Loading...
ඇමරිකානු ඩොලර් 399කට Moto G Stylus 5G දුරකතනය එලි දැක්වීමට Motorola සමාගම කටයුතු කරයි

Motorola සමාගමේ පළමු 5G Budget Smartphone එක වෙන Moto G Stylus 5G පසුගිය දිනක දි එළිදැක්වනු ලැබුවා. මේ Budget 5G Smartphone එක Qualcomm Snapdragon 480 5G Chipset එක මගින් බලගැන්වෙනවා. මෙය හදුන්වා දි තිබෙන්නේ ඩොලර් 399ක පමණ මිලකටයි.

Camera

අගල් 6.8ක FHD+ Max Vision Hole punch Display එකකින් යුතු මෙහි Selfie Camera එක Device එකේ වම්පසට ඇතුළත් කර ඇති අතර එය 16MP resolution එකකින් යුතු වෙනවා. 48MP Primary Camera Lens එකක් සහිත Quad Camera Setup එකක් මේ  Smartphone එක ලැබී තිබෙන අතර 8MP Ultra wide angle Camera, 2MP Depth Camera එකක් හා 5MP Macro Sensor එකක් ලබා දි තිබෙනවා. මේ Device එකත් සමග Spot Colour Photo Feature එක හා Dual Capture Feature ද ලබා දි තිබෙනවා.

Memory සහ Battery

මෙය 6GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් සමන්විත වෙන අතරම MicroSD Card මගින් 1TB දක්වා Internal Storage එක වැඩි කර ගත හැකි වෙනවා. ඒ වගේම මේ සදහා Back Side Fingerprints Scanner එකක් ලබා දි තිබෙනවා. 10W Fast Charging සදහා Support කරන මේ Moto G Stylus 5G Smartphone එ⁣ක සදහා 5000mAh Battery එකක් ලබා දි තිබෙනවා.

අනෙකුත් විශේෂාංග

Bluetooth 5.1, FM Radio, Audio Jack, මීට අමතරව Stylus Pen පහසුකම් ලබා දි තිබෙන අතර මෙය Android 11 මත පදනම් වු Motorola MY UX එක මගින් සමන්විත වෙනවා වගේම ThinkShield For Mobile මගින් Business Grade Security එකක් ලබා දිමට මේ Device එකට හැකි වෙලා තියෙනවා.

සුවිශේෂී අංගයක් වුවත්...

මේ Device එකේ විශේෂම දේ වෙන්නේ Stylus Pen Support කිරිමයි. නමුත් මේ වෙන විට LG සමාගම ද Smartphone නිෂ්පාදනයෙන් ඉවත් වි සිටින බැවින් Stylus Series එකේ Smartphone සදහා දැනට පවතින එකම විකල්පය වෙන්නේ Samsung Flagship Devices කිහිපයකුයි.

මේ Moto G Stylus 5G Budget Smartphone එක මගින් Stylus Smartphone සදහා සාර්ථක විසදුමක් ලබා දෙනු ඇත.

Source: Motorola, Gizmochina