Loading...
LG සමාගම විසින් බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන Air Purifier මුඛාවරණයක් නිකුත් කරයි

LG සමාගම විසින් පසුගිය දිනක් ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක් වෙන Battery Powered Air Purifier Mask එක ගැන නිවේදනය කරනු ලැබුවා. මේ නව Air Purifier එක හරියට මේ දිනවල අප පළදින මුඛ ආවරණයක් වැනිය.

මෙය නැවත නැවත මාරැ කල හැකි Filter යුගලකින් සමන්විත වෙන අතර හුස්ම ගැනිමට උපකාරි වන ලෙසට සවි කරන ලද Battery Powered Fans ද මේ තුල අඩංගු වෙනවා. ඒ වගේම මේ තුල ඔබ හුස්ම ගන්නා අකාරය හදුනා ගෙන ඒ අනුව Fan Speed එක වෙනස් කල හැකි ආකාරයේ Sensors වලින්ද සමන්විත වෙනවා.

මේ වන විටත් පවතින ගෝලීය COVID-19 වසංගත තත්වය නිසා ඉදිරියටත් මුඛ ආවරණ සහිතව දෛනික කටයුතු කර ගැනිමට සිදු වනු ඇත. ඒ වගේම බෙහෝ දෙනා පළදින මුඛ ආවරණ මගින් අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ නැත. LG සමාගම විසින් නිපදවපු මේ නව Air Purifier මගින් මේ ගැටලුවලට වගේම මෙය නැවත නැවත භාවිතා කල හැකි විමත් අපට ලොකු පහසුවක් වනවා.

මේ නව Air Purifier Mask එක තුල Replaceable Filters දෙකක් හා හුස්ම ගැනිම පහසු කරවීම සදහා පවතින Motorized Fans ද අඩංගු වෙනවා. මේ Air Purifier තුලින් ගමන් කරන වාතය පෙරිමකට ලක් වෙනවා. මේ තුලින් ආසාදනවලට ගොදුරු නොවිම⁣⁣ට ඉඩ සලසනවා. මෙහිදි H13 HEPA Filters යොදා ගෙන තිබෙනවා.

මෙහි පවතින Respiratory Sensor මගින් භාවිත කරන්නාගේ ස්වසන චක්‍රය හදුනා ගෙන ඒ අනුව එහි පවතින Dual Three-speed Fans මගින් හුස්ම ගැනිමට අපහසු නොවන පරිදි හා හුස්ම ගැනිමට භාවිත කරන්නා විසින් යෙදිය යුතු ආයාසය අවම වන පරිදි හා හුස්ම ගැනිමට පහසු වන පරිදි පිරිසිදු වාතය ඇතුලට ලබා දිම යාමනය කරනවා. ඒ වගේම හානිකර විෂබිජවලින් ආරක්ෂා විය හැකි පරිදි UV-LED lights System එකකින් ද මෙය සමන්විත වෙනවා.

LG සමාගමේ මේ නව Mask එක සදහා Motorized Fans භාවිත ⁣වන නිසා එයට 820mAh battery එකක් නිෂ්පාදකයා විසින් අඩංගු කර තිබෙනවා. මේ Battery එක මගින් අපිට පැය 08 කට වඩා වැඩි කාලයක් මේ Mask එක භාවිතා කිරිමේ හැකියාව පවතිනවා.

ඒ වගේම මෙය සම්පූර්ණයෙන්ම ආරෝපණය වු පසු මෙන්ම මෙහි Filters Replace කිරිමට අවශය වු විටද LG ThinQ App එක මගින් අපට දැනුම් දිමක්ද ලැබෙනවා. මේ LG ThinQ App එක Android & IOS සියලු Devices සහයෝගය දක්වනවා. මේ Air Purifier Mask සැම කොටසක්ම නැවත නැවත මාරැ කල හැකි වන අතර ඒ සියල්ල ප්‍රතිචක්‍රිකරණය කල හැකි වෙනවා

මෙය නිල වශයෙන් නිවේදනය කර තිබුනද තවම නිල වශයෙන් වෙළදපොලට නිකුත් වන දිනක් හෝ මිළ ප්‍රමාණයක් ඔවුන් පප්‍රකාශ කර නැත.

Sources : The Verge & LG News Room