Nokia Mobile සන්නාමයට HMD Global ආයතනය මගින් නැවත වෙළඳපොල වෙත පිවිසිමේ දි ඉහළ දායකත්වයක් සැපයු HDM Global සමාගමේ Chief Product Officer මෙන්ම North American division එකේ Vice President වෙන Juho Sarvikas මහතා ඔහු විසින් HDM Global හි දරණ සියලු ධුරයන්ගෙන් ඉවත් විමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ මේ තිරණය පසුගිය දිනක ( 26 ) Juho Sarvikas මහතාගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කර තිබුණා.
After amazing 15 years with Nokia and HMD, I have made the tough decision that is time to move on. I'm so proud of what we have achieved together and know that the success of HMD & Nokia phones will continue. Follow @nokiamobile for Nokia Phones news. Thank you for everything ? pic.twitter.com/ZyCIsu7ouV
— Juho Sarvikas (@sarvikas) March 26, 2021
එම Twitter සටහනේ ඔහු විසින් වැඩි දුරටත් සටහන් කර තිබුණේ වසර 15ක HDM Global හි සේවා කාලයේ අවසානය වෙත ඔහු පැමිණ ඇති බවයි. එමෙන්ම මෙතෙක් කලක් Nokia සන්නාමය සමග ලබා ගත් ජයග්‍රහණ සියල්ල පිළිබඳව තමන් ආඩම්බර වෙන බවත් ඔහු සදහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මොහුගේ මේ ඉවත් විම සිදු වෙන්නේ HMD Global සමාගමේ මිලග Launch Event එකට සති එක හමාරක පමණ කාලයක් ඉතිරිව තිබියදියි.

කෙසේ වෙතත් තවමත් Juho Sarvikas මහතා විසින් ඔහුගේ මිලග Appointment එක කුමක් ද කියා ප්‍රකාශයට පත් කර නැ. තවමත් ඔහුගේ Twitter Bio එකේ ද දිස් වන්නේ ඔහු HMD Globalහි Chief Product Officer ලෙසයි.
Source : Gizmochina, Juho Sarvikas