Loading...
iPhone 14 Pro වල Dynamic Island වලට දැනට support කර​න apps මෙන්න

Apple සමාගම විසින් පසුගියදා iPhone 14 series එක එළිදැක්වූ අතර එහි 14 pro සහ pro max යන දුරකතන දෙකෙහි සුපුරුදු notch එක ඉවත් කොට front cam එක ඇහි කොටස pill hole එකකින් සමන්විත වූ Dynamic Island නම් නව විශේෂාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. අපි මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති.

Dynamic Island විශේෂාංගය මේ වන විට එහි ආරම්භක අවධියේ පවතින නිසා දැනට බොහෝමයක් Apple related apps මේ තුළින් විවිධ animations ලබා දීමට කටයුතු කරන අතර තවත් තෙවන පාර්ශවීය apps කිහිපයක්ද මේ තුළින් විවිධ ප්‍රයෝජන ගැනීමට සමත් වනවා.

Notifications සහ Alerts

1. Incoming Calls

ඔබට දුරකථන ඇමතුමක් ලැබෙන විට එය Dynamic Island එක තුළින් Popup වන අතර ඒ තුළින් ඔබට Call එක Answer කිරීම හෝ Reject කිරීමට අදාළ Controls ද දිස්වනවා.

2. Face ID

සෑම iPhone එකක් පාහේම ඔබව authenticate කර ගැනීමට භාවිතා කරන්නේ Face ID පහසුකමයි. එය Phone එක Unlock කිරීමේදී, Apps install කිරීමේදී වැනි බොහෝ අවස්තාවලදී භාවිත වනවා. දැන් ඔබට මේ Dynamic island එක තුළින් Face ID මඟින් ඔබව authenticate කරන බව Indicate වනවා.

3. Connecting Accessories

ඔබගේ iPhone එකට AirPods වැනි Apple Accessory එකක් connect කළ විට එය Connect වූ බව ඒ device එකේ battery status එකත් සමඟ ඔබට indicate කරනු ලබනවා.

4. Charging

ඔබ iPhone එක USB Adapter එක මඟින් AC Current එකට හෝ Mag Safe battery pack එකට Charge කිරීම සඳහා සම්බන්ධ කළ විට මෙය dynamically resize වෙලා දැනට තියෙන battery level එකත් එක්ක iPhone එක charge වෙන බව indicate කරනු ලබනවා.

5. AirDrop

Airdrop හරහා ඔබට File එකක් ලැබෙන විට එය වාතය හරහා එන්නාක් මෙන් අපට දැනෙන්නම මේ dynamic island එකේ animation එක හදලා තියෙනවා. මේක උඩ long press එකක් දුන්නාම් ඔයාට file receiving progress එකත් බලාගන්න පුලුවන්.

6. Muting Your iPhone

Alert Slider එක මඟින් ඔබ phone එක Ringer/Silent modes වෙත මාරු කරන විට එයද මේ තුළින් දැනුම් දෙනවා.

7. Focus Mode

ඔබ iPhone එක focus mode වෙත මාරු කරන විට එයද මේ තුළින් දැනුම් දෙනවා.

ක්‍රියාකාරකම්

1.Ongoing Calls

ඔබ call එකක සිටින විට එහි තත්තවය මෙහි පෙන්වනු ලබනවා. තවද මෙය අලංකාරය සඳහා ඔබ විසින් කතා කරන විට කොළ පාටින් waves යොදා ඇති අතර අනෙකා කතා කරන විට තැඹිළි පාටින්ද ඉතා අලංකාරව දර්ශනය වනවා.

බොහෝමයක් තෙවන පාර්ශවීය apps සඳහා ද ඇමතුම් ලබා ගැනීමට Apple Call kit එක භාවිතා කරන නිසා ඒවාද මෙහි පෙන්වනු ලබනවා.

Supported Apps

  • Inbuilt Call App
  • Face Time
  • WhatsApp
  • Telegram
  • Instagram
  • Google Voice
  • Skype
  • Messenger

2. Maps

3. Voice Memo (Voice Recordings)

ඔබගේ Voice එක record කරන විට මෙහි එය ආරම්භ වූ බවත් duration එකත් එයට ශබ්ද ලබා ගන්නා විට wave animation එකක්ද දිස්වනවා. තවද මේ dynamic island එක තුළින් popup වූ animation එක මත long press කිරීමෙන් recording stop/pause කිරීමත් එය ඇසීමත් සිදු කළ හැකි වනවා.

4. Screen Recordings

voice recording වල මෙන්ම screen recording වලද එය ආරම්භ වූ බවත් duration එකත් දිස්වනවා. තවද මේ dynamic island එක තුළින් popup වූ animation එක මත long press කිරීමෙන් recording stop/pause කිරීමත් එය අදාළ app එක තුළින් විවෘත කර නැරඹීමත් සිදු කළ හැකි වනවා.

5. Camera and Mic Indicators

iPhone එකෙහි මොනයම් හෝ කටයුත්තක් සඳහා ඔබගේ mic එක භාවිතා වනවා නම් මෙහි එය තැඹිලි පැහැති dot එකකින්ද ඔබගේ mic එක භාවිතා වනවා නම් එය කොළ පැහැති dot එකකින් දිස්වනු ලබනවා.

Music Apps

Music Streaming Apps බොහොමයක් Dynamic Island හි playback එකෙහි staus එක පෙන්වනවා. play වන සින්දුවේ Cover Art එක මෙන්ම wave animation එකක්ද දැකීමට හැකි වනවා. ඒ අතරම, ඔබ ඔබගේ iPhone එක HomePod වෙත හෝ Apple TV එකකට connect කළහොත්, wave animation එක වෙනුවට HomePod icon එක හෝ Apple TV icon එක ඔබට පෙන්වනවා.

Supported Apps

  • Apple Music
  • Spotify
  • YouTube Music
  • Audible (Audiobooks)
  • Overcast (Podcasts)
  • Amazon Music
  • NPR One
  • Soundcloud
  • Pandora

ඉතින්, මේ Dynamic Island එකේ ක්‍රියාකාරිත්වයෙන් ඔයා ගොඩක්ම කැමති මොකටද? තව මේ article එකේ මම කියපු apps වලට අමතරව මේකෙන් වැඩ ගන්න ඔයා දන්න apps තියෙනවා නම් අනිත් අයටත් දැනගන්නම එක්ක Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.