Loading...
Xiaomi තම පළමු Foldable Smartphone එක ලෙස Mi Mix Fold ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කරයි

Xiaomi Mi Mix Fold කියන්නෙ Xiaomi සමාගමේ පළමුවැනි Foldable Smartphone එක. මේ වෙද්දි Foldable Smartphones වල දැවැන්තයෝ වන Samsung Galaxy Z Fold 2 සහ Huawei Mate X2 යන Foldable Smartphones වලට ඉතාම ප්‍රබල තරගකරුවෙකු ලෙසයි මෙය නිකුත් කරනු ලැබුවේ. මෙය සමාන්‍ය Foldable Smartphone එකකත් සාමාන්‍ය flagship smartphone එකකටත් නොමැති නවතම විශේෂාංග රැසකින් නිකුත් කරන්නට Xiaomi සමාගම සමත් වුණා.

එම විශේෂාංග වලින් විශේෂම අංගයක් වන්නේ මෙම දුරකථනය තුළ Xiaomi සමාගමේම නිෂ්පාදනයක් වන Surge C1 image signal processor (ISP) එක මෙහි අඩංගු වීමයි. මීට අමතරව මෙහි Liquid Lens තාක්ෂණයද මෙහි අඩංගු වෙනවා. මේවායේ අර්ථය නම් මොවුන් විසින් මෙම දුරකථනයේ camera එක පිළිබදව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. තවත් පුදුමයට කාරණයක් වන්නේ මෙම Surge C1 image signal processor එක මෙම Launch Event එකේ පළමු අදියරේදී නිකුත් වුණු ඔවුන්ගේ Mi 11 Ultra Flagship දුරකථනය තුළවත් අඩංගු නොවීමයි.

දැන් අපි මෙම Xiaomi Mix Fold දුරකථනයේ විශේෂාංග ගැන කෙටියෙන් විමසා බලමු.

Display

මෙම දුරකථනයට අගල් 8.01 ක WQHD+ flexible AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1860 x 2480 කි. මේ display එකට 60 Hz ක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 4:3 කි. මෙම display එකට HDR10+ සහය දක්වයි.

මෙහි Secondary Display එක එහෙමත් නැත්නම් Cover Display වෙන්නෙ අගල් 6.52 ක් AMOLED display එකක් සහ එහි resolution එක 840 × 2520 කි. මේ display එකට 90 Hzක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 27:9 කි. මෙම display එකට HDR10+ සහය දක්වයි.

Chipset, Ram, Storage

Xiaomi Mi Mix Fold දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්. මෙම දුරකථනය මාදිලි 2 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 12 GB RAM එකක් සමග 256 GB Storage එකක්, 12 GB RAM එකක් සමග 512 GB Storage එකක් සහ 16 GB RAM එකක් සමග 512 GB Storage එකක් ආදී ලෙසිනි. ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී
නැත.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 10 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 12 වේ.

Battery

Xiaomi Mi Mix Fold හි battery එක විදියට Li-Po 5020mAh non-removable battery එකක් සහ එයට 67W fast charging පහසුකමත් පවතිනවා. Xiaomi පවසන ආකාරයට මෙම දුරකථනයේ battery එක මිනිත්තු 37 කින් සම්පූර්ණයෙන් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 108-megapixel f/1.8 aperture එකක් සහ OIS පහසුකම අඩංගු වන Samsung HM2 sensor primary sensor එකකිනුත්, secondary sensor එක විදියට 8-megapixel Liquid Lens තාක්ෂණය සහිත telephoto lens එකක් හා, 13-megapixel ultrawide lens ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps දක්වාත් 4K videos 60fps දක්වා සහ 1080p videos 60fps දක්වාත් gyro-EIS පහසුකම සහිතව Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 20 MP wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 60fps දක්වාත් 720p videos 120fps දක්වාත් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Side Mounted Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors මෙම device තුළ අඩංගු වෙනවා.

Price

Xiaomi Mi Mix Fold දුරකථනයේ 12GB/256GB model එක ආසන්න වශයෙන් $1,525 ක්, 12GB/512GB model එක ආසන්න වශයෙන් $1,678 ක් හා 16GB/512GB model එක ආසන්න වශයෙන් $1,984 ක මිලකට නිකුත් උනා.

Sources :- GSMArena , NDTV