Loading...
LinageOS විසින් ස්මාර්ට් ජංගම දුරකථන 24ක් සඳහා වන Android 9.0 Pie සංස්කරණට ඉදිරියේදී සහය දැක්වීම නැවැත්වීමට කටයුතු කරයි

LineageOS කියන්නේ Stock Android Experience එක ලබා ගන්න පුළුවන් ආකාරයේ Smart Phones හා Tablet සදහා වු ඉතා ජනප්‍රිය Android Custom ROM එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදකයා විසින් Update හා Security Patches ලබා දිම අතහැර දැමු Devices ගණනාවක් සදහාම පසු කාලයේදිත් මේ Custom ROM එක මගින් Update හා Security Patches ලබා දිම සිදු කරනවා.

මේ Custom ROM එක Devices විශාල සංඛ්‍යාවක් සදහා සහය දක්වනු ලබනවා. මේ වන විට Androidහි නවතම සංස්කරණය වෙන Android 11 බොහෝ Smart Phone වලට නිකුත් කර ඇති බැවින් මින් පසු මොවුන් Android 9 - Pie සදහා වන Custom ROM එක සදහා Update හා Security Patches නිකුත් කිරිම සිදු නොවනු ඇති බව ඔවුන් දන්වා තිබෙනවා.

ඒ අනුව මින් පසු Devices 24 සදහා මේ LineageOS Custom ROM එක Update හා Security Patches ලබා දිම සිදු නොවනු ඇත. Android 9 - Pie මත නිර්මාණය කරන ලද LineageOS 16 නිල වශයෙන් 2019 මාර්තු මාසයේදි නිකුත් වුණා. එමෙන්ම පසුගිය වසරේ දි Android 10 මත නිර්මාණය කරන ලද LineageOS 17.1 නිකුත් විමත් සිදු වුණා.

දැන් Android 11 මත නිර්මාණය කරන ලද LineageOS 18.1 Version එක නිකුත් කිරිමට ඔවුන් සුදානමින් සිටින බැවින් මින් පසු Android 9 මත නිර්මාණය වු LineageOS 16 සදහා සහය ලබා දිම නවතා දමා තිබෙනවා.

ඒ අනුව Android 10 වෙත Upgrade කල නොහැකි එනම් Android 9 හිම පවතින LineageOS 16 භාවිත වන Devices 24ක් සදහා මින් පසු Update හා Security Patches ලබා දිමක් සිදු වෙන්නේ නෑ.

ASUS‌‌

  1. ASUS ZenFone 3‌‌
  2. ASUS ZenFone Max Pro M1
  3. ASUS ZenFone Max Pro M2

BQ‌‌

  1. BQ Aquaris X2‌‌
  2. BQ Aquaris X2 Pro

HONOR‌‌

  1. HONOR View10

HUAWEI

  1. HUAWEI P20 Pro
  2. HUAWEI P20 Lite‌‌
  3. HUAWEI P Smart

Lenovo‌‌

  1. Lenovo Yoga Tab 3 Plus Wi-Fi
  2. Lenovo Yoga Tab 3 Plus LTE

OPPO‌‌

  1. OPPO F1 (International)
  2. OPPO R5/R5s (International)‌‌
  3. OPPO R7s (International)‌‌
  4. OPPO R7 Plus (International)

Redmi‌‌

  1. Redmi 3S/3X
  2. Redmi 4X

Samsung‌‌

  1. Samsung Galaxy Grand 2 Duos
  2. Samsung Galaxy S5 LTE-A
  3. Samsung Galaxy S5 Plus‌‌
  4. Samsung Galaxy Tab S2 8.0 WiFi (2016)
  5. Samsung Galaxy Tab S2 9.7 WiFi (2016)

Xiaomi‌‌

  1. Xiaomi Mi5s

ZUK‌‌

  1. ZUK Z1

Source : Android Police, Gizmochina