Loading...
MIUI 13 සංස්කරණය ලැබෙන දුරකථන ලැයිස්තුව නිල වශයෙන් එලිදැක්වීමට Xiaomi සමාගම කටයුතු කරයි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Smartphones වල Android Operating System එක Update කිරීම කියන කාරණයෙදි තරමක් මන්දගාමී වෙන බව ප්‍රසිද්ධ කරැණක් වනවා. කෙසේ නමුත් Xiaomi Usersලා නම් මීළඟ Android Update එක හා MIUI 13 එනතුරු ඇඟිලි ගනිමින් සිටින බව අපි දන්නවා.

ඔන්න ඒ අයට සුබ පණිවිඩයක් පසුගිය 28 වනදා පැවැත්වුණු Xiaomi 12 Launching Event එකේදී ලැබුණා. ඒ තමයි MIUI 13 ලැබෙන Devices list එක නිල වශයෙන් නිකුත් කිරීමයි.

පහතින් දැක්වෙන්නෙ MIUI 13 Update එක ලැබෙන Device Models වල Global List එකයි. Xiaomi සමාගම පවසන්නේ 2022 වසරේ මුල් කාර්තුවේ සිට මේ Updates නිකුත් කිරීමට ආරම්භ කරන බවයි.

  • Xiaomi Mi 11
  • Xiaomi Mi 11i
  • Xiaomi Mi 11 Ultra
  • Xiaomi Mi 11X
  • Xiaomi Mi 11X Pro
  • Xiaomi Pad 5
  • Redmi 10
  • Redmi 10 Prime
  • Xiaomi 11 Lite 5G NE
  • Xiaomi 11 Lite NE
  • Redmi Note 8 2021
  • Xiaomi 11T
  • Xiaomi 11T Pro
  • Redmi Note 10 Pro
  • Redmi Note 10 Pro Max
  • Redmi Note 10
  • Xiaomi Mi 11 Lite
  • Xiaomi Mi 11 Lite 5G
  • Redmi Note 10 JE

දැන⁣ට Xiaomi සමාගම විසින් පළමු කාර්තුවේ සිට Update නිකුත් කිරිමට සුදානමින් සිටින Global Xiaomi Devices ලැයිස්තුව පමණක් මෙලෙස නිල වශයෙන් නිකුත් කර ඇති අතර ඉදිරියේ දී MIUI 13 Update එක ලැබෙන සම්පූර්ණ ලැයිස්තුව ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම MIUI 13හි UI Stability සහ දෝෂ නිවැරදි කිරීම් (Bug Fixes) සිදුකර තිබෙනවා. MIUI 12 හා සසඳන විට MIUI 13 Fluecy බව 15% සිට 52% දක්වා වැඩි දියුණු කර ඇති බව Xiaomi සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Source : Gizmochina