Loading...
විනාඩි 23කින් 100% charge වෙන, 120X zooming lens එකකින් යුක්ත Mi 10 Ultra

Xiaomi සමාගමේ අලුත්ම, ගොඩක් Powerful Device එකක් විදිහට MI 10 Ultra එක දක්වන්න පුලුවන්. Flagship Device එකක් වෙන මේ MI 10 Ultra දුරකථනය අපිට මිලදි ගන්න පුලුවන් වෙන්නේ Color Variant තුනකින්. ඒ Black, Silver & Transparent Edition එක මගින්.

Silver Colour ,Transparent & Black Colour 

Body & Design

221.8g ක බරකින් යුතු මේ Device එක මිලිමීටර් 163.38ක දිගකින්, මිලිමීටර් 75.04ක පළලකින් හා මිලිමීටර් 9.45ක ඝණකමකින් යුතු වන අතර USB Type-C Charging Port එකකින් සමන්විත වෙන බවයි දැක්වෙන්නේ.

MI 10 Ultra එකේ Design එකට යම් සමානකමක් දක්වන බව කියන්න පුලුවන්.
ඒ වගේම මේ Device එක Ceramic Back Panelකින් යුතු විය හැකියි. ඉහලින් හා පහලින් පිහිටන Dual Speaker Setup එකක් මගින් හොද Sound Quality එකක් ලබා දෙන බව නිසකයි.

Display

මේ Device එකේ අගල් 6.67ක වම් පසින් පිහිටන Punch Hole Cut Out එකකින් යුතු Curved Display එකක් බලා ගන්න පුලුවන්.

FHD+ (2340 x 1080) AMOLED Display එකකින් සමන්විත වෙනවා. ⁣මෙය 19.5:9 Aspect Ratio එකකින් යුතු HDR10+ Support , 10-bit colors වලින් යුතු Display එකකින් සමන්විත වේ.

Display එක අගල් 6.67ක Full-HD+ AMOLED Display වේ. මෙහි Display Refresh Rate එක 120Hz වන අතර Touch Response Rate එක 240Hz වනවා.

Platform

OS එක වෙන්නේ නවතම MIUI 12 සංසරණය මත පදනම් වු Android 10 මගින්.

Qualcomm® Snapdragon™ 865 , KyroTM 585 Processor මගින් බල ගැන්වෙන අතර AdrenoTM 650 GPU එකෙන් සමන්විත වෙනවා.

ඒ වගේම මේකට භාවිතා කරන LPDDR5 RAM හා UFS 3.1 Storage මගින් දැනට වෙළදපොල තියෙන Deviceවලට අභියෝග කල හැකි අකාරයේ Fast & Smooth User Experience එකක් ලබා ගන්න පුලුවන් වන බව නොඅනුමානයි.

Xiaomiලාගේ MIUI OS එක මගින් අපිට සාමාන්‍ය Android OS එකට වඩා වෙනස්ම Experience එකක් ලබා ගන්න පුලුවන් බව හැමෝම දන්න දෙයක් නේ. ඉතින් MIUI 12 සමගින් එන මේ Device එකෙන් අපිට අලුත් Experience එකක් ලබා ගන්න පුලුවන්.

Memory

මේ Device එක 16GB  RAM එකක් දක්වා මෙන්ම 512GB Storage එකක් සහිතව මිලදි ගැනිමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ වගේම අපිට 8/12/16GB RAM Version වගේම 128/256/512GB Internal Storage Versionවලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙයි.

Main Camera

බැලු බැලුමටම මේක නම් සුපිරි Camera Setup එකක් කියල කියන්න පුලුවන්.Main Camera එක විදිහට අපිට Quad-Camera Setup එකක් මොවනු ලබා දිලා තියෙනවා.

මේ Camera Setup එකේ Primary Lens එක විදිහට OIS & EIS Supported 48MP Ultra-large Pixel එකක් සහිත main camera එකක් ලබා දිලා තියෙනවා. මෙහි Sensor size එක 1/1.32-inch බවත් Pixel Size එක 2.4μm බවත් Aperture එක f/1.9 බවටත් තොරතුරැ පල වෙනවා.

20MP Ultra Wide Lens එක මගින් අංශය 128ක් දක්වා පුළුුල් පරාසයක ජායාරූප ගැනිමේ හැකියාව වගේම මේ Lens එකම Macro ජායාරූප ලබා ගැනිම සදහාත් භාවිත කරන්න පුලුවන්. මේ Lens එකේ Aperture එක f/2.2 ද Focal Length එක 12mmක් ද වෙනවා.

Portrait ජායාරූප සදහා 2X Optical Zoom කල හැකි 12MP Telephoto Lens එකක්ද ද මේ Quad-Camera Setup එකට ලබා දිලා තියෙනවා. මෙහි Focal Length එක 50mmක් පමණ ද Aperture එක f/2.0 පමණ ද වෙනවා. මේ Lens එක මගින් ඉතා හොදා Landscape, Architecture, Proup & Portrait photo ගත හැකි බව සදහන් වෙලා තියෙනවා.

ඒ වගේම මේ Device එකේ විශේෂතම Lens එක වෙන 120x Digital Zoom Telephoto Lens එක දක්වන්න පුලුවන්. 48MP f/4.1 සහිත මේ  Periscope Telephoto Lens එක මගින් 5× Optical Zooming Range එකක් වගේම 120× දක්වා Hybrid Zooming Range එකක් පවතිනවා.

මේ සුපිරි Camera Setup එකෙන් ඕනැම ආලෝක තත්වයක් යටකේ ඉතා හොද ජායාරූපයක් ගැනිමේ හැකියාව පවතිනවා.

ඒ වගේම OIS හා 8K Video Recoding පහසුකමත් ලැබෙනවා. HDR10 Video Capture කිරිමේ හැකියාව මගින් ඉතා හොද Dynamic Range එකක් හා Color Gamut  එකක් සහිත Video Record කිරිමේ හැකියාව මේ Camera Setup එකට පවතිනවා.

8K@24fps, 4K@30/60fps, 1080p @30/60/120/240/960fps යන Frame Rate වලින් Video Capture කිරිමේ හැකියාව පවතිනවා. 960fps Frame Rate එකක් සහිත Macro Slow-Motion Video Capture කිරිමේ හැකියාව ද පවතිනවා.

AI 2.0, Night Mode 2.0, Shoot Steady Video, Vlog Mode වගේ Features ගොඩක් ලබා දිලා තියෙනවා. මේ Camera Setup එක සමග Dual-LED Dual-Tone Flasher එකක් ලබා දිලා තියෙනවා.

Selfie Camera

මෙය 20 MP 1.8mm On-Display Wide Selfie Camera එකකින් සමසමන්විත වෙනවා. AI Portrait Selfies, AI Scene Detection, Portrait Video වගේ Features මේ Front Camera එකකටත් ලබා දිලා තියෙනවා. Slow Video Recodingවලදි අපිට 720p @120fps Format එකෙන් Video Recoding පහසුකම තියෙනවා.

Sound

මේ දුරකථනය සමන්විත වෙන්නේ  Dual Stereo Speaker Setup එකකින්. මේ තුලින් ඉතා හොද Audio Quality එකක් ලබා ගැනිමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ Speaker Setup එකට Hi-Res Audio Certification එකත් ලබා ගෙන තියෙනවා.

Battery

4,500mAh Non-Removable Battery එකකින් යුතු වන මේ සමග 120W fast charging පහසුකම ලබා දිලා තියෙනවා.

ඔවුන්ට අනුව මේ දුරකථනය 100% දක්වා Charge කිරිමට ගත වෙන්නේ මිනිත්තු 23ක් පමණයි.

ඒ වගේම මේ Phone එක 50W Wireless Charging පහසුකමත් සමග පැමිණෙන අතර ඒ තුලින් මිනිත්තු 40ක දි Battery එක Full Charge කිරිමේ හැකියාව පවතිනවා.

ඒ වගේම 10W Wireless Reverse Charging Feature එකත් මේ සමග තබා දිලා තියෙනවා.

Other Features

In Screen Fingerprint Sensor එකක් ලබා දිලා තියෙන අතර Face Unlock පහසුකමත් හිමි වෙනවා. Wi-Fi 6 හා 5G Network Connection Support කරන අතර Multi-functional NFC හා IR Blaster එකක් ලබා දිලා තියෙනවා.

ඒ වගේම මේ දුරකථනය ඉතාමත් හොද Liquid Cooling System එකක් ලබා තියෙනවා. Liquid Cool 2.0 Vapor Chamber සමග 6-Stack Graphite Layer එකකින් හා Graphene වලින් මේ Cooling System එක සමන්විත වෙනවා.

මිල ගණන් ගැන සදහන් කරනව නම් EUR 650 සිට ඉහලට ඇති මිලකට මේ දුරකථනයේ මිල නියම වෙයි කියල අපිට කියන්න පුලුවන්.