Loading...
Huawei Mate 40 සහ Mate 40 Proහි Leaked renders වලට අනුව කැමරාවේ විශාල වෙනසක්

Huawei Mate 40 සහ Pro වල leaked renders වලට අනුව Huaweiලාගේ 2019 Mate 30 range එක එක්ක ආව circular camera setup එකට stick වෙලා තියෙනවා. අලුතින් ම leak උන renders වලට අනුව ඉස්සරහට එන Mate 40 සහ Mate 40 Pro කියන devices වලත් ඒ විදිහටම සමාන හා තරමක් විශාල camera system එකක් feature කරනවා.

@OnLeaks, @Pricebaba සහ @HandsetExpert ලගෙ collective effort එකක් වෙන මේ renders වලින් එක සමාන ස්වරූපයක rear camera modules දෙකක් දැක බලාගන්න පුලුවන්. මේ camera systems දෙක වෙනස් වෙන්නේ camera sensor එකෙන් කියලයි වාර්තා වෙන්නේ.

Huawei Mate 40 විදිහට හැඳින්වෙන පලවෙනි image එකෙන් regular-looking sensors තුනක් දැකබලාගන්න පුලුවන් කම ලැබෙනවා. (Huawei Mate 30 එකේ wide, ultra-wide සහ telephoto lenses වල update එකක් විදිහටයි පේන්නේ)

ඊට යටින් තියෙන Huawei Mate 40 Pro විදිහට හැඳින්වෙන image එකෙන් ඉහලින් සදහන් කලා වගේම sensors 3ක් feature කරනවා. ඊට අමතරව square periscope sensor එකකුත් feature කරනවා.

අනිත් වෙනස්කම් ගැන කතා කරද්දී standard Mate 40 එකට තියෙන්නේ flat display එකක්. ඒ අතරේ Mate 40 Pro එක එන්නේ screen එක දෙපැත්තෙන් එන curved glass display එකකින්.

ඒ වගේම selfie cameras hold කරගන්න device දෙකටම feature වෙන්නේ pill-shaped cutout එකක්. පෙනුම base කරගත්තොත් Huawei ලා P40 Pro එකේ ToF (time-of-flight) 3D sensor එකක් තිබ්බ front-facing camera implementation එක use කරලා තියෙනවා කියලා නම් පේනවා.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද? දාමු comment එකක්.

Source : Techradar