Loading...
KaiOS - Mobile OS දෙකක් මදි ද ?

Nokia brand එක reboot කරාට පස්සේ Android phones එක්කම තව feature phone models , එහෙමත් නැත්තන් අපි keypad phone කියල හඳුන්වන phone models පෙලකුත් release කරා. නමුත් ඒ බොහොමයක් phones run වෙන්නේ අපිට හුරු පුරුදු Nokia Symbian OS එකෙන් නම් නෙවෙයි, Kai OS කියන මේ අලුත් mobile platform එකේ.

අමුතුම දේ තමයි තමන්ගේ තරඟකරුවෝ ලත් තැනම ලොප් කරන Google ආයතනය (Windows Mobile  වලට කරපු දේ මතකනේ) මේ Kai OS startup එකට ඩොලර් මිලියන 22ක ආයෝජනයක් කරන එක. වැඩි දෙනෙක් නොදන්නවා උනාට Kai OS තමයි දැනට ලෝකේ 3න් වෙනියට ජනප්‍රියම Mobile OS එක.

Kai OS ලොකුද ?

WhatsApp comes to millions of basic cellphones running KaiOS ...
Image source - Engadget

නෑ , Kai OS ලොකු නෑ. ඒක ගොඩක් පොඩියි. ඒ කියන්නේ 250MB memory එකක්  හොඳටම ඇති මේ OS එක run කරන්න. නමුත් විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් smartphone එකකින් නිතර use කරන,

  • Facebook
  • Twitter
  • YouTube
  • Google Maps
  • Google Assistant
  • Google Search
  • WhatsApp

වගේ services බොහොමයක් Kai OS එක හරහා අපිට use කරන්න හැකි වීම.

Kai OS මොකටද ?

Women Loan Scheme Low Interest On International Women's Day 2018 ...
Image source - Amarujala

ඔයා මේ article එක කියවන්නේ ඔයාගෙම Smartphone හෝ PC එකකින් නම් Kai OS run වෙන phone එකකින් ඔයාට වැඩක් නෑ.

හැබැයි Kai OS එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න Nokia, Alcatel, Jio වගේ OEM ල එහෙමත් නැත්තන් phone නිෂ්පාදකයෝ මේ OS එක ඉලක්ක කරන්නේ ආසියාව හා අප්‍රිකාව ආශ්‍රිත දියුණු වෙමින් පවතින රටවල් වල තවමත් Internet පාවිච්චියක් නැති මිනිස්සුන් ට.

ඉන්දියාව සහ තවත් අප්‍රිකානු රටවල් එකඟ වෙලා තියෙනවා මේ feature phones සඳහාම අඩු Data ගාස්තු යටතේ Mobile plans ලබා දෙන්න.

ඉන්දියාවේ Jio සමගම 4G plan 1GB/month සඳහා  $0.75 ක් සහ 42GB/month සඳහා  $2.35 තමයි මිල කරලා තියෙන්නේ. (ඔව්, 42GB).

Kai OS run වෙන 4G Jio phone එකක් සාමාන්‍යයෙන් LKR 3500ක් ආසන්න ගානක්. ඉතින් රුපියල් 4000ක් වගේ මුදලකට ඕනෑම කෙනෙක්ට දැන් 4G Internet browse කරන්න පුළුවන්.

මේ හේතුවෙන් එක පාරටම විශාල පිරිසකට ජිවිතේ පලවෙනි පාරට "online" එන්න හැකියාව ලැබිල තියෙනවා.

Kai OS සහ Internet

KaiOS Technologies Expands Integration with Popular Services from ...
Image source - Kaiostech

ඉතින් මේ පොඩි phone එකෙන් පුළුවන් ද internet යන්න ? ඔව් පුළුවන්. මේක තමයි Kai OS වල තියෙන ලොකුම විශේෂත්වය.

Mozilla එකෙන් කාලෙකට කලින් Mobile OS එකක් release කරා Firefox OS  කියල. ඒක ජනප්‍රිය උනේ නැති හින්ද Mozilla ඒ project එක ඇත ඇර දාල open source කරා. Kai OS එක මේ project එක අරන් වැඩි දියුණු කරලා තමයි මේ release කරලා තියෙන්නේ.

Android වගේම Linux Kernel එකක run උනාට මේකේ App එකක් කියන්නේ Web page එකක්. ඒ කියන්නේ App, install කරන්නේ නැතුව තමයි run වෙන්නේ. අපි Android phone එකකින් අත්විඳින features හැම එකක්ම නැති උනාට මුලික අවශ්‍යතා ටික ඉටු කරගන්න පුලුවන්.

PWA එහෙමත් නැත්තන් Mobile එකටත් PC එකටත් එක විදිහට optimize කරපු Webiste එකක් ඔයාට තියනව නන් ඒක App එකක් විදිහට Kai OS එකේ run කරන්න පුළුවන්. HTML 5, CSS සහ JavaScript කියන standard technologies තමයි මේකෙත් භාවිතා වෙන්නේ.

හැබැයි Kai OS App store එකට App එකක් දාන්න කලින් ඒගොල්ලෝ බලනවා ඒක Low-end devices වලට optmize කරලද කියල. තවමත් සිමා සහිත Apps ප්‍රමාණයක් තමයි App store එකේ තියෙන්නේ.

Kai OS සහ Google

WhatsApp arrives on feature phones running KaiOS
Image source - Android Police

Microsoft සමාගමේ Windows Mobile OS එක අසාර්ථක වෙන්න ලොකු හේතුවක් තමයි Google Apps support කරපු නැති එක. ඒත් Kai OS එකට ඩොලර් මිලියන 22ක ආයෝජනයක් කරනවා Google සමගම. ඉතින් ඇයි මේ වගේ තමන්ගේ තරඟකරුවන් ට දෙවිදිහකට සලකන්නේ ?

සරලම පැහැදිලි කිරීම තමයි මේ අලුතින් එකතු වෙන විශාල ජනකායේ පාලනය තමන් අතට ගන්න Google සමාගමට අවශ්‍ය වීම. Google apps හරහා මේ "අලුත්" පිරිසේ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔවුන් අතට පත් වෙනවා.

එතකොට අනාගතයේ Kai OS වඩා ලොකු දැවැන්ත platform එකක් උනොත් ඒකෙන් වැඩිම ප්‍රතිලාභයක් ලබන්නේ Google එක. Google එක ලාභ ලබන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

(Google සමගම තමන්ගේ තරඟකරුවන් ට දෙවිදිහකට සලකන එක ගැන ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්)