මීට දින කිහිපයකට ඉහතදී Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නොමිලේ නිරාවරණය කරනු ලැබුවා.
මේ ආකාරයට ප්‍රසිද්ධියට පත් දත්තයන් අතර මෙහි බලපෑමට ලක්වූ Facebook පරිශීලකයන්ගේ දුරකතන අංකයන්, සම්පූර්ණ නම, උපන්දිනය, විද්‍යුත් තැපෑල් ලිපිනය, උපන් ස්ථානය, Facebook ID සහ අනෙකුත් ජීව දත්තයන් ආදිය අඩංගු වෙනවා. මේ සතුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 32ක පරිශීකයන්ගේ දත්තයන්ද, ඉන්දියාවේ මිලියන 6ක පරිශීලකයන්ගේ දත්තයන්ද, එක්සත් රාජධානියේ මිලියන 11ක පරිශීලකයන්ගේ දත්තයන්ද ඇතුලත් වී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබදව නිකුත් වන නවතම තොරතුරු වලට අනුව නිරාවරණය වූ පෞද්ගලික තොරතුරු අතර Facebook සමාගමේ නිර්මාතෘ සහ CEO ලෙස කටයුතු කරන Mark Zuckerberg මහතාගේ සහ Facebook සමාගමේ සම නිර්මාතෘ වරුන් වන Chris Hughes සහ Dustin Moskovitz යන අයගේ දුරකථන අංකයන්ද ඇතුලත් වන බව සදහන් වෙනවා.
Regarding the #FacebookLeak, of the 533M people in the leak - the irony is that Mark Zuckerberg is regrettably included in the leak as well.
— Dave Walker (@Daviey) April 3, 2021
If journalists are struggling to get a statement from @facebook, maybe just give him a call, from the tel in the leak? ??@GazTheJourno pic.twitter.com/lrqlwzFMjU
Red Team Researcher කෙනෙකු ලෙස කටයුතු කරන Dave Walker මහතා twitter පණිවිඩයක් මගින් සදහන් කරන්නේ මෙසේ නිරාවරණය වූ Mark Zuckerberg මහතාගේ දුරකථන අංකය, පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් පණිවුඩකරණ යෙදුමක් වන Signal තුළද Mark Zuckerberg යන නමට ලියාපදිංචි කර ඇති බවයි.
In another turn of events, Mark Zuckerberg also respects his own privacy, by using a chat app that has end-to-end encryption and isn't owned by @facebook
— Dave Walker (@Daviey) April 4, 2021
This is the number associated with his account from the recent facebook leak. https://t.co/AXbXrF4ZxE
Source: thehackernews