Loading...
ජංගම දුරකතන නිපදවීම නැවතූවද දැනට නිකුත් කර ඇති ජංගම දුරකතන සඳහා වසර 3 යන තුරු updates ලබා දෙන බව LG සමාගම නිවේදනය කරයි

‌‌‌‌‌‌
LG සමගම විසින් අප්‍රේල් 5 වන දින සිට තම smartphone සඳහා වන ව්‍යාපාර අංශයේ කටයුතු නිල වශයෙන් නවතා දමන බවට තොරතුරු අපි ඔබ වෙත පසුගිය දිනකදි ගෙන ආවා.

ඒ අනුව ජුලි 31ට පෙර LG සමාගමේ Smartphones සදහා වෙන ව්‍යාපාර කටයුතු, එනම් LG Smartphone නිපදවිම නවතා දමන බව ඔවුන් නිල වශයෙන් දක්වා තිබුණා. කෙසේ වෙතත් මෙලෙස Smartphone නිෂ්පාදනය නවතා දැමුවද දැනට වෙළඳපොල තුල ඇති හා පාරිභෝගිකයන් සතුව ඇති LG Smartphone සදහා අඛණ්ඩවම LG ආයතනය විසින් ඔවුන් සහය ලබා දෙන බවත් මේ සමග ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

Android 11 සදහා දක්වන LG Smartphones සදහා Android 11 OS Update ලබා දෙන බවත්, ඉදිරියේ දි LG සමාගමෙ සමහර Smartphones සදහා Android 12 OS Update එක ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

ඒ අනුව LG සමාගම විසින් Android 11 හා Android 12 OS Update ලැබෙන LG Smartphones List එක ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සමග Android 13 OS Update එක ලැබෙන LG Devicesවල List එකකුත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Android 11:
Wing, Velvet, Velvet LTE, V50S, V50, G8, Q31, Q51, Q52, Q61, Q70, Q92, Q9 One

Android 12:
Wing, Velvet, Velvet LTE, V50S, V50, G8, Q31, Q52, Q92

Android 13:
Wing, Velvet, Velvet LTE

LG Wing හා LG Velvet කියන Devices දෙක 2020 වසරේ නිකුත් වුණ අතර මේ Smartphones දෙක LG සමාගමේ 2020 වසරේ ප්‍රධාන නිෂ්පාදන ලෙස දක්වන්න පුලුවන්. ඒ අනුව එම Devices සදහා Android 12 OS Update එකට අමතරව Android 13 OS Update එකත් ලබා දිමට LG සමාගම බලාපොරොත්තුවෙන් සිටින අතර කෙසේ වෙතත් Android 12 OS Update එක ලබා දිමේදි යම් යම් ගැටලු ඇතිවුවහොත් Android 13 OS Update එක ලබා දිම බොහෝ විට අතහැර දමනු ඇත.

ඒ වගේම LG සමාගම විසින් ඔවුන්ගේ High-end Smartphones සදහා වසර තුනක් දක්වා OS Update ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් Mid-range හා Entry-level Smartphones සදහා වසර දෙකක් දක්වා OS Update ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් සදහන් කර තිබෙනවා.

Source : LG, GizChina