Loading...
ශ්‍රී ලංකාවට Motorola නිල වශයෙන් එළි දැක්වීමට කටයුතු කරයි

Motorola යනු දැනට ලංකාවෙ ප්‍රසිද්ධ brand name එකක් නොවුනට US, UK, China, India වගේ රටවල් වල most selling mobile brand name වල උඩින්ම ඉන්නවා. Smart phone ආගමනය කලින් අපි අතර තිබ්බ phone වර්ග අතරින් Motorola phone මතකයේ තියෙනවා. Smart phone ආගමනයත් එක්කම Motorola phone selling down වෙනවා. ඒත් එක්කම තමයි Google විසින් Motorola shares අරගෙන Google company එක යටතේ තියාගෙන smart phone release කරන්න ගත්තෙ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි Moto G series, Moto X series වගේම wearable devices වෙන Moto 360 series එක launch කරන්නෙ.

2015 දි Google ලග තිබුන shares, Lenovo company එකෙන් මිලදී ගන්නවා. ඔන්න ඔහොම තමයි Motorola Lenovo යටතට ගියේ. Lenovo, Motorola නම short කරලා Moto නමින් devices release කරන්න පටන් ගත්තා Motorola usersලා මේකට එච්ච්ර කැමති උනේ නැ, petition පවා launch කලා. ඒ හින්දම නැවත 2018 අවුරුද්ද වන මේ අවුරුද්දේ Motorola නම ලබා දුන්නා.

මේ හැමදේම දැන ගත්තත් බොහොමයක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි ලෝකයේ මුල්ම ජංගම දුරකතනය නිපදවූයේ මාටින් කූපර් මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් Motorola සමාගම කියන එක.

සාමාන්‍ය දැනුමට...
1973 April 3 වගේ දවසක තමයි Mr. Martin Cooper Motorola ආයතනය සමග එක්තුවෙලා ලොව ප්‍රථම ජංගම දුරකතනය නිර්මාණය කෙරුණේ.

පාන් ⁣රාත්තලක මිල රු 3.50 කට තිබුණ යුගයක ජංගම දුරකතනයක එන ඇමතුමකට හලෝ කියා කිවත් පලමු තප්පරයේදීම රු 13.00 කැපෙන යුගයක් තිබූ බව ඔබ අසා ඇතිද? ඒ අප රටට ප්‍රථමයෙන් ජංගම දුරකතන පැමිණි යුගයයි. මුළු ලෝකයෙන්ම ජංගම දුරකතන පද්ධති හඳුනවාදිමේ හා ස්ථාපිත කිරීමේ තිස්හය වන තැනට සිටි පෞද්ගලික සමාගමක් වන Millicom International Celluler S.A සමාගම විසින් 1989 ජුනි මස CELLTEL වෙළඳ නාමය යටතේ අප රටට පලමු වරට ජංගම දුරකතන හඳුුන්වා දෙන ලඳී.

එකල Motorola වර්ගයේ ඇමතුම් ගැනීමේ සහ ලබාගැනීමේ පහසුකම පමණක්  ඇති දුරකතනයක මිල එක් ලකෂ විසිපන්දහසක් පමණ විය. ලෝක ඉතිහාසය ගත් කල 1908 දී ඒරියල් මෙලියන් විසින්  වයරයක් සහිත උපකරණයක් පාවිච්චි කරන කෙනෙකු සිතුවමකට නගා ඇත. 1918 දී පමණ ජර්මනිය යුධ කටයුතු සඳහා භාවිතා කරන මිලිටරි කෝච්චි වල පණිවිඩ හුවමාරුකිරීමේ ක්‍රමයක් තිබුණු අතර පසුව එය වැඩි දියුණු වී 1925 න් පසු සියලු දුම්රිය වල සවිකරන ලද පණිවිඩ හුවමාරු පද්ධති තීබී ඇත. පසුව යුද්ධ කටයුතු වලදී භාවිතා කිරීමට ගන්නා දිගු ඒරියලයක් සහිත රේඩියෝ තාක්ෂණය භාවිතා කෙරුනු බොත්තමක් තදකරගෙන සීටීමෙන් එක් එකවරකට එක් අයෙක් සහ එම බොත්තම අත්හැරිය පසු අනෙක් පස කෙනාට සවන් දිය හැකි ජංගම දුරකතනයක් ජර්මනිය විසින් නිපදවන ලදී එහි බර 35 kg පමණ බව සදහන් වේ.

පසුව 1959දී ඇමෙරිකානු පෞද්ගලික සමාගමක් මොටොරොලා වෙළඳ ලකුණ යටතේ තරමක් සැහැල්ලු ජංගම දුරකතනයක් වෙළඳ පලට හදුන්වාදී ඇත. එකල විනාඩියක ඇමතුම් ගාස්තුව ඩොලර් 3.5 හෙවත් අද වටිනාකමින් රුපියල් 700.00ට වැඩිය. පහත ඡායාරෑපයේ දැක්වෙන්නේ මාටින් කූපර් විසින් 1973 මෝටරෝලා ජංගම දුරකතනයක් භාවිතා කරන අයුරුයි.

ඉතිං කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මුල් පෙලේ වැජඹුනු ජංගම දුරකතන සන්නාමයක් තමයි Motorola කියන්නේ. Motorola, Nokia, Sony Ericson වගේ ප්‍රධාන දුරකතන සන්නාමයන් ශ්‍රී ලංකාවේ වෙළඳපලේ ප්‍රධාන ස්ථානයක් ගත් අතර, එහි මුල ස්ථාන වල Motorola නාමය ඉඅළින්ම වැජඹුනා. නමුත් පසුව කල් යත්ම Smart phones ලොවම වැලඳ ගැනීමේදී සමාගම පසින් තිබුනු යම් යම් අඩුපාඩු සහ අත්වැරදීම් නිසා සහ සාපෙක්ෂව අඩු ලාභයක් වෙළඳ නියෝජිතයන්ට හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකා වෙළඳ පල තුල Motorola වලට තිබුණු ස්ථානය කෙමෙන් කෙමෙන් පහළ බැස පසුව ශ්‍රී ලංකාවේ වෙළඳ පල තුල Motorola අලෙවිය පහළම අඩියකට කඩා ගෙන වැටුනේ නියමාකාර ගෙන්ව බෙදා හරින්නෙකු නොමැති වීම තුලයි.

මෙසේ වසර කිහිපයක්ම ගත වී ගිය පසුව, අපට නැවතත් Motorola ගැන අසන්නට ලැබෙන්නේ සුභ ආරංචියකි. ඒ අද දින (ඔක්තෝම්බර් 8) නැවත වතාවක් Motorola ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් එලිදැක්වෙන පුවතයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට නැවත වතාවක් ශ්‍රී ලංකා ජංගම දුරකතන වෙළඳ පල තුල Motorola යන නාමය නිල වශයෙන් ස්ථාපිත වීමට නියමිතය. ඒ සඳහා Motorola ආයතනය සමඟින් අත්වැල් බැඳ ගන්නේ සිංහගිරි ආයතනයයි.

ආරම්භයක් වශයෙන් Motorola G30 සහ Motorola E7 යන ජංගම දුරකතන මාදිලි අද දින එලි දැක්වීමට නියමිත අතර ඔබට එහි සජීවී අත්දැකීම Singhagiri Smartphones Facebook පිටුව ඔස්සේ ලබා ගැනීමට හැකිය.

ඉහතින් දැක්වෙන්නේ Singhagiri Smartphones ආයතනය විසින් පල කර තිබූ දැන්වීමයි.