% දක්වා) පවත්වා ගැනිමට උපකාරි වෙන Revolutionary Material එකක් පිළිබඳව සොයාගෙන තිබෙනවා.

වර්තමානයේ පවතින සැම Battery එකක්ම මෙන්ම Battery ආරෝපණ වාර 500කට පමණ පසුව එහි Battery Capacity එකෙන් 40%ක් පමණ අඩු වි යන අතර මේ සදහා Battery වල අභ්‍යන්තරයේ පවතින Binder Materialවල ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. දැනට භාවිත වෙන Battery වල මේ Binder Material එක ලෙස බොහෝ විට භාවිත වෙනු ලබන්නේ Polyvinylidene Fluoride (PVDF) වෙන අතර මේවා භාවිත වෙන Battery වල ආරෝපණ වාර 500කට පසුව Battery Capacity එක 35% කින් පමණ අඩු විම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

මහාචාර්ය නොරියෝෂි මට්සුමිගේ (Noriyoshi Matsumi) ගේ ප්‍රධානත්වයෙන් යුතු JAIST පර්යේෂණ කණ්ඩාම විසින් මෙලෙස Battery Capacity එක අඩු වි යාමට ප්‍රධාන වශයෙන් හේතු වෙන Binder Material සදහා යොදා ගත හැකි නව Binder Material එකක් සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ කරන ලද පර්යේෂණ මගින් ආරෝපණ වාර 1700කට පසුවද Battery Capacity එක 95%ක තත්වයේ පවත්වා ගැනිමට මේ නව Binder Material එක සමත් වු බවට ඔවුන් පෙන්වා තිබෙනවා.

මෙලෙස ඔවුන් නව Binder Material එක ලෙස භාවිත කිරිමට හදුනාගෙන තිබෙන්නේ Bis-imino-acenaphthenequinone-Paraphenylene (BP) නම් ද්‍රව්‍යය යි. මේ නව Binder Material එක මගින් නිර්මාණය කරන ලද Battery වසර 05ක් දක්වා ඉතා කාර්‍යක්ෂම ලෙස භාවිත කල හැකි වෙනු ඇති බව මොවුන් විසින් පෙන්වා දි තිබෙනවා.

මෙම පර්යේෂණ කණ්ඩායම විසින් Smartphone Brand සමග කටයුතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ මගින් ඉදිරි අනාගතේයේදි Smartphone Battery Technology එකේ මෙන්ම වෙනත් තාක්ෂණික උපාංගවල Battery Technology එකේත් විශාල පෙරලියක් මේ සමග අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර අපි ඔබව‌‌ දැනුවත් කල විකිරණශිලි අපද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කල වසර 28000ක් පමණ භාවිත කල හැකි Self Charging Battery එක ගැනත්.

Source : Gizmochina