Loading...
NOKIA 6300 (2020) සහ Nokia 8000 4G (2020)හි renders අන්තර්ජාලය හරහා හෙලි වේ

HMD Global සමාගම විසින් ඔවුන්ගේ පැරණි Nokia 6300 හා Nokia 8000 යන දුරකථන වල නව මාදිලි නිකුත් කිරීමට සුදානම් වන බවට මිට පෙර ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. මේ වන විට මේ දුරකථන දෙකේ Renders හා Design එක පිළිබඳව තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. ඒ වගේම මේ Phone දෙකම 4G Connectivity එකෙන් සමන්විත වෙන අතරම WIFI Hotspot එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන්.

Nokia 8000 4G

හැබැයි දැනට තියෙන තොරතුරුවලට අනුව නම් Nokia 8000 Phone එකේ Design එක පැරණි Nokia 8000 Phone එකේ Design එකෙන් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වි තිබෙන බව කිව යුතුයි. පැරණි Version එක Slider Design එකකින් සමන්විත වුවත් මේ Modern Version එකේ දැනට නිකුත් වි තිබෙන තොරතුරුවලට අනුව එවැනි Design එකක් දැක ගැනිමට හැකි වෙන්නේ නැ.

4G Connectivity එකෙන් යුතු මේ Phone එක Candy Bar Design එකකින් යුතු වෙන අතරම Alphanumeric Keyboard එකක් දකින්න පුළුවන්. මේ Design එක තුලින් මේ Nokia 8000 4G Phone එකට Premium Glass look එකක් ලැබි තිබෙනවා. ඒ වගේම මේ Phone එක WhatsApp හා Facebook Pre-installed විදහට පැමිණෙන අතර Wi-Fi Hotspot එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන්.

මේ Poster එකට අනුව මේ Phone එක අගල් 2.8ක LCD QVGA Display එකකින් සමන්විත වෙනවා. මෙහි 320 x 240ක Display Resolution එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ Device එක Snapdragon 210 Quad-core Processor එකෙන් බලගැන්වෙන අතර 512MB RAM එකක් සමග 4GB Internal Storage එකකින් සමන්විත වෙනවා. මෙහි OS එක KaiOS එක වෙනවා. ඒ වගේම 128GB දක්වා වු MicroSD Card මගින් Storage එක වැඩි කර ගත හැකි වෙනවා. පසුපස 2MP Camera Setup එකක් ලබා දි තිබෙනවා. Dual Nano SIM Phone එකක් වෙන මෙහි Battery Capacity එක 1500mAh පමණ වෙනවා.

Nokia 6300 4G

Design එක අනුව බලන විට නම් මේ Nokia 6300 4G Phone එකේ Design එකත් පැරණි Nokia 6300 Phone එකටම සමානයි කියන්න පුළුවන්.

මේ Nokia 6300 4G Phone එක Stylish Color-blocking Design එකකින් යුතු වෙනවා. මෙහි Stainless Steel Housing එකේ දෙපස LED Light දෙකක් බලාගන්න පුළුවන්. මෙය 240 x 320ක Resolution එකක් සහිත අගල් 2.4ක Display එකකින් හා පසුපස 2MP Single lens Camera Setup එකකින් සමන්විත වෙනවා. මේ Camera Setup එක මගින් 8X දක්වා Digital Zooming පරාසයක් ලබා ගත හැකි වෙනවා.

ඒ වගේම මේ Nokia 6300 4G Phone එක KaiOS operating System එකෙන් යුතු වෙනවා. මෙහි 7.8MB RAM එකක් හා 2GB Internal Storage එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Device එක 860mAh Replaceable Lithium-ion Battery එකකින් යුතු වෙන අතර මේ Battery එක මගින් දින 14  Standby Time එකක් ලබා ගන්න පුළුවන්. Dual SIM Phone එකක් වෙන මෙය අපිට Black, Blue, White හා Gold Colorsවලින් මිලදි ගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, LetsGoDigital, Gizchina