Loading...
Mid-Range ජංගම දුරකථන සඳහා 5G සහය ලබාදීමට MediaTek ආයතන විසින් Dimensity 800U chipset එක එලිදක්වයි

Dimensity chipsets එකත් සමග ‌‌MediaTek විසින් ඔවුන්ගේ නව 5G Chipset එකක් වෙන Dimensity chipset එක පසුගිය දිනක හදුන්වා දුන්නා. මේ  Dimensity chipset එක කියන්නේ Mid-Range Devicesවලටත් 5G Connectivity ලබා දිමට බෙහෙවින් වැදගත් වෙන Chipset එකක් කියන්න පුළුවන්. මේ  Dimensity 800U chipset එක නිසා අඩු Cost එකකින් 5G Connectivity එක Mid-Range Smartphone සදහා ලබා දෙන්න හැකියාව ලැබෙනවා.

ඔවුන් මේ Chipset එක ගැන මේ ආකාරයේ කෙටි හැදින්විමක් දක්වලා ති⁣යෙනවා.වැඩි විස්තර මෙතනින්.

Ultra-Connected Dual 5G chip that Balances Immense CPU Speeds with an Efficiency-Focused Design"

Dimensity 800U කියන්නේ 7nm TSMC FinFET ක්‍රියාවලිය මගින් සැකසු Octa-core Chipset එකක්. මෙය 2.4GHz  ARM Cortex-A76 Cores දෙකකින් හා 2.0GHz Cortex-A55 cores හයකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙහි Mali-G57 MC3 GPU එකක්ද දක්නට පුළුවන්.

සමගම 5G Modemමය පැමිණෙන අතර මේ නිසා Dual-SIM Dual-Standby, Dual-mode 5G (SA/NSA) හා Carrier Aggregation සදහා සහය දක්වනවා. මේ සියල්ලටම  MediaTek හි 5G UltraSave තාක්ෂණයෙන් සහය ලබා දිලා තිබෙනවා.

මේ Chipset එකට Camera හා Security Enhancement සිදු කිරිමට වෙනම ක්‍රියාකරන Independent AI processing unit (APU) එකක් ඇතුලත් වෙනවා. එය 12GB දක්වා 2133MHz LPDDR4x වර්ගයේ RAM සදහා ද UFS 2.2-type Internal Storage සදහාද සහය දක්වනවා. ඒ වගේම මේ Chipset එක නිසා Mid-Range Smartphoneවලට 120Hz Refresh Rate එකක් සහිත Display ලබා දිමටත් හැකි වෙනවා. ඒ වගේම Full-HD+ හා MediaTek හි MiraVision තාක්ෂණය මගින් HDR10+ සදහාද මේ Chipset එක හොදින් සහය දක්වනු ඇත.

ඒ වගේම මේ Chipset එකෙන් Single 64MP sensor හෝ  20MP+16MP Dual-camera Setup එකක් දක්වා ඉතා හොදින් Perform කරන්න පුළුවන්. මිට අමතරව මේ Chipset එක මගින් 4K video Recording, HDR-ISP, Multi-frame noise reduction හා තවත් ගොඩක් Camera features අපිට භාවිත කරන්න අවස්ථාව Mid-Range Device එකකින් ලැබෙනවා.

විශේෂයෙන්ම මේ Chipset එක හරහා Mid-range Devices වෙතද 5G තාක්ෂණය ගෙන ඒමට එහි නිෂ්පාදකයාට හැකි වෙනවා. ඒ තුලින් අපිටත් Flagship Device එකකටම යන්නේ නැතුව 5G Experience එක වගේම හොද Features තියෙන Mid-range Device එකක් පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබෙන බව කියන්න පුළුවන්.

Sources :  Beebom, MediaTek