ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් දිනපතා භාවිත කරන Meta සමාගමේ Messenger සේවාවට අදාළව වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Windows සහ macOS මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන Messenger හි Desktop Apps නිල වශයෙන් අත්හිටුවීමට සමාගම තීරණය කර තිබෙනවා.
Meta සමාගම සඳහන් කර ඇත්තේ, Windows සහ macOS සඳහා වන Messenger App එක සම්පූර්ණයෙන්ම අත්හිටුවීමේ ක්‍රියාවලිය එළඹෙන 2025 දෙසැම්බර් 15 වැනිදායින් පසු අවසන් වන බවයි.
දෙසැම්බර් 15න් පසු සිදුවන්නේ කුමක්ද?
මෙම දිනයෙන් පසුව, පරිගණකයේ ස්ථාපනය කර ඇති Messenger Desktop App එකට පිවිසීමට (log in) පරිශීලකයන්ට නොහැකි වනු ඇති අතර, ඔවුන් හට Messenger සේවාවට පිවිසීමට වෙනත් විකල්ප වෙත මාරු වීමට සිදුවේ.
01.සාමාන්‍ය Facebook ගිණුමක් සහිත පරිශීලකයන් සඳහා:
- Messenger Desktop App එක Open කිරීමට උත්සාහ කළ විට, ඔවුන්ව ස්වයංක්‍රීයව Facebook වෙබ් අඩවිය වෙත යොමු කරනු ලැබෙන අතර ඉන් පසුව Web Browser එක හරහා Messenger වෙත පිවිසිමට සිදුකළ හැකියි.
- Windows පරිශීලකයන්ට, ප්‍රධාන Facebook Desktop App එක හරහා ද Messenger වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් හිමිවනවා.
02.Facebook ගිණුමක් නොමැති Messenger පමණක් භාවීත කරන ගිණුම් හිමියන් සඳහා:
- මෙම පරිශීලකයන්ව කෙලින්ම Messenger වෙබ් අඩවිය (Messenger.com) වෙත යොමු කරනු ලැබෙනවා. ඔවුන්ට Facebook ගිණුමක් නිර්මාණය නොකරම, Messenger.com වෙබ් අඩවිය හරහා අඛණ්ඩව සේවාව භාවිත කිරීමේ හැකියාව පවතී.
මේ වන විටත්, Apple App Store සහ Microsoft Store යන App ගබඩාවලින් Messenger Desktop App එක ඉවත් කර ඇති බැවින්, නව පරිශීලකයන්ට එය බාගත කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර දැනට යෙදුම භාවිත කරන අයට පමණක්, නිවේදනය ලැබුණු දින සිට දින 60ක සංක්‍රාන්ති කාලයක් (transition period) ලබා දෙන බව වාර්තා වේ.

Chat History එකට මොකද වෙන්නේ ?
මෙම වෙනස්වීම් හමුවේ පරිශීලකයන් සිය Chat History පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඔවුන්ගේ සියලුම පණිවිඩ ආරක්ෂිතව තබා ගැනීම සඳහා, Meta සමාගම පහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස නිර්දේශ කරනවා.
- Messenger Desktop App එක විවෘත කරන්න.
- ඔබේ Profile Picture එකට ඉහළින් ඇති Settings Icon එක වෙත යන්න.
- Privacy & Safety තෝරන්න.
- එතැනින් End-to-end encrypted chats වෙත පිවිසෙන්න.
- Message storage තෝරන්න.
- "Turn on secure storage" යන විකල්පය සක්‍රීය කර ඇති බවට තහවුරු කරගන්න.
- මෙම අවස්ථාවේදී, secure storage වෙත පිවිසීම සඳහා PIN කේතයක් සකස් කිරීම අත්‍යවශය වේ.
ඔබ මෙම පියවර අනුගමනය කළහොත්, ඔබ Web Version වෙත මාරු වූ පසු ද ඔබේ පණිවිඩ ඉතිහාසය ආරක්ෂිතව සුරැකීව තබා ගත හැකි වනවා.
Source: www.facebook.com www.bgr.com techcrunch.com








