Loading...
මේ වසර සඳහා වන Spotify Wrapped ලබන සතියේ එළිදැක්වන බවට වාර්තා වේ

ලොව පුරා මිලියන 700කට වඩා වැඩි පරිශිලකයින් පිරිසක් භාවිතා කරන Spotify විසින් වර්ෂ අවසානයේ නිකුත් කරන 'Spotify Wrapped' හි 2025 සංස්කරණය ඉතා ඉක්මනින් එළිදැක්වීමට නියමිත බවට ප්‍රබල ඉඟි ලැබෙනවා. වාර්තා අනුව, මෙම Personalized Music Roundup ලබන සතිය මුලදී හෝ සතියේ මැදදී එළිදැක්වීමට ඉඩ ඇති බවට අනුමාන කරනවා.

Spotify විසින් Wrapped 2025 සඳහා වන Landing Page දැනටමත් සක්‍රිය කර ඇති අතර, මෙය වාර්ෂික Wrapped සමය ඉතා ආසන්න බවට වන විශ්වාසදායක ආරන්චියක් වනවා.

Spotify Wrapped සාමාන්‍යයෙන් එළිදක්වන්නේ නොවැම්බර් මස අවසාන දින කිහිපය තුළ හෝ දෙසැම්බර් මස පළමු සතිය තුළයි. Spotify Wrapped නිකුත් වූ දිනයන් පිළිබඳ පසුගිය වසරවල දත්ත මෙසේ වනවා.

  • 2024 - දෙසැම්බර් 4
  • 2023 - නොවැම්බර් 29
  • 2022 - නොවැම්බර් 30
  • 2021 - දෙසැම්බර් 1
  • 2020 - දෙසැම්බර් 1

මෙම රටාව සැලකිල්ලට ගනිමින්, 2025 දෙසැම්බර් 3 වන දින පමණ Spotify Wrapped නිකුත් කරනු ඇති බව බලාපොරොත්තු වන්න පුලුවන්, එ Spotify විසින් සාම්ප්‍රදායිකව Wrapped නිකුත් කරන්නේ සතියේ මැද දිනවලදී වන අතර, දෙසැම්බර් 3 වනදාට යෙදී ඇත්තේ බදාදා දිනයක් නිසාවෙනි.

Spotify මෑතකදී ChatGPT සමඟ හවුල්කාරී වූ නිසා, Wrapped 2025 හිදී පෙරට වඩා වැඩි AI-Powered Personalization සහ Storytelling හැකියාවන් දැක ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source: www.spotify.com www.androidauthority.com